• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

නිවාඩු කැන්සල්, එනිසා නිහඬ යි!

මේ දිනවල ලංකාවට ගොඩ බැහැලා අත මිට පිරෙන්නට වැඩ. හුස්ම ගන්න තරමට වත් වෙලාවක් ලැබුනේ නැහැ. අවුරුදු දෙකක වැඩවල අනුපූරණය කිරීමට ඇති ප්‍රමාණය සිතා ගන්නටවත් බැහැ. කෙසේ වෙතත් විවේකයක් ලැබුණු සැනින් යමක් සටහන් කරන්නන්. මේ සටහන ලීවේ අපේ රවා සහෝදරයාගේ සටහනක් දුටු නිස යි. ඇමරිකාවේ ශිෂ්‍ය දිවිය වගේ ලංකාවේ නම් විවේකයක් සොයා ගන්නට හරිම අමාරු යි. කෙසේ වෙතත් ඉදහිට මා බස් නැවතුවේ සිටිනා විට හෝ බස්රියේ ගමන් කරන විට ඒහේ මෙහේ දුවන හිතේ සිතුවිලි හෝ කඩයකට ගොඩ වී වඩයක් කන ගමන් අවට බලා දකින දෙයින් සතුටු වන්න; ආස්වාදයක් ලබන්න; මිහිරක් විඳින්න නම් අමතක කළේ නැහැ. තණ ‍කොළ බිස්සක් මත ඇවිදින්න, ගසක සිසිල් සෙවනේ හුළං පොදක සිසිල ලබන්න, කුඹුරක නියරක සිට ගොයම් නලවාගෙන එන මදනල සුවඳ බලන්න, සීතල ම සීතල වතුර පොදක් ළිදෙන් ඇද බොන්න, සෑමදාම උදෑසන කුරුළු ගී නාදෙන් නැගිට, ජනේලයෙන් ගෙයි මායිමේ දවට ගසට මුවා වී ඔච්චම් කරන හිරු දිහා බලන්න තරම් වාසනාවක්, ලංකාවේ මිස කොයි රටේ ඇද්ද?