ලන්ඩන් හිම


පාළු මාවත් වසා වැටුණ හිම
වැතිර අතු මත,
ධවල පළසක විලස

ඝන වායු පටල,
හිම සිසාරා තල්ලු කර පසකට
හිරු රැස සුදු-පබුළු දිදුළුවා
කවුළු කෙළවර සිට තට්ටු කරයි

හිම දහරෙන් සීත වූ නුවර,
පාළු වීදී, ගුලි ගැසුණු විහගුන්
සෙමින් ඇදෙන වාහන
හිමහි මතෙන් වෙරි වී
ඒ මේ අත වැනෙන ජනයා

හුස්ම හිර කරන ශිත වායු කදම්භ
පාද ‍ශීතෙන් මිරිකා
ඇඟිලි හිරිවට්ටා
පපුව හිර කර
මුහුණ රළු කොට
ඇස් බොඳ කරවයි
වැදී මෘදු හිමෙන්

සුළ‍ඟේ පාවෙන්නට තනා
පහළ ට වැටෙන හිම
අතු පුරා, ගස් වසා
පොළොව පිට වැටී,
තණ වතු පිටි සුදෙන් වසාලයි

මරණය...
ජීවතුන්ගේ ලොව වසන ලෙද
ඉතිර පැතිර ධවල සුද

දෙදිනකඳු පවැත
හිරු රැසින් දිය ව
වතුර දී, ගලා ගොස්
වියැකේ. . .

[මෙහි "වසන" යන ක්‍රියා පදය "වැසීම" සහ "වාසය කිරීම" යන අරුත් දෙකින් ම යොදා ඇත]

සුවදෙන කළණ මිතුදම්


එංගලන්තයේ ලන්ඩන් නුවර මේ දවස්වල අධික ශීත කාලයක් පවතින අතර, එදිනෙදා වැඩ කටයුතු හා ශීතල අන්තර්ජාලයේ වැඩි වේලාවක් ගත කිරීමට අවස්ථාවක් නොලැබේ. කෙසේ වෙතත්, ලන්ඩන් නුවර සිරි නරඹන අතරතුර, වසර දෙකක් පුරා මා සමඟ ඇමරිකා ජීවිතය දීප්තිමත් කළ මගේ මිතුරන් හට කෘතගුණවේදී ව තුති පිදීමට කවියක් ඉංගිසියෙන් ලිව්වෙමි. එහි මූලීක පැදි පෙළ සඳහා සැමුවෙල් ටෙලර් කොල්රිජ්ගේ "යූත් ඇන්ඩ් ඒජ්" කවියෙහි බොහෝවිට උදෘතයට ගන්නා වූ පදකොටසක් වටා, මුළු පැදිපෙළ ම ගොඩ නැගී ඇත. මෙහි මූලීක තේමාව මිතු දම වෙහෙස නිවන සුරක්ෂිතාව දෙන වෘක්ෂයකි. පහත දැක්වෙන්නේ මගේ මිතුරන් උදෙසා ලියූ පැදි පෙළ යි:


The trees pose shades on the silent waters

to whom that waits, giving refreshment and grace

in the scorching heat, the sweat, the weary

in an incandescent summer day

under such freshly shade of trees,

cool and breeze, covered with dark mellow ,

takes away that incant hate,

the thrust, the break of rest,

and gives a glimpse of soothing bliss . . .

It is true, which often said,

"Friendship is a sheltering tree"

Yes, that is true,

Surely, I agree

like . . .

you to me!


සමුදීම



දකින්නට පෙර හිටන්
හිතේ වූ අමනාපෙන්
ඇනුම් බැනුම් - රැවුම් ගැරහුම්
තෙපල තෙපලා
දෑ වසරක ඳු පුරා...

දහසකුත් මේ - සිත් පාරන
බැන වැදුම් - රැවුම් ගැරහුම්
ඉවසා දරා
නුඹ හුන්නා නිහඬ ව...

හිත් බිඳි තන්හි මා
පාළුවට ළං ව හිඳ
බෙදා දුක් - අඩක් ගෙන
තූනී කර - හිතේ බර
නුඹ හුන්නා නිහඬ ව...

තවත් දෙ දිනකින්
මෙතුත් දුන් නුඹ මට
හොඳ හිතට තුති පුදා
ඇමරිකන් සුළු මව්ණි
හැරපියා මා නුඹ
යමි උරුම - මගේ තුරුළට
මට පුරුදු උණුහුමට

මගේ මව්... මගේ මව්...
හැරපියා මා නුඹ
මගේ මව් වෙතට යම්!

මගේ කුළුඳුල් ඉංග්‍රීසි කව් පෙළ: "Just follow on?"

මේ දවස්වල මගේ අධ්‍යපන කටයුතු අවසාන කර, නැවත ගම රට බලා පැමිණිමට අවශ්‍ය දෑ සුදානම් කරමින් සිටින්නේ. දිවා රෑ දෙකෙහි සැහෙන පමණ නිදි නැති ව, වැඩ අවසාන කරන්නට අත දිගහැර වැඩ කරනවා. ඒ අතර මට සිතුනා ඉංග්‍රිසියෙන් කවියක් ලියන්න. සිංහලෙන් කවි ලියන්න පහසු වුවත්, ඉංග්‍රීසියෙන් කව් ලීවීමට තරම් ඉංග්‍රීසි දැනුම මදි. එහෙත් පළමු උත්සහය ඉතාමත් සාර්ථක උත්සයක් වුණා. ඔබේ රස වින්ඳනයට මෙන්න එය . . .

Just follow on?
by Ravin Caldera


Where are you?

Now, you mean?

I don't know!


I looked at the winding roads

on a dividing pike

as far as I could see

No end at sight

Then, took the least interested


I felt, it felt, rather,

I am something - I am nothing

I am everything - for a moment!


Just follow on - as far as it takes

Where does it go?

No one knows, I suppose . . .


Just follow on - to the end . . .

as far as I could see,

as far as I could go

as far as it goes

But, is there an end?

No, I suppose not!



whining, whining, whining . . .

Why whines all along?

Just follow on -just follow on . . .

No end at sight!

are we lost?

I don't know!

But, just follow on . . .



ඔබට හිතෙන දෑ සටහනක් තබා යන්න. මා මෙහි අදහස් කරන්නේ කුමක්දැයි ඔබට සිතෙන ලෙස සටහනට ඇතුලත් කළොත් අගනේ ය. ස්තූතියි!

දිය උල්පත්


කඳු මත පිවිතුරු දිය උල්පත්

වටා නැගෙයි වන මංපෙත්

පැමිණි කල මහමං

අත් හැරෙයි ඒ මංපෙත්

මනහර වූ උල බුබුළ

සැඟවීයයි මිනිස් ඇසින්

ගැවසී වල කටු ලැහැබ්


ග්‍රීෂ්මයේ මග යන්නෝ

පිපාසයෙන් පැන

මහමඟින් පිටතට

අතැරුණු උල්පත් සොයා

පාදා වල කටු ලැහැබ


ඒ දෙසට නෙතු යොමා

පැහැදිලි දිය මත වැටි

හිරු, අහස, කඳු අවට සිරිද

ස්ව-ඡායා දෙස බලා


සුනිල දියපොදින් සැනැහී

අනුනු ද ඒ සොදුරු තැන්

නොදැනීම පාපයකයි ඉටා,

සතට කිව යුතුයි සිතන මුත්

අමතක කරයි පසුව එය


ජීවිතයෙත් මෙවන් ය

එහෙත් එය ජීවිතය යි.


-ගුරු ගීතය පොතෙහි මා සිත් ගත් කොටසට පෙරවදනක්.

විරසක නො විරසක


පාළු මාවතේ

අත්වැල් ලා

කිහිරි හිරු රැසේ

දුර කතර ද නොතකා

ඇවිද ගියා

අනන්තයේ මංමුලා වී


නුඹ හා මා

පෙමින් වෙළි

මුළු ලොව ම අමතක කොට

එකට බැඳී නෙතින් යුතු ව

හදවතින් දොඩමළු වී ය


ඝෝෂාකාරී භෝජුන් හලේ

බංකු කොණක ගුලිගැසී

සුරතල් තෙපලු මැද

පාවෙමින් අනාගත නුඹකුස

තනි වුනෙමු අප දෙදෙනා


ආදරවතුන්ගේ දින එදා

මගේ හදවත රනින් තනා

බැන්ඳා මම නුඹ ගෙල වට


එහෙත් එය අද මෙන් මට

මතකය දූරාතීතයේ

සිහිනයක් සේ බොඳ වූ


මාවත් සංදියක

තති කළා නුඹ මා

මගේ මවගේ අකමැත්ත

මගේ පෙමේ උණුහුමට වඩා

රිදිවන්න ඇති නුඹ


එහෙත් නුඹ වෙනුවෙන්

තන්නට නිවෙසක්

අපේ දරු මල්ලන් සමඟ

කරන්නට එය කැඳල්ලක්

සිහින මවමින් උන්නා මම


ඇයි නුඹ නොපැමිණියේ

මගේ පෙම්බරියේ

පළමු දින, දෙවන දින,

තෙවන දින, සිව්වන දින

සතිය පුරා. . .


මා තනිකර හුදකලාවේ

අදුරු මාවත් කොණක සීතලේ

නුඹ එනතුරු

හෝරා ගණනක්

හිතෙන් අඬමින් හුන්නා

අවසන් රෑ බසය තුරා


අවසානයේ මා සිතුවා

නුඹ විරසක බැව් මට

එහෙත් ඇයි නුඹ

විරසක නොවුයේ මා සමඟ

ඇයි කතා නොකර හඬවා මා

සැඟ වූ පෙමෙන් පෙම් කළේ මට


අපේ වෙන් වීම අසා

නුඹේ පියා, මා සහෘර්දයා

බිඳි හිතේ දුකින්

අකාලයේ මියැඳුණේ ය

පවරා දොස නුඹට


උකස


අන්ධානුරාගී චින්තනය
සමාජ මෝහාන්ඳුර
අත්බැඳි අලස ජනයා
දීන දේශපාලුවට හේතුව

පිසදා නුවන් නිදි ගැට බිඳ
කවුළු හැරී මනසින්
අවදි වූ විචාරයකින්
බලනුව වට පිට

සබඳ. . .

මේ උකසට තනනුයේ
රටේ මතු පරපුරෙහි
අනාගතය යි.

-රවින් කල්දේරා (2009) .

අගනා තිළිණයක් වූ විවාහය


මගේ නිර්මාණ පිටුවෙන් කලාවට බාහිර විෂයක් ගැන කතා කිරීමට සිත් විය. අකමැත්තෙන් වුව ද, මෙහි වටිනා කම සලකා මම මේ ඉඩ මෙම ලිපිය සඳහා වෙන් කරමි.


මා ජීවත් වන ඩලස් නුවර ජනග්‍රහණයෙන් 40%-60% පමණ ප්‍රමාණයක් තනිකඩයෝ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් 40%-50% ජනග්‍රහණයට අයත් වන්නේ අවිවාහක ලෙස ජීවත් වන පුද්ගලයන් ය. ඔවුන්ගෙන් 70%වක් ම මෙන් නිවාස ගැනුම් කරුවන් ය. ඇමරිකාවේ අවිවාහක ව තනිව ජීවත් වීමේ සංඛ්‍යව ඉහළ යෑම දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. එයින් ප්‍රබල ලෙස බලපෑමට පත් වන්නේ ජනග්‍රණ වර්ධනය යි. වයසට යන ශ්‍රමබලකාය පිරවීම සඳහා පුරවැසියන් අහිමි වීම නිසා ආර්ථික වශයෙන් ද, මෙය ගැටලු කාරී තත්ත්වයන් ඇති කරයි. යුරොපයේ සහ ජපානය වැනි රටවල, ආණ්ඩුව විසින් දිරිදිමනා දෙමින් පුද්ගලයන් විවාහයට යොමු කරති. ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ යන තනිකඩ සංඛ්‍යාවය එක් හේතුවක් ලෙස ගැනිය හැක්කේ බිඳි පවුල් සංස්ථාවන් ය. දික්කසාදයන් හා ද්වේශ සහගත ලෙස දරුවන් හා විවාහක සහකරු හැරයාම් නිසාත්, ඇතිවන සමාජ ව්‍යසනයන්ගේ ප්‍රතිපලයක් වන්නේ විවාහය තික්ත වීම ය. මෙහි ආසන්න වශයෙන් විවාහ වලින් 50% අවසන් වන්නේ දික්කසාද වීම් මගින් ය. ඒ හෙයින්, බොහෝ යුවල එක්ගෙයි විසීම කරන අතර, නෛතික ලෙස විවහා වීමට අපේක්ෂා නො කරති. අවුරුදු කිහිපයක් මෙසේ වෙසෙමින් අවසානයේ විසිර යති. විශේෂයෙන් පිරිමි පාර්ෂවය හට ලිංගික සංතෘප්තිය ලැබෙනම්, ඉන්න හිටින්නට සහ සලකන්නට කතක් වේ නම්, ඔවුනට විවාහයක් අවැසි නැති. අනෙක් අතට, කාන්තාවන් හට ද, ස්වකීය සුරක්ෂිත බව සැලසේ නම්, ඔව්හූ ද මෙසේ ජීවත් වීමෙන් තෘප්තිමත් වෙති. උසස් අධ්‍යාපනය, රැකීරක්ෂාවන්ගේ ඉහළ තනතුරු සඳහා පොරය, හොඳ සශ්‍රීක දිවිපෙවෙතක් සඳහා වූ අපේක්ෂාව, ආදී බොහෝ සාධක විවාහ ප්‍රමාද කිරීම සඳහා නිදහසට කරුණක් කර ගනු ලැබේ. ඇමරිකාවේ නම් පළමු විවාහය සඳහා කන්තාවගේ වයස අවුරුදු 26-35 දක්වා ඉහළ අගයක් ගනී. බොහෝ විට පළමු විවාහය සඳහා ඇතුලු වන්නන් හට දරුවෙක් සිටීම දැන් සාමාන්‍ය කරුණකි. අනෙක් විවාහය කල් දැමිමට හේතුව තනකඩයකු වශයෙන් ඇති ස්වාධිනත්ව ය යි. ඇමරිකානු ජන සමාජය තනිපුද්ගලවාදී, ආත්මාර්ථකාමි සමාජයකි. සැමවිට ම, පුද්ගලයන් සිතන්නේ තමුන් ගැන පමණකි. ඒ හෙයින් ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් නිර්ණය කරන සාධකය පෞද්ගලික සැප විහරණය යි. එයට දරුවන් භාධාවක් නම්, හෝ විවාහය තුළ “ප්‍රීතිය” තවදුරටත් භුක්ති විඳිය නොහැකි නම්, එසේ ප්‍රීතිය සපයන අය වෙත ඔව්හු හැරෙති. එහෙත් විවාහය, ශාරීරික මානසික හා ආත්මික වෙනස්කම් ඇති කරන සම්බන්ධතාවයකි.

පහත මා විසින් දක්වන්නේ විවාහය තුළ ඇතිවන කායික හෝමොනමය බලපෑම යි:

රූපය: හෝමොන වර්ධනය

හෝමොන පිළිබඳ පර්යේෂණයේ නියැලුනු විද්‍යාඥයන් විවාහ ජීවිතය තුළ ඇති වන විවිධ වූ හෝමොන විපර්යාස පිළිබඳ ප්‍රධාන හෝමොන තුනක වෙනස් වූ ක්‍රියාකාරකම් හඳුනා ගෙන ඇත. සිත් බැදීමේ ‍සිට පළමු අවුරුදු තුනක කාලය දක්වා පෙමින් වෙලී සිටින යුවලගේ අසාමාන්‍ය වර්ධනයක් ලෙස ඇඩ්රනලීන් හෝමොනය පවතින අතර, මෙයින් දෙදෙනා හමූ වූ විට, ඇති වන අධික හෘද ක්‍රියාකාරීත්වය, ආවේගාත්මක හැගීම්, ශාරීරික උත්තේජනය ආදී ශාරීරික උද්වේකර තත්ත්වයන්ට හේතු වේ. ඇඩ්රලනින් ක්‍රියාකාර්ත්වය නිසා අධික කාමාශාව හා රාගීකක බැදීම වැඩි වේ. ඒ හෙයින්, පළමු අවුරුදු 3-5 දක්වා ඇතිවන ලිංගික සම්බන්ධතාවන්, එතැන් පසු මරණය දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ඇති වන කායික සම්බන්ධතාවයන් ප්‍රමාණයට වඩා සංඛ්‍යත්මක ව වැඩි ය. අවුරුදු තුනක පමණ කාලයක දී, ඇඩ්රනලීන් හෝමොනයේ ක්‍රියාකාරීත්වය පහත වැටෙන අතර, එන්ඩොෆින් නම් දෙවන හෝමොනය රුධිරයේ බහුල ලෙස හට ගනී. මෙයින් මානසික වශයෙන් සුවතාවක් හෝ ප්‍රීතිමත් ස්වභාවයක් ස්වකීය විවාහක සහකරු හෝ සහකාරීය සමඟ සිටින විට ඇති වේ. අවුරුදු 7ක් පමණ වන විට තෙවන හෝමොනය වන ඔක්සීටොසීන් හෝමොනයේ ක්‍රියාකාරීත්වය ඇති වේ. මෙම හෝමොන වෙනස් වීමේ දී “සත් අවුරුදු සාය (7 year Itch)” හෙවත් විවාහයේ ඇති එකාකාරීත්ව හැඟීමක් ඇති‍ වේ. එහෙත් තෙවන හෝ‍මොනයේ ක්‍රියාකාරීත්වය සමඟ බැදීම වැඩි වර්ධනය වේ. ඔක්සිටොසින් හෝමොනය මව්කිරීවල අඩංගු සංඝඨකයකි. එයින් ළදරුවා සහ මව් අතර බැදීමට පාදක‍ වේ. අවුරුදු 7 සිට ජීවිතාන්තය දක්වා ඔක්සිටොසින් හෝමොනය ක්‍රියාත්මක වන අතර, එයින් විවාහක යුවල අතර දැඩි බැදීමක් ඇති වේ. මෙසේ අවුරුදු 30-50 පමණ එක්ට ජීවත් වෙමින් සිටින යුවලකගේ එක් සහකරුවකුගේ මරණය සමඟ ‍බොහෝවිට අනෙකා ද, වසරකට ආසන්න කාලයකදී මියයෑම සිඳුවන්නේ මෙවැනි දැඩී ශාරීරික, මානසික හා ආත්මික බැඳීමක් නිසාවෙන් ය.

ඒ හෙයින් විවාහය යනු ඉතා සුවිශේෂි මානව සම්පත ලද තිළිණයකි.

මගේ ආදරණිය ක්ෂිතිජය


උයන් බංකු කොන
පියකරු මදහසෙන් මුව සරසා
මා ඔබ දුටුවා අද. . .

ඔබ ආදරණිය ක්ෂිතිජය
මා මේ සයුරු ඉම
ළං වන්නට කිසිඳා
නො හැක සදහට ම. . .

අනේ දෙවියනේ. . .

දිය මත වැටුණු සෙවනැලී: පළමුපරිචය

ඇමරිකානු දිවිය හුදකලාවෙන් ගැවසී ගත්තක්; සමහරු හුදකලාව, කලාවක් කර ගත්ත ද මට නම්, එය මහා ම මූසල තනිකමක්. තනිය මැකෙන්නත් තෙක්ක මම අවුරුදු පහක ව්‍යාපෘතියකට අත ගැසුවා. ඒ නව කතාවක් ලියන්න--මා ලියු වැකි කියව කියවා සංස්කරණය කිරීම අතිශයින් චමත්කාර ජනක යි. මාස කිහිපයක් කොටසින් කොටස ලියලා, යනතමට පළමු පරිච්ඡේදය ලියා අවසන් කළා. ඉන් පසුව අවසන් කළේ අවසාන පරිච්ඡේදය යි. මැද කොටසේ අන්තර්ගතය 50%-60% පමණ කර ගන්නට පුළුවන් වුණා.දැන් මුළු කතාවට ම දළ සැකිල්ලක් තිබෙනවා. මගේ අරමුණ පරිච්ඡේද එකින් එක අවසන් කරන එක.

ඔබගේ රස වින්දනට පළමු පරිච්ඡේදය මෙහි සටහන් කරන්නට සිතුවා--අදහස් තිබෙනවා නම් සටහන් කර යන්න. මෙහි ප්‍රධාන චරිතය 'ලීලා' නැමති කාන්තාවක්, එකී නම මුල් ම සිංහල නවකතාව ඇසුරින් සැකසුවා. නමුත් සමහරු ඒ නමට කැමති නැහැ. හොඳ නමක් තිබෙනවා නම් යොජනාවක් කරන්න. . .



1

දෙවැනි මව්




කදු වළල්ලෙන් වට වූ පිටිසර ගම්පියසක, මීදුමෙන් ගැවසී ගත් හිමිදිරි උදෑසනක චමත්කාරය නිදිසුව විඳි දෙනෙතින් සැඟ වී තිබේ. රාත්‍රී පින්නෙන් තෙමුණ තණ මත, නැගෙන හිරු එළිය දෙදුණු වර්ණ ඉහිරවමින් දිලේ. හිරු වැටී පණනල ලැබ, කඩිසරින් මලින් මල යන බිඟු ද, ඒ මේ අත පියාසරන කෘමී ද, ඉසිරිනු දියමන්ති මෙන් පින්නෙන් සැරසුණු මකුළු දැල් ද, දවසේ පළමු ගොදුර සොයන වෙර දරන විහගුන් ද මේ නැවූම් සිත්තම තව තවත් සොදුරු කරයි. ගම්මැද සුදු හුණු ගෑ, කටුමැටියෙන් අඩක් ද, සිමෙන්තියෙන් ඉතිරිය ද නිම වූ ගෙයකි. එහි කුස්සියේ තෙත් වූ වහල මත හිරු රැස් පතිත වද්දී, කාන්තිමත් හිරු එළිය සිසාරා වහල මතින් හුමාල දුම් නැගේ.


උදෑසන ම අවදි වූ ලීලා, කුස්සිය දෙසට පියවර මැන්නා ය; රාත්‍රීයේ පත්තු කළ ලීපෙහි අළු යට නිදා හුන් ගිනි අගුරු අවදි කොට, පාදා පොල් කොළ රැණක් වකුටු කොට එබුවා ය. දුම් නඟමින්, සට සට හඬ නඟන පොල් කොළ ගොන්නට, හනුසු කිහිපයක් ද, දර කැබලි දෙකතුනක් ද ළං කොට, ඇස් වසා ඈ වේගයෙන් පිබ්බා ය. දෙවනි වර, පිඹින්නට තනන විට, ‍පොල් කොළ බිඳ ගෙන, ගිණි දැල් පැන මතු වි ය. ගත් දිගු හුස්ම හෙලූ ඈ, දර කැබැල්ලකින් ලිපේ ඇවිලෙන පොල් කොළ රෑණට ඇන්නා ය.


මල්ලි නැගිට ඇවිත්, වංගෙඩිය මත හිඳ, අත් බැඳ කේතලය දෙස බලා හුන්නේ ය. ඔහුගේ හිස කේ අවුල් වී, ඉත්තෑවෙකු ‍ගේ පිට මෙන්, ඉහළට එසැ වී තිබිණි. හරි හරියට ඇවිලෙන, ලිපෙහි ගිණි දැල් සලිත වන අයුරට ම මල්ලි කකුල් වනමින් ඒ මේ අත වැනේ. ලීලා විසින් හැරි ජනේලය හරහා හිරු රැස්, කොහොඹ තුරු අතුරින් කුස්සිය දෙසට එබි බලයි. ලොකු කර ගත් දැස් එක් අතකින් පිරිමදිමින් ද, අනෙක් අතින් පහළට වැටෙන කලිසම අල්ලා ගනිමින් නංගී කුස්සියට ඇදේ. ඇය ලිලා ළඟට විත්, ඇයගේ ඇඟට හේත්තු වුණා ය. ලීලා අනෙක් අතින් ලිපට අනින ගමන්, නිදහස් අත ගෙන නංගීගේ ‍බොකුටු කෙහෙරැලි අත ගැවා ය. සෙනෙහසින් නංගි ලීලා දෙස බලා සිනාසී තව තවත් ඇයට ළං වූවා ය.


ලීලා දෙවැනි මවක වූයේ, ඇගේ මව ගේ මරණනේ පසු ය. ඇය උසස් පෙළ විභාගය සමත් ව, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට සිහින මවමින් සිටියි. එහෙත් මව නැති අඩුව පිරිමසන්නට ඇයට සිඳුවි ඇති බැවින් ඇයගේ සිහිනය මදකට කල් තබන්නට සිඳු විය. මදක්? හ්ම්...සමහර විට ඇගේ සිහිනය සදහට ම බොඳකර හරින්නට සිඳු වනු ඇත.


"අක්කේ තේ හදන්නේ නැද්ද?" නො ඉවසිල්ලෙන් කේතලය දෙස බලා හුන් මල්ලි ගොරනාඩු දැම්මේ ය.


"හදනවා... හදනවා... පොඩ්ක් ඉවසලා ඉන්න...කෝ... හලෝ!" ලීලා බොඳවූ සිහින පසක ලා, නැගිට තේ හදන්නට සැරසුනා ය.


"කෝ තවම වතුර උතුරලා නැනේ...ඔය හදිස්සියට වතුර උතුරන්නේ නෑ..." ලීප ළඟට ළං වෙමින් ඈ කී ය.


ලිප් ගින්දර, බූර බූරා තරඟයට පොර කමින් කේතලය වේලා ගනී. ගින්දර ඇඟිලි වැද, ඒ ස්පර්ශයෙන් කිතී කැවී, කේතලය ලිප මත ම, ඒ මේ අත වැනේ. කේතලය දෙසම බලා, ඈ අතින් ලිපට දර කැබැල්ලක් ළං කළා ය. හිස ඇද කොට, මල්ලී දෙස බැලූ ඇය, මල්ලි දෙසට ළං ව, ආදරෙන් හිස පිරිමැද්දා ය. ඇගේ අත හිස කේ මත, වදිද්දී ම, මල්ලීයා ලැජ්ජාවෙන් මෙන් වකුටු වුණේ ය.


"පුහ්... මෙයාගේ ආඩම්බර..." නොක්කාඩුවටට මෙන් ලීලා මල්ලි දෙස බලා ඇද කළා ය. මල්ලීයා තව තවත් වකුටූ විණ. එක වරම ‍ඈ දැත් බදා, මල්ලිගේ හිස හා මුහුණ තදින් බදා ගත්තා ය. සෙලවෙන්න තබා, හුස්ම ගන්නට වත් මල්ලිට නොහැකි වි ය. දැඩි සේ වෙර දරමින් ලීලාගේ ග්‍රහනයෙන් මිදෙන්නට ඔහු උත්සහ කළත්, ලීලා ගේ ශක්තිය පරදා නැඟී හිටින්නට ඔහුට නොහැකි විය. සියල්ලට ම වඩා නො සිතූ වෙලාවක, හිස මත වැටුණු හිරය නිසා මල්ලි දැඩි අපහසුවකට පත් වුවේ ය.


"අක්කේ නිකං ඉන්න කෝ..." කර කියා ගත නොහැකි ව මල්ලි කෙදිරි ගෑවා ය.


"හරි... හරි... යටත්.. යටත්..." මල්ලීයා දැඟලීම නවතා කීවේ ය.


"අන්න එහෙම එනවා..." ලීලා හිර කළ දෑත ලිහා, සෙමෙන් මල්ලීගේ හිස කේ ඇඟීලි තුඩින් තෙවරක් පිළිවෙලට පිරා, සියුම් ලෙස ටොක්කක් ඇන්නා ය. තවත් මොනවයින් මොනවා වෙයි දැයි නොදත් මල්ලි නිහඬ ව, නිසල ව, බොනික්කෙකු මෙන් ගොළු ව සිටියේ ය.


ගින්නෙන් බැට කා, දුම දමමින කේතලය ලිපෙන් එලියට පනින්නට තැත් කරනු දුටු ලීලා, වහාම එහි වේදනාව පහ කරන්නට මෙන් ලිප් ගින්දර නිවා දැමුවා ය. කේතලයේ හොඬින්, දිගින් දිගට සුදු වර්ණ හුමාලය නික්මේ. ඈ විගසින් තේ සාදා මල්ලීයා ට දුන්නා ය; පසුව නංගිටත් වත් කළා ය. ඇය තේ බොන අතර, හාල් ගරා ලිප තැබුවා ය. මල්ලීයා නංගි සමග මුහුණ සෝදා කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් වි ය. ඉක්මනින් දෙහි දමා පොල් සම්බොලයක් තැනූ ඈ, මල්ලීට බෙදා දුන්නා ය. ඇය පොල්සම්බොලයෙන් කොටසක් දවාලය සදහා ඉතිරි කර දිසියකට දමා, පොල් සම්බොලය තැණු වලදට බත් දමා නංගි ළං කොට, නංගිට කවන ගමන් ඇයත් කෑවා ය.


බෙදූ බත් පත විගසින් ගිල දැමූ මල්ලි, අත් සොදා, බෝල ගසන්නට පිත්ත අතට ගෙන ‍සෙරප්පු පැළඳ ගත්තේ ය.


"මල්ලී...මං දවල්ට කෑම අරන් තාත්තා බලන්න යනවා...දවල්ට කෑම බෙදා ගෙන කනවා....හොදේ!" ලීලා හරිබරි ගැසි පාසල් පිටියට දුවන්න තනන මල්ලීයා ට කී ය.


"හා...හා..." තොප්පිය අතට ගෙන දිව යන ගමන් උවමනාවට එපාවට මල්ලි කී ය.


මල්ලී ගිය පසු ලීලා, "මොනව ද අද උයන්නේ?" තමාට ම කියා ගත්තා ය. "තක්කාලි ටිකක් දමලා මිරිසට බිත්තර හොද්දක් හදනවා" නංගි දෙස බලා කී ය. එහෙත් නංගි කිසිවක් නොකියා ම ලීලා දෙස උනන්දුවෙන් බලා හුන්නා ය.


ලීලාගේ මව් ඔවුන් අතහැර ගියේ දැනට වසර තුනකට පෙර ය. පියා හැකිසේ මව් නැති අඩුව පුරවන්න කටයුතු කළේ ය. ලීලා ද, උයා පිහා, ගේදොර කටයුතු කරමින් පියාට උපකාර කළා ය. පියා අනියම් ගොවියෙකු ලෙස වත්තක වැඩ කළේ ය. වත්ත අයිති මහත්තයා ලීලාගේ පියාට හොඳින් සැලකුවේ ය; ඔහු වෙන ම අක්කර එකහමාරක බිම් කොටසක් ලීලාගේ පියාට වෙන් කර දී තිබිණි. එහි මුළු අස්වැන්න ම මුදියන්සේට අයිති වි ය. ලීලාගේ පියාගේ නම මුදියන්සේ දිසානායක ය. ඔහු ජිවනෝපාය වූයේ ගොවිතැන ය. මුදියන්සේ මුලින් තම වගා කටයුතු කළේ පවුලේ ඉඩමේ ය. එහෙත් ලීලාගේ මවගේ අසනිපය හා විවධ ආර්ථික හේතු නිසා, එම ඉඩම සිය නෑදැයකුට උකස් කරන්නට සිදුවිය; එම උකස් ගෙවා ගත නොහැකි ව, අවසානයේ ඉඩම සින්න වි ය. එහෙත් ඒ ලේ නෑයා මුදියන්සේ ජීවත් වන තුරු ඔවුන්ගේ නිවසේ විසීම ඉඩ හැරීයේ ය.


ලීලාගේ පියා සෑම උදෑසනකම හිමිදිරියේ වත්තට යයි. හිමිදිරි උදෑසන සිට හිරු අවරට යන තුරු වත්තේ එළවළු වගාව සාත්තු සම්පායම් කළේ ය. වත්තේ මහත්තයා ද මුදියන්සේට දී තිබූ බිම් කොටසට අවශ්‍යවන බිජ, පොහොර, කෘමිනාශක ආදි වියදම් දැරුවේ ය. එහෙත් ඔහු ඒ වියදම් අස්වැන්නේන් අඩු කර ගත්තේ නැත. මුදියන්සේ කැමති පුද්ගලයකුට අස්වැන්න විකුණා ලාභ ලබා ගැනීමට ඉඩ දී තිබිණි. මුදියන්සේ හා වත්තේ මහත්තයා එක් ව, අක්කර දහයක වත්ත ම එළවළු වගාවෙන් පුරවා තිබිණි. දෙදෙනා එක් ව, පොළව කොටා පාත්ති සකස්කොට, අවශ්‍ය බිජ හෝ පැල ඉන්දවා ආදරයෙන් සාත්තු සම්පායම් කළේ ය. මුදියන්සේ දිවා ආහාරය ගැනීමට පුරුද්දක් ලෙස නිවසට පැමිණේ; සමහර දිනයන්හි මහත්තයා සමග මුදියන්සේ දිවා ආහාර වත්තේ ම ගත්තේ ය.


අම්මාගේ මරණයෙන් පසු ලීලා වත්තට ගියේ නැත; එයට හේතුව වූයේ ගේ දොර කටයුතු බහුල වීමත්, උසස් පෙළට සූදානම් විමත් නිසා ය. දැන් විභාගය අවසන් ය; ප්‍රතිපලත් පැමිණ ඇත. පාසල් නිවාඩු කාලය බැවින් නංගි පාසල් ගෙන යාමටත් අවශ්‍ය නැත. ඒ නිසා පාළුව මැකෙන්නට වත්තට ගොස් නංගිත් පියාත් සමග බත් කන්නට ඈ සිතුවා ය.


ලීලා පිදුරු වලින් ගැවසී ගත් බිඳී වළඳින්, බිත්තර හතරක් ගෙන දිය මත තැබුවා ය. බිත්තර දැමු වළඳ අසල හං වූ අල ගෙඩියක් ඈ දෙස උපේක්ෂාවෙන් බලා හුනේනේ ය. "ඔහේ...කමක් නෑ...අල ගෙඩියකුත් දානවා...නැත්තම් මේක නරක් වෙයි" ඈයට ම කියා, අල ගෙඩිය ගෙන වතුරට දැම්මා ය. බිත්තර තැම්බෙන තුරු වත්ත පහළට ගිය ලීලා වට්ටක්කා දළු කිහිපයක් ද, ඒ මල් ද කඩා ගෙන පැමිණියා ය. වට්ටක්කා දළු හා මල් තෙලට දමා, තුනපහ ආදිය දමා, පොල් කිරි ටිකක් දමා සිදෙන්නට හැරියා ය. තැම්බු බිත්තර ඇල්වතුරට ලා නිවෙන්න හැර නංගි සමග බිත්තර කටු හැර, තක්කාලී හා මිරිස් තුනපහ දමා, කිරිහොද්දක් තනා බාගෙට පැළු බිත්තර ද, තැම්බූ අල ගෙඩිය ද එයට දමා පිස ගත්තා ය. යහමින් බත්, පොල්සම්බෝල, වට්ටක්කා දළු මාලුව, හා බිත්තර ඒ ඒ බදුනට දමා, තාත්තා සමග දිවා ආහාරය ගැනීමට වත්තට යන්නට කඩසර ලෙස සූදානම් වූවා ය.


"නංගී වත්තට යන්න ලෑස්තිවෙන්න" නංගිට ඈ කුස්සියේ සිට කීවා ය. ලීලාගේ හඬින් අවදී වූ නංගි, සෙල්ලම් පසක ලා, ගේ හරහා කාමරයට දිව ගොස් ගවුමක් ඇඟ ලා ගත්තා ය.


ලිප ගින්දර තව ම පත්තුවේ; ඈ ලිප ළඟට ගියා ය. නොක්කාඩුවට මෙන් දැවෙන දර කැබැල්ල ලිපෙන් එලියට ඇද ගත්තා ය.


කෑදර කමින් ඇලී ඇලී දර කැබැල්ල සපනා ගින්දර දැල්ල, ලීලා දෙතුන් වරක් ලිප් බොක්කේ ගසා, හලා දැමුවා ය. ගිනි දැල්ලේ තියුණු දත් පහරින් නිදහස් වූ, දර කැබැල්ල අළු දුම්රොටුවකින් දිගු සුසුමක් පා කළ හැරියේ ය.

ගිනිපෙල්ල වෛරයෙන් රත් වූ දැසින් යුතු ව ලීලා දෙස දෙවරක් ඔරවා බලා, සැනසීමෙන් රතැස් පියා, කාල වරණ ව නින්දට වැටුණේ ය..