
සියුම් වත මියුරු විත හඬින් නිබඳ සැනහෙනාගැයුම් නැත වැයුම් ඇත බැලුම් සකිසඳ නැහැවෙනාබිඟුම් විත රැඟුම් සිත දී සරසරින් හැඬවෙනාතරම් සිත පියුම් ලෙද සසලිත වී නැළවෙනා

සියුම් වත මියුරු විත හඬින් නිබඳ සැනහෙනාගැයුම් නැත වැයුම් ඇත බැලුම් සකිසඳ නැහැවෙනාබිඟුම් විත රැඟුම් සිත දී සරසරින් හැඬවෙනාතරම් සිත පියුම් ලෙද සසලිත වී නැළවෙනා

මා කැන්ටිම දෙසට ගමන් කරන විට, මා නෙත ගැසුනේ කෙළවරෙහි හිඳ ගෙන හුන් පුරුදු ගැහැණු රුවකි. ඈ බොල් අහස දෙස නෙත් පාකර හරිමින් සිටියා ය. ඈගේ තියුණු එහෙත් ශෝකී ඇස් අසීමාන්තික ලෙස අහසේ විවිධ දෙසට ගමන් කළේ ය. පෙනුමෙන් ඈ ඈත අතීතයේ සිතුවිලි ගොන්නක් තුළ අතරමං වී සිටිනා සේ ය. මා ඈ ඉදිරියට ම ගියේ ය; එහෙත් හුදකලාවේ අතරමං ව හුන්නා වූ ඈ අතීත ලොවින් නික්ම මා සිටින තත්‍ය ලෝකය වෙත ගමන් කරන්නට විරාමයක් ගත විණ. මා දුටු ඇගේ දෙනෙත් දීප්තිමත් වී, ක්‍රමයෙන් මොට වී දිප්තිය අදුරකට හැරීණ. ඇයගේ වත ද, මෙහොතකට සප්‍රාණික වී, ඒ සැනෙන් ම මුකුලිත වි ය. මා කිසිවක් නූන සේ ඇගෙන් සුව දුක් විචාරා සිටියේ ය. අසල වූ අසුන ඇද, ඇයට ප්‍රතිවිරුද්ධ දෙසින් මා හිඳ ගත්තේ ය. එහෙත් ඈ සිත තුළ ගුලි කර ගත් දුකෙන් යුක්ත ව, සිතට දිරි ගෙන මා හා කතා කළා ය.
ඇයගේ පියමං මා දිවි ගමන හා සබැදුනේ අහම්බෙන් මෙන් ය. එය මා තවෙකුට ලියූ ලිපියක් ඇයට ලැබීමෙන් ය. ඈ ද එය අහම්බෙන් හමු වූවක් නිසා, ඕනෑවට එපාවට ඒ දෙස නෙත යොමු කළා ය. එහෙත් නොසිතූ ලෙසින් ඒ කොළයේ සිත්තම් කර තිබූ අදහස් ඇගේ හදවත විනිවිඳ යන මල්හීසර මෙන් විය. මේ ලිපියේ රචකයා කවුදැයි ඈ තුළ වූ කුකුස මා වෙත ඇය යොමු කළා ය. මා ද ඒ වන විට, එක් පෙමකට සමු දී, විප්‍රයොගයෙන් යුක්ත ව සිටියේ ය. එ බැවින් මම දුක් තුනී කරනු වස්, මගේ ම ලොවක හුදකලා වීමට හුරු පුරුදු වී හුන්නෙමි. විශ්වවිද්‍යාලයේ කටයුතු, දේශන අවසන් වූ සැනින් මා වෙනෙකෙකු සමඟ වචන හුවමාරුවක තබා, හුන් පුටුව ට ද නොකියා ම දේශන ශාලාවෙන් නික්ම ගියේ ය. මේ පුරුද්ද නිසා, මනස්කාන්ත ලිපියේ වචන සිත්තම් කළ මිනිසා, සැබවින් ම සිත් ඇද ගන්නා සුළු අයෙකු දැයි ඈට සැකයක් මතු විය. කල් යත් ම, කාලයා විසින් ඇගේ සකල සැකසංකා අකා මකා දැමීමත් සමඟ ක්‍රමයෙන් වැදුණු මල්හීසර ඈ හදවත තුළ ලියලා දළු ලා නැගෙන්නට වි ය. කෙසේ හෝ මේ කාලයේ ඈ මා හා ලෙන්ගතුකම් ඇති කර ගැනීමට උත්සුක වූවා ය.
දිනක් චිත්ත ශක්තියෙන් හීන ව සිටි මොහොතක ඈ ගැනත්, ඇයගේ යෝජනාව ගැනත් සිතන්ට විය. මේ සිතීම කෙළවර වූයේ ඇයට මා විසින් අවස්ථාවක් දිය යුතු යයි හටගත් අදහසකින් ය. ඒ හෙයින් මා ඇයට කතා කොට, කැමැත්ත පළ කර සිටියේ ය.
ඒ වචන ඇසූ සැනින්, අවුරුදු ගණනාවක නියංසායක් තිබූ භූමියකට අකලට අහම්බෙන් වැටුණු වර්ෂාවක් මෙන්, කාන්තිය සැලී, ප්‍රාණයෙන් ගැසී, අපේක්ෂාවෙන් තැති ගෙන, අමුතු ජීවයක් උපන්නේ ය.
අලුත වැටුණු වර්ෂාවෙන් තෙමුණු, නියංසායෙන් හෙම්බත් පොළොවෙන් විවිධ කෘමිහු ද සතුන් ද මතු වෙති. වැසිදිය ගැලූ ගැලූ අත දියෙහි ඇඟිලි තුඩෙන් තෙත් පොළොව සූරා වැහි ලකුණු තබා ඇත. දිය දොරේ ගලා ගොස් තැන තැන ඇති වූ දිය කඩිතිවල රොක් වන ගෙම්බන් ද මැඩියන් ද වැඩෙන රාත්‍රියේ සීතලය සමඟ තාලෙන් තාලෙට පානා අඬහැරය ආගන්තුක හැඟීම් අවදි කරවයි. පළගැටියෝ ද රැහැයියෝ ද ඇති වූ ප්‍රබෝදයෙන් කුල්මත් ව, ඒ අඬහැරියට අතවැල් අල්ලමින් සංගීතය සපයති. ඉදහිට තාලයට වයන්න, ගායනා කරන්නට බැරි අනෙකෙක් අඬහැරයත්, අත්වැලත් බිඳ තම බෙලෙක් හඬින් හෝ අසංවර වාදනයෙන් පළාත දෙවනත් කරයි. වැසි වැටුණු රාත්‍රී පරිසරය සිසිල් ය; සුකොමල ය; ප්‍රාණවත් ය; ක්‍රියාකාරී ය.
උදෑසන හිරු පොළොව සිඹිද්දී, වැස්සෙන් තෙමුණු අතු අග රැදී දිය බිඳු ද, මකුළු දැල් මත රැදී පිණි බිඳු ද දිලෙන හිරු රැසින් දෙදුණු කාන්ති මවයි. රාත්‍රියේ වැටුණු දියෙන් ප්‍රාණවත් වූ පසුගිය කන්නයේ හැළුණු බීජ, කල් යල් බලා කිරිමුල පොළොවට ගසා, දෙපෙත්ත රැදි හිස ඔසවා තබාගන්නට ආයාසයෙන් තැත් කරයි. උදෑසන හිරු වැටෙද්දී ම තැන තැන සලිත වන සතුන් විගසින් උනුන්ගේ කැදලිවලට ඇදී සැඟ වේ. පොළොව තෙත ය; බුරුල් ය; මොලොක් ය; සජීවි ය; සසල ය.
එහෙත් පොළොව ද සතුන් ද ගස් වැල් ද අමතක කරන්නේ, මේ වැටී පොළොව සශ්‍රික කරන බලාපොරොත්තු දෙන්නේ අකලට අහබෙන් වැටුණු වැස්සක් බව ය. දවාල පැමිණේ; රාත්‍රිය එළැඹේ. තප්පර මිනිත්තු බවටත්, මිනිත්තු පැය බවටත්, පැය දින බවටත් පත් වුව ද, පෙර දින වැටුණ වැහි නැවත වැටෙන්නේ නැත. කලට වැටෙන වැහි මිස අකලට වැටෙන වැසි විශ්වාස නොකට යුතු ය. ටික දොහකින් පොළොව උෂ්ණයෙන් දැවි දැවී, රළු ව තද වී, සුපුරුදු සේ අජිවී අප්‍රාණික වනු ඇත; එය එසේ පාළු වී බොල් වී යනු ඇත. මෙතෙක් ක්‍රියාකාරී උනුන් අක්‍රීය වෙයි; අඩහැරය ද, සංගීතය ද, ඝෝෂක හඬ ද ගොළු වෙයි; සසල සියල්ල උදාසීන වී අලස ව නිසල වෙයි.
ගත වූයේ දිනකි; දෙක කි; තුන කි. ඇයගේ හැසිරීම් හා වචන මට නුහුරු නුපුරුදු විය; ඒවා රුස්සන්නේ නැති තැනට වැඩ කටයුතු යෙදුනේ ය. පැහැදිලි ලෙස දෙදෙනාගේ වෙනස මතු වී, මොරන හිඩැසක් සේ වැඩිණි. තවත් තවත් ඇළුම්කම් පෑම, සෙනහස දැක් වීම මහා මුළාවක් බවට පත් විය. දෙදෙනා අවසානයේ වෙන් වී ඒ ඒ රිසි මාර්ගයන්හි ගිය හ.
දිය නියෙන් තෙත් පොළොවෙහි ඇදී වැහි ලකුණු, වැසි නොවැටී වියළුණු කාෂ්ඨක පොළොව මත කාලයක් පවතින්නා සේ ම, ආදරයේ ආපේක්ෂාවන් බිඳි අයගේ හදවත් කොණෙහි ද අතීත දුක්සංකා රැදී නැතුවා ම නොවේ. කාලය නැමති සුළං හමා වැලි මත වූ වැහි ලකුණු මකා දමනා තුරු ඒ දුක්සංකාවෝ දිගු කලක් පවති.
තේ වඩිය අවසාන වී, අප සමු ගන්නා මොහොත පැමිණි විට, ඇගේ මිලාන වූ මුහුණ දිටි මම, “ඇයි! මොනවා හරි ප්‍රශ්නයක් ද?” ලෙන්ගතු ව ඇසීමි. ඈ දුර්වර්ණ වූ මුහුණින් යුතු ව නිහඬ ව මා දෙස බලා හුන්නා පමණි. ඈ ආයාසයෙන් දුක සඟවා සිනා සෙන්නට උත්සහ කළත්, ඒ සමඟ ම ඇගේ ඇස් කෙළවරේ උණු කඳුළු මතු විණ. ඒ මහා නිහැඩියාව බිඳීමින් මා හා කවදත් මිතුරු ඇගේ ඇස් ශබ්ද නඟා මට කතා කොට, “කෙසේ කියම් ද මම්. . .ඔබයි මා ප්‍රශ්නය බව. . .”’යි කී ය.
දැන් ඉතිං මට දොස් නොනඟා මේ කවිය නැවත කියවා බලන්න:
අසරණ ව උන්නෙමි බලා හිස් අහස දෙස
සපැමිණ ඔබ දුක් වැඩි කරනු මිස
හිඳ සුවදුක් විමසනු
කිසිවක් නූන ලෙස
මා හද වේඳනා වෝ ඉපිලි ඉපිලී
උණු කඳුළු උණයි දෑසට
කෙසේ කියම් ද මම්
ඔබයි මා ප්‍රශ්නය බව. . .

මේ දිනවල ලංකාවට ගොඩ බැහැලා අත මිට පිරෙන්නට වැඩ. හුස්ම ගන්න තරමට වත් වෙලාවක් ලැබුනේ නැහැ. අවුරුදු දෙකක වැඩවල අනුපූරණය කිරීමට ඇති ප්‍රමාණය සිතා ගන්නටවත් බැහැ. කෙසේ වෙතත් විවේකයක් ලැබුණු සැනින් යමක් සටහන් කරන්නන්. මේ සටහන ලීවේ අපේ රවා සහෝදරයාගේ සටහනක් දුටු නිස යි. ඇමරිකාවේ ශිෂ්‍ය දිවිය වගේ ලංකාවේ නම් විවේකයක් සොයා ගන්නට හරිම අමාරු යි. කෙසේ වෙතත් ඉදහිට මා බස් නැවතුවේ සිටිනා විට හෝ බස්රියේ ගමන් කරන විට ඒහේ මෙහේ දුවන හිතේ සිතුවිලි හෝ කඩයකට ගොඩ වී වඩයක් කන ගමන් අවට බලා දකින දෙයින් සතුටු වන්න; ආස්වාදයක් ලබන්න; මිහිරක් විඳින්න නම් අමතක කළේ නැහැ. තණ කොළ බිස්සක් මත ඇවිදින්න, ගසක සිසිල් සෙවනේ හුළං පොදක සිසිල ලබන්න, කුඹුරක නියරක සිට ගොයම් නලවාගෙන එන මදනල සුවඳ බලන්න, සීතල ම සීතල වතුර පොදක් ළිදෙන් ඇද බොන්න, සෑමදාම උදෑසන කුරුළු ගී නාදෙන් නැගිට, ජනේලයෙන් ගෙයි මායිමේ දවට ගසට මුවා වී ඔච්චම් කරන හිරු දිහා බලන්න තරම් වාසනාවක්, ලංකාවේ මිස කොයි රටේ ඇද්ද?

ආදරය යනු නිදි නැති රැයක
බෝඳ සිහිනයකි
දිය මත වැටී සුදු මල්
රැලි අතර නැලැවෙන සේ
සසල සිත මුකුළු කරවන
ආදරය යනු මෘදු මද පවනකි
ගතේ තැවරී, සිහින් සුව දී
විගසින් ඉගලී පියඹනා
නැත නතර වන
සදහට ම ළඟ
ආදරය යනු සිත් ගත් සුවඳකි
කුසුම් දස දහසක් ගෙනෙන
ඒ සුවඳින් මත් ව
සිහින ලොවට ඔසවා ගෙන යන
සුවඳ රොදකි සිත්කළු
ආදරය යනු ඉරමුදුන් දින
නිල් පැහැති කදු වළල්ලකි
නෙත් පුරා, සිත් පිනා
නිසල කරන ගත සිත
ආදරය යනු සුළඟින් නැළැවෙන
පස් පියුමෙන් සපිරි - නිල් විල්තෙරකි
ගතට සිතට නෙතට - සහන් සලා නළවන
ආදරය යනු ගල් මතින් පොපියා වැටෙන
දියළුමකි-දුම්හිඳකි පියකරු
දිය ඉහිරී, සිසිල දී කරන
පහන් සිත් සතන්
ආදරය යනු
කියවා නිම කළ නොහැකි
ලස්සන පොතකි
ආදරය යනු පුන් පොහෝ දිනක
බෝ සිසිලිළාල හඬ මැද
බවුන් වඩන පහන් සිතතක
නිවිසැනැහුම් ආවේගයකි
වචනයෙන් කිව නොහැකි මුත්
සිහින් ලෙස දැනෙන
ආදරය යනු
අමුතු ආගන්තුක
සහනයකි හද පතන
ආදරය යනු.... ආදරය යනු... ආදරය යනු...
වෙනකක් නොව,
ආදරය යනු ඔබ ය - මා පෙම්බරි යේ. . .

පාළු මාවත් වසා වැටුණ හිමවැතිර අතු මත,ධවල පළසක විලසඝන වායු පටල,හිම සිසාරා තල්ලු කර පසකටහිරු රැස සුදු-පබුළු දිදුළුවාකවුළු කෙළවර සිට තට්ටු කරයිහිම දහරෙන් සීත වූ නුවර,පාළු වීදී, ගුලි ගැසුණු විහගුන්සෙමින් ඇදෙන වාහනහිමහි මතෙන් වෙරි වීඒ මේ අත වැනෙන ජනයාහුස්ම හිර කරන ශිත වායු කදම්භපාද ශීතෙන් මිරිකාඇඟිලි හිරිවට්ටාපපුව හිර කරමුහුණ රළු කොටඇස් බොඳ කරවයිවැදී මෘදු හිමෙන්සුළඟේ පාවෙන්නට තනාපහළ ට වැටෙන හිමඅතු පුරා, ගස් වසාපොළොව පිට වැටී,තණ වතු පිටි සුදෙන් වසාලයිමරණය...ජීවතුන්ගේ ලොව වසන ලෙදඉතිර පැතිර ධවල සුදදෙදිනකඳු පවැතහිරු රැසින් දිය වවතුර දී, ගලා ගොස්වියැකේ. . .[මෙහි "වසන" යන ක්‍රියා පදය "වැසීම" සහ "වාසය කිරීම" යන අරුත් දෙකින් ම යොදා ඇත]