
-
අනුර කුමාර දිසානායක විසින් ජනපති වෙත ලියූ ලිපිය - නොවැම්බර් 18 වන දින සවස 5ට ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාර්ෂික රැස්වීමක් පැවත්විණි. මෙහිදී දැනට වත්මනේ පවතින දේශපාලන අර්බුධය විසඳා ගැනීම පිණිස කළ...7 years ago
නිදි නැති රැයක

“ජනතා පරමාධිපත්‍යය”
පසදලීම

එළූ දැලට
අසු වූ ගොදුරු
ඇද හනික
විද යටි බඩට
උරා බී රීරි මාංසයෙන්
හප කොට විසි කළ
නුඹයි ඒ පුදලත්. . .
බැති සිතින් ඇදුණු
සියක් කතුන්
නොදත් ගණනක් ද තව
කෙලෙසූ පියාණ ඇසිපියා
නුඹයි ඒ ගරුතර. . .
එක ම දිනක
මවකඳු දියණියක
කෙලෙසා ලා එකවිට
සුපසන් වෙස් අරා
දෙන අසරි සත් හට
නුඹයි ඒ සුදහත්. . .
නීතිය ලුහුබදින විට
‘මා පණ නසම්’යි කියා
බිය කර හුන් අය අවට
දැදුරු කොට සිත් සතන්
නැමූ යුක්තිය උනුන් ලවා
නුඹයි ඒ සුදරද. . .
උසාවියේ නඩු යට ගසා
නඩු කොළ ද පන්නා ලා
අබ්බගාත වූ
නඩුව අවනඩුව කොට
නිදොස් වරලත්
නුඹයි ඒ දෙව්ගැති. . .
පසදලන යුක්තිය කොහි ද?
මනුලොව නැති තැන
නුඹ දෙසූ ලෙස
‘දෙව් ලොව වත් වේද
එදා කී විමුක්තිය?’
“ගෝචර ගොදුර”
“9/8”
මූසල දිනකි අද
ඉරණම තීණ්දු කරනා අපේ
ජනතා අයිතීන්
තබා දංගෙඩිය මත
වදකයෝ වටේ කැරකෙති
අප පත් කළ හැත්ත
ද්‍රෝහි වී අපට ම,
ගෙල සිඳ ලන්නේ අපේ
ගෙන කඩුව සියතට
ඉතිං ආයුබෝවන්
ජීවිත නිදහසට
නිදහස් හුස්ම පොදට
අද සිට රජූට අතවැසි
නොවන අය හට
උතුරා යන රාජ උදහසින්
පෙගෙ වී, රතු ලෙයින් ගත
හෙට දින අපේ ඡන්දය
ගසා, මරා, තලා
වපුරා මුසා
උදුරා ගනී වී
පෙර ඳා කළ සේ. . .
අපට වන්නේ මිතුරේ
බකන් නිලා ඉන්නටයි
ඉතිං ආයුබෝවන්
අවසන් නිවහල් හුස්ම පොදට
ලීවේ: 08.09.2010
“උණු දියර ඉර”

මා හිරු මඩළ
කොයි ද අද?
අමාවක යි
අහස පුරා - සිව් දිගට
සඳ සොමි අදුරු ය - උණුහුම සීතල ය
මෙළෙක රළු ය - විහගුන් ගොළු ය
සඳ සකී කොයි ද? හුන් අරා අහස පුරා
බස් දොඩ දොඩා - රෑ පහන් වන තුරා
තරු නෙත් කොයි ද? රෑ තුරා ඉඟි බිඟි පා
කොමළෙන් බලා, ම’දෙස
අවුස්සා ලූ මා හද
ඒ පිනා ගිය
මයේ හඳ
කොයි ද අද?
හ්ම්. . . .
දියකර හදේ දුක්
ගංගා නිම්න දිගේ
ගලා බසී
උණු දියර ඉරක්!


