තෙරක් නැති අනන්තය කරා
ඇවිද ගියෙමු අපි දෙදෙනා
මං මාවත්, කඩ පිල්, අවන්හල් පසු කර
අත්වැල් දවටා මන්මත් ව,
ආදරයෙන් මුසපත් ව. . .
ඔරලොසු කටු
හඬ නඟා කැරකේ
ඔබ ඈතට ඈතට ඇවිද යයි
මා තනිකොට
මේ නිම් තෙර මත
මා සරතැසින් බලා හුන්නෙමි
ඈතට ඈතට. . .
ඒ රුව මැකී යන තුරාවට
ඔබ ආදරයෙන් මට දුන්
ඒ සිත්කළු කමිසය ඇද
ගියෙමි බලන්නට නව මනමාළියක්. . .
08.03. 2005
අපොයි සංසාරේ !
ReplyDeleteඈයි අයිය එහෙම කරේ..........
ReplyDeleteකෙනෙක්ගේ මතකයෙන් හිත පුරවන් තවත් කෙනෙක් බලන්න ගිහින්..
අපේ අතීතයේ මතක එක්ක හුගාක්වෙලාවට තව කෙනෙක් ලගට යන්න උනොත්.......මොන තරම් වේදනාවක්ද ඒක...
ReplyDeleteජීවිතය එහෙම නේ...අතීතය අතීතය; එහිම ගැවසි වර්තමානය කඳුළු යායක් කර ගත යුතු නැත. අතීත සුවඳ සිහි තබා වර්තමානය යථාර්ථවාදී ලෙස ජීවත් විය යුතු නොවේ ද? අතීතයට සමු දී වර්තමානය ආදරයෙන් වැළඳ ගත යුතු ය. මේ සිඳුවීම වෙලා දැන් වසර පහකටත් වැඩියි! ඇවිද ගිය ඈ නැවත මා හමු වූයේ නැත.
ReplyDeleteඇඳ ඇඳ නිතර කෙල්ලන් දුන් කමිස පොඩී
ReplyDeleteඉඳ ගෙන හිටපු කාලය දැන් හුඟක් වැඩී
ලද පෙම් කැකුළ කර ගත්තොත් යලිත් පොඩී
අනෙ ඇත්තමයි තියනව මම නුඹට වෙඩී
(ඉතාම රසවත් රවින්.)
ස්තූතියි...පුළුවන් තරම් හොඳට පිදෙන පෙම් කැකුළ රැක ගන්නට උත්සහ දරන්නම්!
ReplyDelete