සමුදීම



දකින්නට පෙර හිටන්
හිතේ වූ අමනාපෙන්
ඇනුම් බැනුම් - රැවුම් ගැරහුම්
තෙපල තෙපලා
දෑ වසරක ඳු පුරා...

දහසකුත් මේ - සිත් පාරන
බැන වැදුම් - රැවුම් ගැරහුම්
ඉවසා දරා
නුඹ හුන්නා නිහඬ ව...

හිත් බිඳි තන්හි මා
පාළුවට ළං ව හිඳ
බෙදා දුක් - අඩක් ගෙන
තූනී කර - හිතේ බර
නුඹ හුන්නා නිහඬ ව...

තවත් දෙ දිනකින්
මෙතුත් දුන් නුඹ මට
හොඳ හිතට තුති පුදා
ඇමරිකන් සුළු මව්ණි
හැරපියා මා නුඹ
යමි උරුම - මගේ තුරුළට
මට පුරුදු උණුහුමට

මගේ මව්... මගේ මව්...
හැරපියා මා නුඹ
මගේ මව් වෙතට යම්!

2 comments:

  1. එන්න ...එන්න බලන්න එන්න.. අපෙ රට පරන කට්ටියම තමයි, හැබැයි අලුත් වෙස් මුණු...

    ReplyDelete
  2. ඔව් ඔව්....
    වරෙන් වරෙන් සුලං පොදක් අපේ ඇඟේ ගෑවිලා....

    /බිඟුවා

    ReplyDelete