• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    4 years ago

මිලින වූ දෙව් කුසුම


දේවගැති ක්‍රිසන්ත තිලකරත්නයන් (1955-2016) ලක් කිතු සසුනට කළ මෙහෙවර ඉතාමත් අනඟි බවනී ය. එතුමා විසින් නිර්මාණය කොට ක්‍රියාවට නැං වූ "කිරි පැණි" සම්මන්ත්‍රණ තුළින් විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමේ ප්‍රායෝගික පියවර කියා දුන්නේ ය.  වෙනත් නිදහස් දේවගැති වරුන් රාශියක් එක් කොට ඔවුන් ගේ ප්‍රශ්න හඬ නැගීමට අවස්ථාවන් සකසා දුන්නේ ය. වැලිවේරිය දේව සභාවේ පුරෝගාමී හා ජේෂ්ට දේවගැතිවරයා වශයෙන් කටයුතු කොට, සේවාවන් රාශියක් ආරම්භ කොට පවත්වා ගෙන ගියේ ය. එතුමා ගේ සේවය පිළිබඳ සිහි කිරීමක් මෙසේ සටහන් කොට තබමි෴

සුපිපි මලකි ඔබ, ගොහොරු කළු වලක
දෙව්ලෝ මිහිර පතුරා, සුවඳ දී දී සැලෙන
දෙව් මෙහෙවරේ, සගයෙකි සමයෙක් නැති
"කිරි පැණි" සේ විවාදිවි, රස කොට,
පහදා ලදු කැලෑ, පිරිපුන් කොට යා යුතු මාවත්
කරුණා දෑසින්, මුව කැළුම පා,
ඔවදනින්, කියා දී හොඳ නරක

පතාක යෝධයකි ඔබ, අඟුටුමියින් සමඟ
තේජස්, කිත් රැස් විහිදා
පෙරටු කොට සේනා
"අපට හරියයි" කියා
"ඉදිරයට හා පෙරටුවට" යමින්
සතුරු රැණ වනසා, විජයට බට

පියෙකි ඔබ, අනාථයන් අතර
දරුවන් තිදෙනෙකු නො ව,
දුවා දරුවන් දහසකට
සෙවනැල්ල හෙළා
වෙනසක් නොකොට සැලකූ

වනස්පතියෙකි ඔබ, නදුන් වනයක
බඩ කට පුරවා, සැඟ වී අතු අග
විහගුන්, වන මෘග සරතැස නිවන
දහසකුත් දෙනට සහන වූ, ඔබ

ඇත්තේ එක් පැතුමකි, අපට
රුස්ස ගස් හෙළා වැටෙන කල
පැලගස් පාමුල, නැඟී වැඩෙත්

කිමද සුවඳැති මල්
මෙතරම් විගහින් පරවන්නේ;

නිම කොට වෙහෙස මෙලොවේ. . . 

උතුරු කුරු සුළඟ



උතුරු කුරු සුළඟ - ගසා විත් සැරට
පියාපත් විසුරුවා - යනෙන මඟ අහුරා
තුරු පතර නවා - නිරුවත් කොට අතු
ගිම්හාන සිහිල විහිදා - චණ්ඩ ලෙස

නැවෙන අතු මත්තකට වෙර දී
එබිකම් පා - සුළං අතට මුවා වී

කිරිල්ලියේ. . . . .

කිමද නුඹ තනියම අද?

නොසැලීම



හඬා වැටෙන කල නුඹ
මදි පාඩු කියා ළදරුවකු විලස
මහා මෙරක්  උතුරු තරුවක ලෙස
මා සිටිම් ඔබ ළඟ නොසැලී
මයේ ආදරණිය සොදුරියේ. . . .

නිදානොනිදා සසල සිතුවිලි


අරමුණක නොසැතපුණු, මනස සලිතය
නිදානොනිදා කඩා හැලෙන සිතුවිලි
අවදි කර මා ඇසිපියන් දොරගුල
අතොරක් නැති ව සිත සොයන රූ
එනු මා වෙත සිහිනයෙන් . . .
ඉරා දමා කුරිරු පියවි ලෝ!

දිය නිම් තෙර



දිය පිපාසිතව
දිය කඩ වෙත ඇදෙනා
ගෝන, හා, මුවැතියන්
ගොදු කොට
ගනුව කුම්භිලය. . .

අදුරු විදී කොණ
ගැහෙමින් දිලෙන
ඇම්බර් බුබළ

රතැස් දිළේ
අදුරු මාවතෙහි අග
දිය නිම් තෙර ළඟ
මන්මත් වී උම්මාදයෙන්

කවරෙකු ද අද?
උඹේ ගොදුර!

නිදි නැති රැයක


මේ සිසිල් මැදියමේ
නින්ද නුඹ නැත
දෙනෙත් අහලකවත්...

ඈ පිළිබඳ සිතිවිලි
මා සිත් අවදි කරයි!

නෙතින් ඈත්වී හිඳ
නොරුස් සිතින්
නින්ද නුඹ!
ඒ පෙමට
මා හා උරණයි...

ඇමරිකානු නූතන කවිහූ: විලියම් කාලොස් විලියම්ස් (1883-1963)


ඇමරිකානු කවීන් පිළිබඳ සිංහල පාඨකයන්ට කරුණු ස්ල්පයක් දැක්වීමට මම කල්පනා කළෙමි. මගේ කාව්‍ය නිර්මාණයන්ට පමණක් නොව, බොහෝ ලංකාවේ කවීට ආභාසයක් ගෙනා ඇමරිකානු නුතන කාව්‍ය පිළිබඳ මා සටහන් කරන සටහන් පෙළෙ ආරම්භය මෙසේ සටහන් කරමි෴


විලියම් කාලොස් විලියම්ස් (1883-1963) ඇමරිකානු නිදහස් කාව්‍යයේ (Free-verse) අනුපමේය සේවයක් කළ ඇමරිකානු කාව්‍යයන්හි පර්යේෂකයක් ද, නව්‍යවාදියකු හා විප්ලවවාදියකු ලෙසින් සැලකේ. 1883 රදෆට් නිවුජර්සි නුවරෙහි ඉංග්‍රිසි පියකුට හා පොටරිකන් මවකට දාව උපත ලැබූ ඔහු පෙන්සෙලිවෙනියා විශ්වවිද්‍යාලයේදී වෛද්‍ය විද්‍යාව හැදැරීමට ඇතුලු වූ අතර, එහි දී ‘එස්රා පවුන්ඩ් (1885-1979)’ නැමැති ඇමරිකානු කාව්‍යයේ නව ආභාසයක් ඇති කළ කවියා හමු විය. ඔහුගේ ඇසුරේ ලත් ආභාසයෙන් කාව්‍යකරණයට පැමිණි හේ අනෙකුත් සමකාලීන නුතනවාදී මග නොගොස් අවුරුදු 40ක සාර්ථක වෛද්‍ය වෘත්තියකට පිය නැගුවේ ය. වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින අවස්ථාවේ ම, කාව්‍යකරණයේ ද යෙදි ගෞවරවාදරයට පත් විය. රෝගින් බලන අවස්ථාවේ දී හෝ රෝගින් බැලීමේ අතර වාරයේ දී ලැබෙන විවේකයෙන් ඔහු කවි සඳහා අවශ්‍ය කරන අදහස් සටහන් කරමින් පසුව ඉඩ ලත් අවස්ථාවන්හි කව්‍ය නිර්මානයේ යෙදුනේ ය. ඇමරිකානු කාව්‍යයට අනන්‍ය භාෂණයේ ද, වාග් සම්ප්‍රදායක් ද, රූඩි ආදී විවිධ අලංකාර ක්‍රමයන්ගේ ද ආලෝකයක් ඇමරිකානු කාව්‍යයට එක් කළේ ය. දෛනික ජීවිතයේ හමුවන වස්තුන් සමඟ ඍජු ලෙස සම්පර්කනය වෙමින් කාව්‍ය නිර්මාණයේ ලා නිදහස් ආරකින් කවි ලිවීම ඔහු‍ට ආවේනික සම්ප්‍රදාය විය. නිදර්ශනයක් ලෙස ඔහුගේ කව්‍යයන්ගේ කැපීපෙනෙන වස්තු වන්නේ රතු පලම් (වියලි මිදි), රතු විල්බැරොව, ගිනිනිවන වාහන ආදි නිතර ඇස ගැටුණු වස්තූන් ය. ඔහුගේ සුවිශාල මෙහෙවර වන්නේ ‘පැටසන්’නැමති නිවුජර්සිහි පැටසන් නගරය අළලා කරන ලද කාව්‍ය ග්‍රන්ථය යි. 1948-1956 කාලයේ රචිත එය ‘නිගරය’ හා ‘මිනිසා’ පිළිබඳ ගැඹුරු දෘස්ටියක් හෙළන්නේ ‘ඇමරිකානු බලය’ නැමති මිත්‍යව නිර්වස්ත්‍රණය කරමින් ය. පනස් ගණන්වලදී සහ හැටේ දශකයේ ඇමරිකානු නව කවින් සඳහා විලියම් කැපී පෙනෙන ආභාසයක් සැපයී ය. ඔහු ගේ කාව්‍ය සඳහා ක්‍රමික ලෙස සහ සෙමෙන් රසික ප්‍රජාවක් ඇඳුණු අතර, ඔහු ගේ මරණයෙන් පසුව ඔහු‍ ගේ කාව්‍යකරණය සඳහා පිළි ගැනීමක් ද, සුවිශේෂ තග්‍යක් ද ලැබිණ. ඇමරිකානු කාව්‍ය සමිතිය (Society of America Poetry) වත්මන් දින දක්වා ඔහු‍ ගේ නාමයෙන් ත්‍යාගයක සංස්ථාපනය කොට ඇත. 1963 දී හෙතෙව වසර ගණනාවක අසනිපයන් ගෙන් හෙම්බත් වී මෙලොව හැර ගියේ ය.

ඔහු ගේ මේ කවිය දෙස බලන්න:

To a Poor Old Woman

by William Carlos Williams

munching a plum on

the street a paper bag

of them in her hand


They taste good to her

They taste good

to her. They taste

good to her


You can see it by

the way she gives herself

to the one half

sucked out in her hand


Comforted

a solace of ripe plums

seeming to fill the air

They taste good to her


ඉහත කවයේ සිංහල අනුවාදය මෙසේ දැක්විය හැකි ය:

‘දිළිඳු මැහැල්ලිය වෙතයි’


ඈ අත කඩදහි මල්ලක වූ

සපමින් මිදිගෙඩියක්

පාර දිගේ. . .


ඒවා ඇයට රස ය

ඒවා ඇයට රස ය

ඒවා ඇයට රස ය


එය ඔබට පෙනේ

ඈ අත වූ මිදි පළුව

උරා බොන ලීලාවෙන් ම


සැනැහේ

ඉදුණු මිදිවල සුවෙන්

‘ඒවා ඇයට රස ය’

පෙනෙ වී,

පිරී යන සේ ගුවනත


මෙම කාව්‍යය ලියා ඇතිතේ 1934-35 දක්වා වූ ඇමරිකානු ‘මහා ආර්ථික අවපාත’ සමයේ දී ය. මෙහි දී විලියම්ස් විසින් සමාජ අසාධාරණය හා දිළිඳු කම පසුබිම් කොට කවිය තනා ඇති නමුත් බොහෝවිට කාව්‍යයේ ප්‍රතිධ්වනී දෙන්නේ මැහැලියක් විසින් තමුන්ට ලැබිය හැකි අතැති සතුටකින් සන්තෘෂ්ටිමත් වන මානසික චිත්‍රය කි. ඇය දිළිඳු මැහැල්ලියක් ලෙස කවියා උපකල්පන කරන්නේ ඈ ඇදි වසිත්‍රයෙන් ද? නැතහොත් විදියක් දිගේ ඈ වියලි මිදිසපමින් යන බැවින් ද? මිදි මල්ලක් මිළ දී ගැනීමට තරම් වාසියක් ඇයට ලැබී ඇති සේ ය. එසේ ම, මිදි එතරම් මිළක් ද නොවන බැවින්, ඇගේ දිළිඳුකම එයින් ප්‍රකට වේ ද? පුරාතන කවිහූ මල් නෙලීම හෝ ඉදිණු පලතුරු අනුභවය ලිංගිකත්වය පිළිබිඹු කිරීමට යොදා ගෙන ඇත. එහෙත් විලියම්ස් මිදි කෑම ලිංගිකත්වය ආරෝපනය වෙනුවට දිළිඳුකම තුළ ලද හැකි සන්තෘෂ්ටිය දැක්වීමට යොදා ගෙන ඇත්තේ ය. විලියම්ස් ගේ රචනය මගින් හුවා දක්වන දෛනික දිවියේ වස්තුන් මෙහි දි ද, මතු වී දැක්වෙයි. දිළිඳු මැහැල්ලියක් වෙතයි’ යන කාව්‍යයේ හරය වන්නේ දිළිඳුකම අරා මැහැල්ලියක් විසින් ජීවිතයේ රසය විඳින්නටත්, ලද විටක දෛනික දිවියේ ඉතා ම කුඩා දෙයින් සැනහෙන්නටත් ඇති ශාක්‍යතාව විද්‍යමාන කරයි. විලියම්ස් භාවිත කරන භාෂාව වනාහි ‘පුරාණ ජේම්ස් රජු ගේ බයිබලයේ’ ගිතාවලියේ වූ භාෂා විලාශය යි. එකී බයිබලයේ දැක්වෙන විවිධ රූපකයන් මෙහි දී ද මතුවී ඇති හැටි පෙනේ.

“සමිඳාණන් යහපත් බව රසබලා දැනගන්න” (ගීතා 34:8).

ඉහත දැක්වෙන ආකාර ‘රසය’ මතු කර දැක්වීම මගින් එය ප්‍රකට වෙයි. කාව්‍යය නිර්මාණයේ ලා භාවිත කර ඇති සංවිධානය ඉංග්‍රීසි කවියේ වූ දෙවන පෙළ සදැස් ලක්ෂණය අත්හැර ‘නිදහස් පෙළ’ භාවිතයට ගෙන ඇත. ඇමරිකානු කාව්‍යයේ ‘නිදහස්’ ආර භාවිතයේ දී විලියම්ස් මුල් තැනක් ගෙන ඇත්තේ ය. එසේ ම, ඔහු ගේ නිදහස් ආර කෙටි ය; අක්‍රමික ය. විලියම්ස් සමකාලීන ඇමරිකානු කවින් විසින් ගත් අනාගමික, දුහුල් භාෂා රිතීන් මත‍ නොයැපී ඔහුට ම ආවේනික වූ ත්‍රෛයිභාෂික සංක්‍රමික උරුමය පිළිඹිබු කළේ ය. එසේ ම ඔහු ගේ වස්තු විෂය ලෙස බහුල ලෙස ගැණුනේ නිව්ජර්සි ප්‍රාන්තයේ හමු වූ තෙවැනි පන්තියේ රෝගින් ගේ සමාජ ආගමනය යි. නව්‍ය ඇමරිකානු නිදහස් කාව්‍යයයේ අක්‍රමවත් පේළි තුළින් විලියම්ස් ස්වකීය කලාවේදී දෘෂ්ටිය “දිළිඳු මැහැල්ලිය වෙතයි” යන කවෙන් නින්නාද වාදන කෞෂල්‍යය ද මතු කරයි. මෙහි ‍නින්නාද වන “ඒවා ඇයට රස ” යන පෙළ විලියම්ස් මේ කෞෂල්‍ය අත්හදා බැලීමට ‍යොදා ගත්තකි. එයින් මෙතුවක් මැනවින් ගලා සපැමිණි අදහස් වැල ක්ෂණික ලෙස බිඳ වැටේ. මෙනයින් මෙසේ අදහස බිදීම මගින් ශබ්ද රසය හා අර්ථ රසය භාවාත්මක ලෙස වර්ධනය කළ හැකි අයුරු විලියම් කියවන්නාට දක්වයි. නින්නාද වන පෙළ, විලියම්ස්, නොබෙදා මුලු පෙළ ම පෙනෙන පරිදි දක්වා ඇත. මෙසේ ප්‍රතිධ්වනිකරණය මගින් භාවාත්ම රූපයක් අපගේ මනස තුළ මවන්නට විලියම්ස් සමර්ත වෙයි. මිදිවල රසය දැනෙන්නේ අපට නො ව, ඇයට ය. එයින් ඇගේ කුසගින්න මිදිවල රසය තව තවත් වැඩි කරන්නට හේතු වේ. දෙවන ප්‍රතිධ්වනිකරණය මගින් එහි රසය මතු කළ හැකි ය. එනයින් කාව්‍යය කියවන්නා විසින් බර කරන වචනයන්ට අනුචිත ලෙස ඈ විඳින රසය මතු වී පැන නඟී. ඒ මිදි පෙනුමෙන් පියකරු නොවිය හැකි ය; රසයෙන් සමහරක් ඇඹුල් විය හැකි ය; සමහරවිට මදක් නරක්වී තිබෙන්නට ද පුළුවන. එහෙත් “ඒවා ඇයට රස ය.” අපට හොඳ ව පෙනෙන දේ ඇයට නොපෙනේ; ඇයට දැනෙන්නේ ඒවා යේ මනරම් රසය පමණි. විලියම්ස් ස්වකීය කවිය කියවීමේ දී, ‍පෙළ වෙන් වූ ස්ථානයන් හි නො නැවති ඒවා අවධාරණය පිණිස පමණක් යොදා ගනී. හෙතෙම විවිධ වචන අවධාරණයෙන් නැවත නැවත යෙදුණු පෙළහි අරුත මද වශයෙන් වෙනස් කරයි. එනයින් මැහැල්ලිය විසින් විඳින රසය, වචනයෙන් වචනය අවධාරණයෙන් මතු කොට දක්වයි. භාවිත භාෂාව පොදු ජන වහර බැවින් එයින් ගම්‍ය කරවන අදහස තවත් තීව්‍ර කරයි. පොදු ජන සැපත, සතුට එ සේ මතු කිරීමේ හැකියාව විලියම්ස් දක්වන ඉමහත් ශාක්‍යතාවයකි.

ආර්ථික අවපාතයෙන් පීඩා විඳින ජනතාව වෙත කෙරෙන ආයාචනය වනාහි දානශිලීත්වය, අනුකම්පාව සහ පංති ජීවන දුෂ්කරතාවයන් මදක් මිදී ජීවිතයේ තෘප්තිය දෙස යොමු වන ලෙස ය. විලියම්ස් හට “දිළිඳු බව” අමුර්තයක් නො ව, එය තත්‍ය අත්දැකීමකි. එනයින් මැහැල්ලිය විසින් විඳින රසය ජීවිතයේ අතිශය අමිහිරි තත්ත්ව යටතේ ලද ස්ල්ප සතුටකින් අමාන්දානන්දනයට පත්වීම සඳහා කියවන්නා පොළඹ වයි. ඒ හෙයින් විලියම්ස් ස්ර්වශුභවාදී දෘෂ්ටියක් සඳහා පාඨක අප කැඳ වයි. ජීවිතය දුක සැප අතර දෝළනය වන ගමනකි. එහි දී එකිනෙකා තමාට අනන්‍ය වූ රස වින්දනයක ගැලේ; ඇලේ. එ සේ, මැහැල්ලිය ද තමන්ට ලබා ගත හැකි අතට හසු වූ සැපතෙන් උපරිම ලෙස තෘප්තිමත් වේ. ඒ දසුන දකින අප ද, ඇගේ තෘප්තිය කෙරෙහි ඇදෙන්නේ ජීවිත සටනේ සුළු සැනැසුම් සොයන්නට වෙර දරමින් ය. ඈ ලබන්නා වූ සැනැසීම හා තෘප්තියෙන් සකල ගුවන් තලය ම පිරී වැසි යයි.

මැහැල්ලිය දේශපාලන සමාජීය හෝ ආචාර ධාර්මික රූපයක් නො ව, ඈ ජීවිතය භුක්තිවිදීම පිළිබඳ පාඩමක් අපට කියා දේ. අප රස විඳින දෙයෙහි උපරිම ආත්ම තෘප්තියක් ලැබිමට පාඨකයා හට විලියම්ස් ආරාධනය කරයි. එනයින් මේ පෙළ සොළොසින් ගම්‍ය කරනු‍යේ පංචෙන්ද්‍රිය මගින් ග්‍රහණය කර ගත හැකි අසේනීය තෘප්තිය යි. ඈ සැපීමෙන්, මිදිගෙඩියේ යුෂ උරාබීමෙන් ඇතිවන සංතෘෂ්ටිය අවසානයේ ගුවනත රැව් පිළි රැව් දෙයි; එය පුරාවා ල යි. විලියම්ස් ගේ කවය ගැඹරේ වූ සමානාත්මවාදී දැක්ම අප නවතාවයෙන් පුරවයි. මේ ඉර හද යට සැමට පොදු වූ ‘සුළු සතුට’ පෝසතුන්ට මෙන් දිළින්ඳාට ද පොදුය; වින්දනය අප සැමට ම පොදු ය. ඈ අතට ළඟ වූ දෙයින් තෘප්තිමක් වූවා ය. ඒ ප්‍රීතිය ඇයට පමණක් සීමා නො වී අවට දස අත, මුළු වායු ගෝලය, ගුවන් තලය ම පුරවා ලී ය. එහෙත් අවාසනාව නම් මේ දිළිඳු මැහැළිය සොයා ගත් සතුට වැනි අවස්ථා අපට භුක්ති විඳිමට ඇති නොහැකියා ව ය. එනයින් මේ මැහැල්ලියට වඩා අප වඩා අනුකම්පා ලැබිය යුතු නොවේ ද?

ඔහුගේ තවත් සුළු දෑ අගය කළ කවියකට අවධානය යොමු කරමු. ‘ප්‍රේමගේ ගමන’ (Journey To Love) හි පැමිණ ‘සෙවලනැල්ල’ (Shadows) කාව්‍යය මෙසේ ය:

"Shadows cast by the street light

under the stars,

the head is tilted back,

the long shadow of the legs

presumes a world taken for granted

on which the cricket trills"

“මගතොටේ එළියෙන් වැටුණු සෙවනැලි

තාරකා යට

හිස පසට ඇල වී

පායුගලක දිගු සෙවනැලි

අනුමාන කරන නොසලකන ලොවක්

මත කම්පිත රැහැයි නද”


“ජනතා පරමාධිපත්‍යය”


රජුන් වූ මහදනෝ

මතු බුදු බව පතා

දනට දී රජකම

දස අට කිරීටය පළදා ලා

අභිශේක කළ’යි

නව රජෙකු පෙර දා. . .


හැරපියා රාජ වස්ත්‍රාභරණ

අත්වැසි දැසි දසුන් වී රජුට

දරු මුනුපුරන් ද කැටුව

වැදහෝ ය, වංක ගිරට.

පසදලීම


එළූ දැලට

අසු වූ ගොදුරු

ඇද හනික

විද යටි බඩට

උරා බී රීරි මාංසයෙන්

හප කොට විසි කළ

නුඹයි ඒ පුදලත්. . .


බැති සිතින් ඇදුණු

සියක් කතුන්

නොදත් ගණනක් ද තව

කෙලෙසූ පියාණ ඇසිපියා

නුඹයි ඒ ගරුතර. . .


එක ම දිනක

මවකඳු දියණියක

කෙලෙසා ලා එකවිට

සුපසන් වෙස් අරා

දෙන අසරි සත් හට

නුඹයි ඒ සුදහත්. . .


නීතිය ලුහුබදින විට

‘මා පණ නසම්’යි කියා

බිය කර හුන් අය අවට

දැදුරු කොට සිත් සතන්

නැමූ යුක්තිය උනුන් ලවා

නුඹයි ඒ සුදරද. . .


උසාවියේ නඩු යට ගසා

නඩු කොළ ද පන්නා ලා

අබ්බගාත වූ

නඩුව අවනඩුව කොට

නිදොස් වරලත්

නුඹයි ඒ දෙව්ගැති. . .


පසදලන යුක්තිය කොහි ද?

මනුලොව නැති තැන

නුඹ දෙසූ ලෙස

‘දෙව් ලොව වත් වේද

එදා කී විමුක්තිය?’


“ගෝචර ගොදුර”


දැල්වේය පහන් සිළ
මද නලින් වැනි වැනි
ගොදුරු කොටැ පියාසැරි

රතැස් යුවල
යොමු වී කෑදරෙන්
සුකොමල සිනිදු කුසුම වෙත
තලන ලෙදින් - මිරීකා පොඩිකර
හිරිකිත හිතුවිලි - පාවේ ගුවනත
හඬ නඟා - අසලහුන්
මට ද දැනෙන ලෙස.