• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

ගී සිතුමිණ: හමාර බණවර

 

ඉරේෂා හෙමමාලිගේ පද වියමනෙනන් හා රවී රොයිස්ටර් (කණිෂ්ඨ‍) ගේ සංගීත රචනයෙන් ගායනයෙන් ඔපවත් වන "හමාර බණවර" ගීය පියෙකුගේ ආදරය හා සුරක්ෂාව ජනිත කරයි. මෙම ගීය රස විඳින විය පියෙකුගේ සෙනෙහස හා හවුහරණය මැනවින් ජනිත කරයි.  


පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ

හුඟක් අය මගෙ පස්සේ එනවා

තනිව ආ ගිය මගේ

කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ

හුඟක්බරනම් බිමින් තියපන්

රිදෙනවා ඇති අත උඹේ


කන්ද පාමුල සොහෙන හුරු නෑ

දන්නවා මං මගෙ පුතේ

මගේ තනියට තවත් අය ඇති

අඳුරගන්නම් හෙට උදේ

සොබාදහමට අවනතයි මං

ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් මේ බේත් තුන්ඩුව

අරන් පලයන් අම්මගේ

2 comments: