
පාළු මාවත් වසා වැටුණ හිම
වැතිර අතු මත,
ධවල පළසක විලස
ඝන වායු පටල,
හිම සිසාරා තල්ලු කර පසකට
හිරු රැස සුදු-පබුළු දිදුළුවා
කවුළු කෙළවර සිට තට්ටු කරයි
හිම දහරෙන් සීත වූ නුවර,
පාළු වීදී, ගුලි ගැසුණු විහගුන්
සෙමින් ඇදෙන වාහන
හිමහි මතෙන් වෙරි වී
ඒ මේ අත වැනෙන ජනයා
හුස්ම හිර කරන ශිත වායු කදම්භ
පාද ශීතෙන් මිරිකා
ඇඟිලි හිරිවට්ටා
පපුව හිර කර
මුහුණ රළු කොට
ඇස් බොඳ කරවයි
වැදී මෘදු හිමෙන්
සුළඟේ පාවෙන්නට තනා
පහළ ට වැටෙන හිම
අතු පුරා, ගස් වසා
පොළොව පිට වැටී,
තණ වතු පිටි සුදෙන් වසාලයි
මරණය...
ජීවතුන්ගේ ලොව වසන ලෙද
ඉතිර පැතිර ධවල සුද
දෙදිනකඳු පවැත
හිරු රැසින් දිය ව
වතුර දී, ගලා ගොස්
වියැකේ. . .
[මෙහි "වසන" යන ක්‍රියා පදය "වැසීම" සහ "වාසය කිරීම" යන අරුත් දෙකින් ම යොදා ඇත]
No comments:
Post a Comment