• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

නිවාඩු කැන්සල්, එනිසා නිහඬ යි!

මේ දිනවල ලංකාවට ගොඩ බැහැලා අත මිට පිරෙන්නට වැඩ. හුස්ම ගන්න තරමට වත් වෙලාවක් ලැබුනේ නැහැ. අවුරුදු දෙකක වැඩවල අනුපූරණය කිරීමට ඇති ප්‍රමාණය සිතා ගන්නටවත් බැහැ. කෙසේ වෙතත් විවේකයක් ලැබුණු සැනින් යමක් සටහන් කරන්නන්. මේ සටහන ලීවේ අපේ රවා සහෝදරයාගේ සටහනක් දුටු නිස යි. ඇමරිකාවේ ශිෂ්‍ය දිවිය වගේ ලංකාවේ නම් විවේකයක් සොයා ගන්නට හරිම අමාරු යි. කෙසේ වෙතත් ඉදහිට මා බස් නැවතුවේ සිටිනා විට හෝ බස්රියේ ගමන් කරන විට ඒහේ මෙහේ දුවන හිතේ සිතුවිලි හෝ කඩයකට ගොඩ වී වඩයක් කන ගමන් අවට බලා දකින දෙයින් සතුටු වන්න; ආස්වාදයක් ලබන්න; මිහිරක් විඳින්න නම් අමතක කළේ නැහැ. තණ ‍කොළ බිස්සක් මත ඇවිදින්න, ගසක සිසිල් සෙවනේ හුළං පොදක සිසිල ලබන්න, කුඹුරක නියරක සිට ගොයම් නලවාගෙන එන මදනල සුවඳ බලන්න, සීතල ම සීතල වතුර පොදක් ළිදෙන් ඇද බොන්න, සෑමදාම උදෑසන කුරුළු ගී නාදෙන් නැගිට, ජනේලයෙන් ගෙයි මායිමේ දවට ගසට මුවා වී ඔච්චම් කරන හිරු දිහා බලන්න තරම් වාසනාවක්, ලංකාවේ මිස කොයි රටේ ඇද්ද?

6 comments:

  1. හරි හරි ඉඩ ලැබෙන වෙලාවක්, බලලා, නිර්මාණයක් කරන්න, මෙය නතර කරන්නත් එපා....

    ReplyDelete
  2. "තණ ‍කොළ බිස්සක් මත ඇවිදින්න, ගසක සිසිල් සෙවනේ හුළං පොදක සිසිල ලබන්න, කුඹුරක නියරක සිට ගොයම් නලවාගෙන එන මදනල සුවඳ බලන්න, සීතල ම සීතල වතුර පොදක් ළිදෙන් ඇද බොන්න, සෑමදාම උදෑසන කුරුළු ගී නාදෙන් නැගිට, ජනේලයෙන් ගෙයි මායිමේ දවට ගසට මුවා වී ඔච්චම් කරන හිරු දිහා බලන්න තරම් වාසනාවක්, ලංකාවේ මිස කොයි රටේ ඇද්ද?"
    siraawatama atta katawa machan. ara nandaa malaneege sinduwe wage "heenen mage rate nidiyana hama rama"
    mamath ehemai. mehe hitiyata hitha lankawe . . .

    ReplyDelete
  3. දාඩිය, මැස්සෝ, මදුරුවෝ, වාහන තදබදය අමතක කර හොඳ දේවල් ගැන සිතීමට ලැබීමත් සතුටකි.

    කතන්දරකාරයා

    ReplyDelete
  4. Raven අයියා

    ඔයා කාලෙකට පස්සෙ ලිපියක් ලියල නේද? සතුටුයි.. පොත ලැබුන කියල එවල තිබ්බ comment එකත් දැක්කා. මගේ සොදුරු සිතට ගොඩවදින ඔබට ස්තූතියි අයියා.තව Raven කෙනෙක් ඉන්නව .මට දෙන්නව පැටලුනා.....

    ReplyDelete
  5. රස ඕඝයේ දිය උල්පත් සිඳිලාදෝ
    නවතාවයක් දක්නට නැත්තේ ඇයිදෝ

    ReplyDelete
  6. @Sri Manjula,

    වැසි වැටි දොළගංඟා දොරේ යන
    කලක් ඇත නුදුරේ විගස එන
    එවන් විටක රස ඕඝය පිරි සැන
    රස වැගිරෙවි ඔබේ හදවත සහන් කර

    ReplyDelete