• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

මීදුම: දෙවන කොටස



උදෑසන අරඹ
පිරී ඇත මීදුමෙන්
හිරු වැටී උදය මෝරා
පිණි දියෙන් තෙමේ
මහ පොළොව. . .

දහවල දී ඒ දිය
ගුවන් ගතවෙයි!
හෙට උදයට නැවත වැටෙන ලෙද. . .

කාලික ද? අකාලික ද?

පසු සැබැදුම: "දියබිඳු"

දිය බිඳු: පළමු කොටස



වැහි වැටුණු පසු
තණ අග දිය බිඳු
දිළේ හිරු රැසින්


පෙනේ අවට ලෝ
මවා සුන්දර සිතුවම් . . .


හිරු රැස තද වී
මැකීයයි දියබිඳු
ලෝ දහම කියා දී අපට!


ඉදිරි සැබැදුම: "මීදුම"
පසු සැබැදුම: "බෝපත්"

කමිසය


තෙරක් නැති අනන්තය කරා

ඇවිද ගියෙමු අපි දෙදෙනා

මං මාවත්, කඩ පිල්, අවන්හල් පසු කර

අත්වැල් දවටා මන්මත් ව,

ආදරයෙන් මුසපත් ව. . .


ඔරලොසු කටු

හඬ නඟා කැරකේ

ඔබ ඈතට ඈතට ඇවිද යයි

මා තනිකොට

මේ නිම් තෙර මත

මා සරතැසින් බලා හුන්නෙමි

ඈතට ඈතට. . .

ඒ රුව මැකී යන තුරාවට


ඔබ ආදරයෙන් මට දුන්

ඒ සිත්කළු කමිසය ඇද

ගියෙමි බලන්නට නව මනමාළියක්. . .

08.03. 2005

පෙමන්ට් කඬුල්ල


දුර සිට වේගයෙන්

දිව විත් සැනකින්

පැන පෙමන්ට් කඬුල්ල මතින්

විශාකා පෙමැත්තිය වෙත

හනික ඒ නාඹර කොළුවා

මා තරුණ කල මෙන්

එහෙත් නැත සවිය දැන්

අතීත සැමරුම: “චිකන් සබ්මැරින්”

අපගේ ජීවිතයේ අපට හමුවන වචන විවිධ අත්දැකිම් ජනිත කරවයි; මකුළු දැලින් බැඳුන අතීතයන් සිහි කරවයි. එ සේ කරන්නේ මාත්‍රා එකක්, දෙකක්, තුනක් හෝ කිහිපයකින් සැදුන අද්‍රව්‍යමය වචනයෝ ය. ඒවා යම් විට සුන්දරය; විටක අසුන්දර ය. ඒ වචන ජීවිතයේ නොමැකෙන සන්ධිස්ථාන, මං සලකුණු අපට සිහි ගන්වයි. ඒ යම්තම් සුපුරුදු එහෙත් කලකින් නොදැණුන සුවඳක් හෝ නොඇසූ හඬක් වැනි ය. එවන් වචනයෝ අප දිර්ඝ කාලයක් අතපසු කොට, අත්හැර දැමූ හෝ අමකත වී ගිය සිහි වටන මතක් කොට දෙන්නා හ. වචන අපගේ ජීවිතට නැතුවා ම බැරි සේ ළං වී ඇත; සමරහර විටක ආගන්තුක ය. එසේ ම විටක ඒවා නුහුරු නුපුරුදු අමිහිරි සේ ජීවිතයෙන් අයාසයෙන් අමතකයෙන් කළ හෝ බැහැර කොට ඇත්තේ ය. එහෙත් වචනයේ පහරින් අපට මිදී ජීවත් විය නොහේ. පහතින් සටහන් වන්නේ එවැනි වචනක් කළ හදියකි:


බලන්ට ගියෙමි සගයකු

ගිලන් ව රෝහල් ඇඳ මත

සුව දුක් විචාරා සිටින මොහොතේ

ඉල්ලීය “චිකන් සබ්මැරිනයක්”[1]


එ හඬින් මා සිත අතීතයට ඇදී

සිහිවිය ඔබ මා සොදුරියේ. . .


දෛවයේ කුරිරු සරදම

නැවත නොවූ ලෙස

අපේ එකම එක

කුළුඳුල් පියකරු මුණ ගැසීම


‍“ඩයින් මෝ”හි[2] අයස්කාන්ත කුමරියේ

සිහිවිය අද ඔබ. . .


පද ඝඨනාව

[1] ඒ නමින් සැකසුණු “හැම්බර්ගි” වැනි සැන්ඩ්විච් ආහාර වර්ගයක්.

[2] “සබ්මැරින්” නම් ආහාරය අලෙවි කරන කොළඹ වූ “ඩයින් මෝ” නම් අවන්හලක්.

බෝ පත්


පාවී වැටෙයි

බෝ කොළයක්

මද සුළඟින් ගැසී

ගිලිහි නටුවෙන්

රටා ඇදි

ඇමුදූ මුදු වැලි මතට


ඉහළින් ඇති දෑ

පහළට වැටෙනබව

පසක් කරදී. . .