හිරු රද නවතින්;
නවතින් ඔතන ම!
මොහොතක් මට දී. . .

මා හිරු මඩළ
කොයි ද අද?
අමාවක යි
අහස පුරා - සිව් දිගට
සඳ සොමි අදුරු ය - උණුහුම සීතල ය
මෙළෙක රළු ය - විහගුන් ගොළු ය
සඳ සකී කොයි ද? හුන් අරා අහස පුරා
බස් දොඩ දොඩා - රෑ පහන් වන තුරා
තරු නෙත් කොයි ද? රෑ තුරා ඉඟි බිඟි පා
කොමළෙන් බලා, ම’දෙස
අවුස්සා ලූ මා හද
ඒ පිනා ගිය
මයේ හඳ
කොයි ද අද?
හ්ම්. . . .
දියකර හදේ දුක්
ගංගා නිම්න දිගේ
ගලා බසී
උණු දියර ඉරක්!


තෙරක් නැති අනන්තය කරා
ඇවිද ගියෙමු අපි දෙදෙනා
මං මාවත්, කඩ පිල්, අවන්හල් පසු කර
අත්වැල් දවටා මන්මත් ව,
ආදරයෙන් මුසපත් ව. . .
ඔරලොසු කටු
හඬ නඟා කැරකේ
ඔබ ඈතට ඈතට ඇවිද යයි
මා තනිකොට
මේ නිම් තෙර මත
මා සරතැසින් බලා හුන්නෙමි
ඈතට ඈතට. . .
ඒ රුව මැකී යන තුරාවට
ඔබ ආදරයෙන් මට දුන්
ඒ සිත්කළු කමිසය ඇද
ගියෙමි බලන්නට නව මනමාළියක්. . .
08.03. 2005

අපගේ ජීවිතයේ අපට හමුවන වචන විවිධ අත්දැකිම් ජනිත කරවයි; මකුළු දැලින් බැඳුන අතීතයන් සිහි කරවයි. එ සේ කරන්නේ මාත්‍රා එකක්, දෙකක්, තුනක් හෝ කිහිපයකින් සැදුන අද්‍රව්‍යමය වචනයෝ ය. ඒවා යම් විට සුන්දරය; විටක අසුන්දර ය. ඒ වචන ජීවිතයේ නොමැකෙන සන්ධිස්ථාන, මං සලකුණු අපට සිහි ගන්වයි. ඒ යම්තම් සුපුරුදු එහෙත් කලකින් නොදැණුන සුවඳක් හෝ නොඇසූ හඬක් වැනි ය. එවන් වචනයෝ අප දිර්ඝ කාලයක් අතපසු කොට, අත්හැර දැමූ හෝ අමකත වී ගිය සිහි වටන මතක් කොට දෙන්නා හ. වචන අපගේ ජීවිතට නැතුවා ම බැරි සේ ළං වී ඇත; සමරහර විටක ආගන්තුක ය. එසේ ම විටක ඒවා නුහුරු නුපුරුදු අමිහිරි සේ ජීවිතයෙන් අයාසයෙන් අමතකයෙන් කළ හෝ බැහැර කොට ඇත්තේ ය. එහෙත් වචනයේ පහරින් අපට මිදී ජීවත් විය නොහේ. පහතින් සටහන් වන්නේ එවැනි වචනක් කළ හදියකි:
බලන්ට ගියෙමි සගයකු
ගිලන් ව රෝහල් ඇඳ මත
සුව දුක් විචාරා සිටින මොහොතේ
ඉල්ලීය “චිකන් සබ්මැරිනයක්”[1]
එ හඬින් මා සිත අතීතයට ඇදී
සිහිවිය ඔබ මා සොදුරියේ. . .
දෛවයේ කුරිරු සරදම
නැවත නොවූ ලෙස
අපේ එකම එක
කුළුඳුල් පියකරු මුණ ගැසීම
“ඩයින් මෝ”හි[2] අයස්කාන්ත කුමරියේ
සිහිවිය අද ඔබ. . .
පද ඝඨනාව
[1] ඒ නමින් සැකසුණු “හැම්බර්ගි” වැනි සැන්ඩ්විච් ආහාර වර්ගයක්.
[2] “සබ්මැරින්” නම් ආහාරය අලෙවි කරන කොළඹ වූ “ඩයින් මෝ” නම් අවන්හලක්.