• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

මගේ කුළුඳුල් ඉංග්‍රීසි කව් පෙළ: "Just follow on?"

මේ දවස්වල මගේ අධ්‍යපන කටයුතු අවසාන කර, නැවත ගම රට බලා පැමිණිමට අවශ්‍ය දෑ සුදානම් කරමින් සිටින්නේ. දිවා රෑ දෙකෙහි සැහෙන පමණ නිදි නැති ව, වැඩ අවසාන කරන්නට අත දිගහැර වැඩ කරනවා. ඒ අතර මට සිතුනා ඉංග්‍රිසියෙන් කවියක් ලියන්න. සිංහලෙන් කවි ලියන්න පහසු වුවත්, ඉංග්‍රීසියෙන් කව් ලීවීමට තරම් ඉංග්‍රීසි දැනුම මදි. එහෙත් පළමු උත්සහය ඉතාමත් සාර්ථක උත්සයක් වුණා. ඔබේ රස වින්ඳනයට මෙන්න එය . . .

Just follow on?
by Ravin Caldera


Where are you?

Now, you mean?

I don't know!


I looked at the winding roads

on a dividing pike

as far as I could see

No end at sight

Then, took the least interested


I felt, it felt, rather,

I am something - I am nothing

I am everything - for a moment!


Just follow on - as far as it takes

Where does it go?

No one knows, I suppose . . .


Just follow on - to the end . . .

as far as I could see,

as far as I could go

as far as it goes

But, is there an end?

No, I suppose not!



whining, whining, whining . . .

Why whines all along?

Just follow on -just follow on . . .

No end at sight!

are we lost?

I don't know!

But, just follow on . . .



ඔබට හිතෙන දෑ සටහනක් තබා යන්න. මා මෙහි අදහස් කරන්නේ කුමක්දැයි ඔබට සිතෙන ලෙස සටහනට ඇතුලත් කළොත් අගනේ ය. ස්තූතියි!

4 comments:

  1. මට ඉංග්‍රීසි නම් තේරෙනව මදි. මම තේරුම් ගත්තදේ හරිද මන්ද.... ජීවිතය ත් මේ පැදි පෙළ වගේ කියල මට හිතුනා....

    අවසානයක් නොදකිමි
    පෙනෙන මානයේ ඔබ නැත
    එහෙත් .....
    යා යුතුය මම
    කවරෙකුවත් නොදකින
    එහි අවසානය කරා
    හඩමින් වැලපෙමින්
    අතරමං වීද
    කවරෙකු දනීද
    නමුත් යා යුතුය
    ලුහුබදිමි
    ජීවිතය ....

    ReplyDelete
  2. ඔබ එන්නෙ අලුත් රටකට ... යුද්ධය නම් ඉවරයි.. ඒත් තවත් බලයට මඩ ගහ ගන්න කාලෙකදී තමයි ශ්‍රී ලංකාවට එන්නේ .. කොහොම වුනත් මගේ මවුබිම වාසනාවන්... සාධරයෙන් පිළිගන්නව ....

    ReplyDelete
  3. ඔබ මෙ ලියලා තියන්නෙ අපි හැමොගෙම ගමන. එ අතරතුර ඔබ දැකලා තියනව තමුන්ගෙ අධ්‍යත්මයෙන් නැගෙන බලවත්වීම්, කඩාවැටිම්, සොඳුරු තැන්..ඔබ අන්තිමට ලියනවා.. කඳුලු,බාධක අතහැර ගලාගෙන යන්න ඉඩදෙන්න කියලා.
    කොහෙද ඉන්නෙ , කොහාටද යන්නෙ..? අන්තිමය ගැන කවුරුවත් දන්නෙ නැහැ. කාටවත් පෙන්නෙ නැහැ. පංගුව එකතුකරන් යන ගමන ගැන ධනාත්මකව ජිවිතය දකින හැටි හරි අපුරුයි....

    මෙක මම රසවින්දෙ එහෙමයි. මෙහෙම කෙටියෙන් කියන්න බැහැ. නමුත් ඔය එක සිංහලෙන් ලියුවානම් ගොඩාක් වටිනවා. අපිට මෙක සිංහලට හරවන්න බැහැ. ඔයාම තමයි සිංහලටත් හරවන්න ඔනා.

    ReplyDelete
  4. සටහන් තැබූ ඔබ සැමට මගේ ස්තූතිය. ඉංග්‍රිසියෙන් ලියන කවි සිංහලට පරිවර්තනය කරාම එහි අගය හීන වෙනවා. ඒ නිසා මා එය කරන්න‍ට තන්නනේ නැහැ. අනෙක් අතට මා ඉංග්‍රිසියෙන් කවි ලිව්වේ පර්යේෂනයකට සහ මේ අසල සිටින මිත්‍රයන්ට සංතෘෂ්ටියක් ඇති කරන්න.

    @වත්සලා, ඔබ හරි මෙය ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයක්. මෙය රටට ද අදාළ කර ගත හැකි යි.

    @රවා, මා මේ කවය ලියන විට ගැඹුරු අධ්‍යත්මික පැත්ත ගැන වැඩි අවධානයක් නැතිව ලිව්වත්, මේ ආවර්ජනය සඳහා ඔබ කීයූ ආවේගී හැගීමෙන් මයි ලියා තැබුවේ.

    ඔබ දෙපළගේ අදහල් වලට ස්තූතියි!

    ReplyDelete