• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

තව කොතෙක් කල්?

පසුගිය සතියක යාපනයේ ඉගැන්වීමේ කටයුත්තකට යෑමට ලැබිණ. ඉගැන්වීම් කටයුතු වලට අමතර ව දින හතරක් පුරා යාපනේ සංචාරය කිරීමට ද අමතක නොකෙළෙමි. අපගේ ආයතනයේ යාල්පානම් අධ්‍යයන මණ්ඩපයෙහි සිංහල (ඉංග්‍රිසි සමහර විට) බසින් ඉගැන් වූ පළමු සිංහලයා විමේ භාග්‍යය ලැබ ගත්තේ ය (දෙමළ බසට පෙරළිමට පරිවර්ථකයකු ද මම සමඟ රැගෙන ගියෙමි). එහි ගත කළ කාලයේ, ගමන් ගත් විවිධ ගම්මානවල දී, ‍අහම්බෙන් එක් ගමනක් අතරමග දුටු දසුනක් මේ පබැදුමට පාදක වෙයි:

තැන තැන
සිහළ කොළුවන්
ආයුධ අතැති ව

787 බසයේ යාල්පානම් වෙත
එනෙන විට මාදගල් සිට

තල් රුකක් දුටිමි
නැගී තේජසින්
සිසාරා ගුවනත අතු පතර
ඒ තේජාන්විත ඍජු කදෙහි
මුලීන් තදකොට මිරිකා ගෙන
වැඩෙනා බෝ රැකක්
තල මැඩගෙන

තව කොතෙක් කල් . . .

2 comments:

  1. තල ගහ නැග එයිද???? බෝ ගහ නැක එයිද???
    තල ගහ සමග බෝ ගහ එක සම වෙයිද??
    නැතහොත් දෙකම එක මත එක මියැදෙයිද??
    කොයිකත් බලන්නට අපි ජීවත් වෙයිද?????????????

    ReplyDelete