• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

අගනා තිළිණයක් වූ විවාහය


මගේ නිර්මාණ පිටුවෙන් කලාවට බාහිර විෂයක් ගැන කතා කිරීමට සිත් විය. අකමැත්තෙන් වුව ද, මෙහි වටිනා කම සලකා මම මේ ඉඩ මෙම ලිපිය සඳහා වෙන් කරමි.


මා ජීවත් වන ඩලස් නුවර ජනග්‍රහණයෙන් 40%-60% පමණ ප්‍රමාණයක් තනිකඩයෝ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් 40%-50% ජනග්‍රහණයට අයත් වන්නේ අවිවාහක ලෙස ජීවත් වන පුද්ගලයන් ය. ඔවුන්ගෙන් 70%වක් ම මෙන් නිවාස ගැනුම් කරුවන් ය. ඇමරිකාවේ අවිවාහක ව තනිව ජීවත් වීමේ සංඛ්‍යව ඉහළ යෑම දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. එයින් ප්‍රබල ලෙස බලපෑමට පත් වන්නේ ජනග්‍රණ වර්ධනය යි. වයසට යන ශ්‍රමබලකාය පිරවීම සඳහා පුරවැසියන් අහිමි වීම නිසා ආර්ථික වශයෙන් ද, මෙය ගැටලු කාරී තත්ත්වයන් ඇති කරයි. යුරොපයේ සහ ජපානය වැනි රටවල, ආණ්ඩුව විසින් දිරිදිමනා දෙමින් පුද්ගලයන් විවාහයට යොමු කරති. ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ යන තනිකඩ සංඛ්‍යාවය එක් හේතුවක් ලෙස ගැනිය හැක්කේ බිඳි පවුල් සංස්ථාවන් ය. දික්කසාදයන් හා ද්වේශ සහගත ලෙස දරුවන් හා විවාහක සහකරු හැරයාම් නිසාත්, ඇතිවන සමාජ ව්‍යසනයන්ගේ ප්‍රතිපලයක් වන්නේ විවාහය තික්ත වීම ය. මෙහි ආසන්න වශයෙන් විවාහ වලින් 50% අවසන් වන්නේ දික්කසාද වීම් මගින් ය. ඒ හෙයින්, බොහෝ යුවල එක්ගෙයි විසීම කරන අතර, නෛතික ලෙස විවහා වීමට අපේක්ෂා නො කරති. අවුරුදු කිහිපයක් මෙසේ වෙසෙමින් අවසානයේ විසිර යති. විශේෂයෙන් පිරිමි පාර්ෂවය හට ලිංගික සංතෘප්තිය ලැබෙනම්, ඉන්න හිටින්නට සහ සලකන්නට කතක් වේ නම්, ඔවුනට විවාහයක් අවැසි නැති. අනෙක් අතට, කාන්තාවන් හට ද, ස්වකීය සුරක්ෂිත බව සැලසේ නම්, ඔව්හූ ද මෙසේ ජීවත් වීමෙන් තෘප්තිමත් වෙති. උසස් අධ්‍යාපනය, රැකීරක්ෂාවන්ගේ ඉහළ තනතුරු සඳහා පොරය, හොඳ සශ්‍රීක දිවිපෙවෙතක් සඳහා වූ අපේක්ෂාව, ආදී බොහෝ සාධක විවාහ ප්‍රමාද කිරීම සඳහා නිදහසට කරුණක් කර ගනු ලැබේ. ඇමරිකාවේ නම් පළමු විවාහය සඳහා කන්තාවගේ වයස අවුරුදු 26-35 දක්වා ඉහළ අගයක් ගනී. බොහෝ විට පළමු විවාහය සඳහා ඇතුලු වන්නන් හට දරුවෙක් සිටීම දැන් සාමාන්‍ය කරුණකි. අනෙක් විවාහය කල් දැමිමට හේතුව තනකඩයකු වශයෙන් ඇති ස්වාධිනත්ව ය යි. ඇමරිකානු ජන සමාජය තනිපුද්ගලවාදී, ආත්මාර්ථකාමි සමාජයකි. සැමවිට ම, පුද්ගලයන් සිතන්නේ තමුන් ගැන පමණකි. ඒ හෙයින් ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් නිර්ණය කරන සාධකය පෞද්ගලික සැප විහරණය යි. එයට දරුවන් භාධාවක් නම්, හෝ විවාහය තුළ “ප්‍රීතිය” තවදුරටත් භුක්ති විඳිය නොහැකි නම්, එසේ ප්‍රීතිය සපයන අය වෙත ඔව්හු හැරෙති. එහෙත් විවාහය, ශාරීරික මානසික හා ආත්මික වෙනස්කම් ඇති කරන සම්බන්ධතාවයකි.

පහත මා විසින් දක්වන්නේ විවාහය තුළ ඇතිවන කායික හෝමොනමය බලපෑම යි:

රූපය: හෝමොන වර්ධනය

හෝමොන පිළිබඳ පර්යේෂණයේ නියැලුනු විද්‍යාඥයන් විවාහ ජීවිතය තුළ ඇති වන විවිධ වූ හෝමොන විපර්යාස පිළිබඳ ප්‍රධාන හෝමොන තුනක වෙනස් වූ ක්‍රියාකාරකම් හඳුනා ගෙන ඇත. සිත් බැදීමේ ‍සිට පළමු අවුරුදු තුනක කාලය දක්වා පෙමින් වෙලී සිටින යුවලගේ අසාමාන්‍ය වර්ධනයක් ලෙස ඇඩ්රනලීන් හෝමොනය පවතින අතර, මෙයින් දෙදෙනා හමූ වූ විට, ඇති වන අධික හෘද ක්‍රියාකාරීත්වය, ආවේගාත්මක හැගීම්, ශාරීරික උත්තේජනය ආදී ශාරීරික උද්වේකර තත්ත්වයන්ට හේතු වේ. ඇඩ්රලනින් ක්‍රියාකාර්ත්වය නිසා අධික කාමාශාව හා රාගීකක බැදීම වැඩි වේ. ඒ හෙයින්, පළමු අවුරුදු 3-5 දක්වා ඇතිවන ලිංගික සම්බන්ධතාවන්, එතැන් පසු මරණය දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ඇති වන කායික සම්බන්ධතාවයන් ප්‍රමාණයට වඩා සංඛ්‍යත්මක ව වැඩි ය. අවුරුදු තුනක පමණ කාලයක දී, ඇඩ්රනලීන් හෝමොනයේ ක්‍රියාකාරීත්වය පහත වැටෙන අතර, එන්ඩොෆින් නම් දෙවන හෝමොනය රුධිරයේ බහුල ලෙස හට ගනී. මෙයින් මානසික වශයෙන් සුවතාවක් හෝ ප්‍රීතිමත් ස්වභාවයක් ස්වකීය විවාහක සහකරු හෝ සහකාරීය සමඟ සිටින විට ඇති වේ. අවුරුදු 7ක් පමණ වන විට තෙවන හෝමොනය වන ඔක්සීටොසීන් හෝමොනයේ ක්‍රියාකාරීත්වය ඇති වේ. මෙම හෝමොන වෙනස් වීමේ දී “සත් අවුරුදු සාය (7 year Itch)” හෙවත් විවාහයේ ඇති එකාකාරීත්ව හැඟීමක් ඇති‍ වේ. එහෙත් තෙවන හෝ‍මොනයේ ක්‍රියාකාරීත්වය සමඟ බැදීම වැඩි වර්ධනය වේ. ඔක්සිටොසින් හෝමොනය මව්කිරීවල අඩංගු සංඝඨකයකි. එයින් ළදරුවා සහ මව් අතර බැදීමට පාදක‍ වේ. අවුරුදු 7 සිට ජීවිතාන්තය දක්වා ඔක්සිටොසින් හෝමොනය ක්‍රියාත්මක වන අතර, එයින් විවාහක යුවල අතර දැඩි බැදීමක් ඇති වේ. මෙසේ අවුරුදු 30-50 පමණ එක්ට ජීවත් වෙමින් සිටින යුවලකගේ එක් සහකරුවකුගේ මරණය සමඟ ‍බොහෝවිට අනෙකා ද, වසරකට ආසන්න කාලයකදී මියයෑම සිඳුවන්නේ මෙවැනි දැඩී ශාරීරික, මානසික හා ආත්මික බැඳීමක් නිසාවෙන් ය.

ඒ හෙයින් විවාහය යනු ඉතා සුවිශේෂි මානව සම්පත ලද තිළිණයකි.

7 comments:

  1. හරියටම හරි..

    ReplyDelete
  2. විවාහය හරියට university එක වගේලුනෙ . ශ්‍රී ලංකාවේ campus යන්න බැරිවුන අය ඒ ගැන දුක් වෙනවා. ගිය අය එළියට එන්න බැරිව ලතවෙනවා. මට නම් විවාහය රෑට රෑට පේන හීනයක් වගේ.
    කොහොම වුනත් ලස්සනට ලියනවා. සුභ පතනවා ඉදිරි යට මීට වඩා හොදින් ලියන්න.

    ReplyDelete
  3. තිලිණයකි මට ලැබුන
    මදහස නගමින්
    සිබිමින් ,අතිනත අල්ලමින්
    සුබ පතමින්
    දුන්නේය ඔවුන් එය
    අමිල වස්තුව ලෙසින්
    සරවපිත්තල දවටනයේ අසුරා
    රිබන් මල් තව බොහෝ දේ
    සහසක් බලාපොරොත්තු
    විවර කෙරුවෙමි
    ඇතුලත.................
    හිස්

    ReplyDelete
  4. @wath
    අනේ wath, ඔබ හැම දෙයකම නරකමනේ දකින්නේ. වෙනසකට හොඳ පැත්තත් බලන්න:

    ඇතුලත කිසිවක් නොමැති ලෙස,
    සකසා පියකරු බවින් යුත්,
    මුළා කොට තිළිණ දෙන්නෝ

    කළණ මිතුරන් නොව,
    වැහි පොරොත්තු දෙන බොල් වළා බඳු
    සබඳ දැනගන්,

    මදහස නංවන පිණිස දුන්,
    විහිලුකරුවෝ ය. . .
    (සිනා සෙන්න)

    නැතහොත්,

    සිත පාරන රිදවන පිණිස දුන්,
    වෛරකරුවෝ ම යි. . .
    (ප්‍රවේසම් වන්න)

    ReplyDelete
  5. Good article. Food for thought, indeed!

    ReplyDelete
  6. ම්ම්ම්ම් නියම ලිපියක් සහෝ,
    මම නම් විවාහය දකින්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් විදියට...කොහොම වෙතත් මෙලොව ඉපදුනු මනුෂ්‍යයෙක් නම් විවාහ විය යුතුමයි.......විවාහය කියන එක නැත්නම් අනේ මන්දා මෙ ලෝකෙට මොනව වෙයිද කියලා....ප්‍රජාව නම් ජනනය වෙයි ලොකෙ පිලිවෙලක් නැති වෙයි........

    ReplyDelete