
පාළු මාවතේ
අත්වැල් ලා
කිහිරි හිරු රැසේ
දුර කතර ද නොතකා
ඇවිද ගියා
අනන්තයේ මංමුලා වී
නුඹ හා මා
පෙමින් වෙළි
මුළු ලොව ම අමතක කොට
එකට බැඳී නෙතින් යුතු ව
හදවතින් දොඩමළු වී ය
ඝෝෂාකාරී භෝජුන් හලේ
බංකු කොණක ගුලිගැසී
සුරතල් තෙපලු මැද
පාවෙමින් අනාගත නුඹකුස
තනි වුනෙමු අප දෙදෙනා
ආදරවතුන්ගේ දින එදා
මගේ හදවත රනින් තනා
බැන්ඳා මම නුඹ ගෙල වට
එහෙත් එය අද මෙන් මට
මතකය දූරාතීතයේ
සිහිනයක් සේ බොඳ වූ
මාවත් සංදියක
තති කළා නුඹ මා
මගේ මවගේ අකමැත්ත
මගේ පෙමේ උණුහුමට වඩා
රිදිවන්න ඇති නුඹ
එහෙත් නුඹ වෙනුවෙන්
තන්නට නිවෙසක්
අපේ දරු මල්ලන් සමඟ
කරන්නට එය කැඳල්ලක්
සිහින මවමින් උන්නා මම
ඇයි නුඹ නොපැමිණියේ
මගේ පෙම්බරියේ
පළමු දින, දෙවන දින,
තෙවන දින, සිව්වන දින
සතිය පුරා. . .
මා තනිකර හුදකලාවේ
අදුරු මාවත් කොණක සීතලේ
නුඹ එනතුරු
හෝරා ගණනක්
හිතෙන් අඬමින් හුන්නා
අවසන් රෑ බසය තුරා
අවසානයේ මා සිතුවා
නුඹ විරසක බැව් මට
එහෙත් ඇයි නුඹ
විරසක නොවුයේ මා සමඟ
ඇයි කතා නොකර හඬවා මා
සැඟ වූ පෙමෙන් පෙම් කළේ මට
අපේ වෙන් වීම අසා
නුඹේ පියා, මා සහෘර්දයා
බිඳි හිතේ දුකින්
අකාලයේ මියැඳුණේ ය
පවරා දොස නුඹට
දයාබර සබද
ReplyDeleteකියමි මම දොස් නුඹට
සෙවනැලි පැටලුනද
හදවත් නොපෑහෙන යුගයේ
ලැබී ඇත ඔබට ඇගෙන් වටිනා යමක්
විමසා බලනු හදේ ගැඹුරුම අඩියෙන්
ඇගේ පිරිසිදු හදවත තවම ඔඛෙ ලග නොවෙද
This comment has been removed by a blog administrator.
ReplyDelete