• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

දිය උල්පත්


කඳු මත පිවිතුරු දිය උල්පත්

වටා නැගෙයි වන මංපෙත්

පැමිණි කල මහමං

අත් හැරෙයි ඒ මංපෙත්

මනහර වූ උල බුබුළ

සැඟවීයයි මිනිස් ඇසින්

ගැවසී වල කටු ලැහැබ්


ග්‍රීෂ්මයේ මග යන්නෝ

පිපාසයෙන් පැන

මහමඟින් පිටතට

අතැරුණු උල්පත් සොයා

පාදා වල කටු ලැහැබ


ඒ දෙසට නෙතු යොමා

පැහැදිලි දිය මත වැටි

හිරු, අහස, කඳු අවට සිරිද

ස්ව-ඡායා දෙස බලා


සුනිල දියපොදින් සැනැහී

අනුනු ද ඒ සොදුරු තැන්

නොදැනීම පාපයකයි ඉටා,

සතට කිව යුතුයි සිතන මුත්

අමතක කරයි පසුව එය


ජීවිතයෙත් මෙවන් ය

එහෙත් එය ජීවිතය යි.


-ගුරු ගීතය පොතෙහි මා සිත් ගත් කොටසට පෙරවදනක්.

8 comments:

  1. අපි ජිවිතය හොයනවා...
    ජිවිතය අපිව හොයාගන්නෙ නැහැ.

    ගුරුගිතය ත් එක ගීතයක් පමණයි රසවත් හදවතක් ගෙත්තම් කෙරුන.
    අත්හැරුණු උල්පත් සොයා යන
    මෙ ජිවිත ගමනෙ
    කඳුලු බිංදු කිපයකුත්
    සැහෙ පවස නිවාලන්න..
    ඔබට ජය...

    ReplyDelete
  2. "ගුරු ගීතය" තවත් එක් ගීතයක් නම් ඇයි තවමත් අදටත් එය කාගෙත් සිත් වල රැදිලා තියෙන්නෙ. දුයිෂෙන්ලා, අල්තීනායිලා අදටත් ඉන්නවා. කාර්ය බහුල ලොකෙ අපිට ඔවුන් අදුර ගන්න වේලාවක් නැහැ.මම "ගුරු ගීතය" කීපාරක් කියෙවුවද කියල මමවත් දන්නෙ නෑ.

    කෙතරම් උසස් තැනකට ගියත් පවස නිවපු දිය උල්පත ගැන මතකය කාගෙත් හිත් වල තියනව. ආත්මය දවන පිපාසය නිවන්න නම් ආයෙත් කවදහරි ඒ දිය උල්පත දකින්න ඕන.ඒකනෙ සමහර මිනිස්සු වයසට ගියාමත් පරණ යාළුවො හිතවතුන් සොයා යන්නෙ.අඩුගානෙ පාපොච්චාරනයක්වත් කරන්න ඕන නැත්තම් හිතට සහනයක් නැහැ.අල්තිනායීට වුනෙත් ඒක.

    දිය උල්පත පිපාසය නිවනව .. කාගෙන්වත් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නෑ. ආයෙත් හිමීට ගලා බහිනව.

    අතීතයේ ගග ගලා බසී
    සිදී බිදී ගල් පර අතරේ
    සිනා සිසී සුදු පෙණ පොකුරේ
    ගලා බසී නව මං පාදා.
    සේකර.

    මම නම් කියන්නෙ ඒ වගේ උල්පත් ගැන සමාජයට හෙලි‍ නොකරන එක හොදයි. මොකද දන්නවද? ඒ බව දැන ගත්තම වෙන දේ ඔයාල දන්නව නේද? අන්තිමට ඒ ගැන හෙලි කර කෙනාට ඉතිරි වෙන්නෙ දුකක් විතරයි.ජීවිතේ සතුටින් ඉන්නයි ඕන.

    ඔව් ශීත කාලය පැමිණේවි
    තද ශීත කුණාටු හමාවි
    හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි
    එහෙත් වසන්තය එනවා සත්තයි
    ගුරු ගීතය

    ඔබට ස්තූතියි ගුරු ගීතයේ මතකය අවදි කරාට.

    ReplyDelete
  3. @ රවීන්
    පොත කියවන්න කැමති නම්, මම ඔයාට පොතක් දෙන්නම්.

    ReplyDelete
  4. @ රවීන්
    ගුරු ගීතය පොතෙහි ඔබ සිත් ගත් කොටසට http://sodurusitha.blogspot.com/2009/09/blog-post_1577.html

    පොත පුංචි නිසා type කරල blog එකට දාන්න පුලුවන්. ඒ ගැන හිතල බලන්න ඕන.

    ReplyDelete
  5. ස්තූතියි අදහසට!

    ReplyDelete
  6. ගුරුගිතය තවත් එක ගීතයක් කියලා මම එක අවතක්සෙරුවට ලක් කළෙ නැහැ. මමත් ආසම කරන පොතක්.
    මෙ තියන්නෙ ගුරුගිතය පොත.

    http://vidyaonline.org/arvindgupta/duishen.zip

    හැබැයි ඉංග්‍රිසියෙන්. සිංහල පොතත් අපි බලමු ඉදිරියෙදි එකතු කරන්න.

    ReplyDelete
  7. thank you Rava ...Mama download kara gaththa. harima watinawa ..Bohoma esthuthieeeeeeeee.

    ReplyDelete
  8. මා එය බා ගත්තාග බොහෝම ස්තූතියි. මට විවේක ඇති විටක කියවන්නම්! ස්තූතියි!!

    ReplyDelete