• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    4 years ago

අතීත සැමරුම්: ආදරය මත ආදරය


සුපුරුදු පරිදි මා ඇයට විහිලු තහලු කරමින් සිටියේ ය. සමහර විටක ඒවා සිත් කිහිරි දනවන හා පාරන සුළු විය. හදිස්සියේ ම ඈ මා නොසිතු මොහොතක, ඇය කමින් සිටි ආහරයෙන් බත් පිඬක් ගෙන මා හට කවන සේ අත දිගුකර හිස සැලී ය. මා ද, කට ඇර ඒ පිළි ගත්තේ ඇයගේ මුහුණ දෙස ඇසි පිය නොහෙළා බලා හිඳිමින් ය. "ඇගේ මුහුණේ සහ දෑස මත කිසිදා නොදුටු ගැඹුරු ළෙන්ගතු කමක් සහිත ආදරයක් ගැබ්වී තිබුණේ ය. ඇය මට ආහාර වෙලෙන් කටක් කැව්වේ මන්ද?" මා සිත මගෙන් ම අසන්නට විය. ඇගේ ‍සිතේ ආදර මල් කැකුළක්වත් විකසිතවීදැයි සිතා ගැනීමට නොහැකිවිය. ඇය නිතර නිතර මාහට කරන සැලකිලි ගැන අවධාරණයෙන් කල්පනා කළෙමි.

පසු දිනක පංති අහවර වන මොහොතක, අයිස් ක්‍රීම් කන්නට ආරාධනා කළෙමි. ඇගේ දැස් දීප්තියෙන් බැබෙලෙන්නට විය. ඈ සිනහවක් මුව සරසා, යම්තමට වාගේ හිස සැලී ය. ඇය සමඟ මා කැන්ටිම වෙත පියමං කළේ ය. මා ඈ කැමති වර්ගයේ අයිස් ක්‍රීම් වර්ගය මිළ දී ගෙන, මා කැමති චොකලට් වර්ගයේ අයිස්ක්‍රීම් එකක් ද රැගෙන ඈත කොණක ඈ සමඟ වාඩි ගත්තේ ය. ඇය වරින් වර, අයිස් ක්‍රීම් රස බලන ගමන් වාගේ මා දෙස ද බලා හුන්නා ය. ඇගේ දැස් ඉතාමත් අලංකාර ය; ගැඹුරු ය. ඒ කාන්තිමත් දෙනෙත් හෙළු මට එයින් මුළු ලෝකය ම පෙන්නා සේ හැඟීමක් ඇති විණ. කිසිදාක මා ඇය මෙතරම් මනස්කාන්න ලෙස දැක නැත. තුරු සෙවන, වරින් වර ගස්පීරා වැටෙන හිරු එළිය, ගතේ දැවටී, කෙස් පීරා හමන මද සුළඟ මේ මොහොත තවත් සොඳුරු කළා සේ ය. අප දෙදෙන අයිස් ක්‍රීම් ලෙව කකා නිහඬ ව දෙදෙනා දෙස බලමින් හුන්නේ ය; එය දිගු නිහැඬියාවකි. ‍මුළු ලෝකය ම එක වර නතර වුනා වැනි. . .

"ඇයි එදා මට කැව්වේ, කෙල්ලට ආදරයක් වත් හිතුන ද?" දැඩි නිහැඬියාව බිඳිමින් මා ඇසුවේ ය. ඇය නොසිතූ මොහොතක, මා එල්ල කළ ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ ඈ, හැඟුම් බර ආදරයසිනහවක් පා ආලෝකමත් දෙනෙතෙන් ද, රතු වූ දෙකොපුලෙන් ද, ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය. මා ඇය දෙස බලා හුන් අතම බලා හුන්නේ ය.

"ඔයා මට ආදරේ ද?" මා ඇසුවේ ය. රතු වූ මුහුණින් යුතු ව ඈ, අපහසුතාවයෙන් දෙවරක් හිස සැලී ය. ඇගේ කන්පෙති පුපුරු ගසා යන සේ රතු වර්ණ ව තිබිණ. "මේ බලන්න, මම ඔයා දන්න දවසේ ඉදන් කළේ හිත රිදෙන විහිළු; ඉතිං කොහොම ද මට ආදරය ක‍රන්නේ?" අවුල් වූ මනසකින් යුතු මා ඇයගෙන් ඇසුවේ ය.

"ඔයා මොනව කළත්, හිත යටින් හොඳ කෙනෙක් කියලා මම දන්නවා!" "ඔයාගේ විහිලු . . . තදින් කතා කරන්නේ ඔයාට ඒක හුරු නිස යි!" "ඉතිං මං ඒවා ගනන් ගත්තේ නැහැ" ඈ මෘදු ලෙස පිළිතුරු දුන්නා ය.

මා කරබාගෙන අසා සිටියා පමණි.

"මම ආදරයට ගොඩක් ගරු කරන කෙනෙක; ඔයා මට ඇත්තට ම ආදරේ නම්, මා ද පෙරලා ආදරය කරනවා!" "මං අයේ කවාදාවත් හිත රිදෙන විහිළු කරන්නේ නැහැ" ඈ දෙස එක එල්ලේ බලා ගෙන ම කිව්වෙමි. ඈ තවමත් බිම දෙසට තෙ යොමා ගෙන සාවධාන ව අසා ගෙන සිටියා ය.

මම නැගිට ඈ දෙසට අත දිගු කළෙමි. මා දෙස බලා, ඈ ද ඇගේ අත මා දෙසට යොමු කළා ය. ඇගේ අතින් මා තදින් අල්වා ගෙන හිරු බැස යන ඒ සවස් යාමයේ පොපියන අදුර අප වට කරද්දී, ඇය සමඟ අනන්තයට ඇවිද ගියෙමි.

6 comments:

  1. ලස්සන කථාවක්. හොඳයි.

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ ඔයත් ඉන්නවා කියලා දැනෙනවා.. ලස්සන කතාවක්..

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියනවා මේ කතාව. ඔබට ජය.

    ReplyDelete
  4. ජීවිතය ලස්සනයි. එහෙත් ඒ විඳින්න සුන්දර හදවක් සහ උපේෂාවෙන් යුත් ආකල්පයක් අවශ්‍ය යි. ඔබගේ සුන්දර අදහස් වලට ස්තූති යි.

    ReplyDelete