• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

ඔබ කවුරුදෝ?


දිගු ගමන් බස් රියක
රැදී හුන්නෙමි අසුන් කොණ
ඒ අසල ගැටිස්සියෝ
කිචි බිචියේ ඔපාදුපයෙන්
අසුන් සහන් මැද
සුවසේ නිදනා විට දී
ලිපිනය ලියූ
ගුලි කළ බස් ටිකට්ටුවක්
මා සාක්කුව වෙත
හොරින් දැමූ,
ඔබ කවුරු දෝ?

8 comments:

  1. කවුරුද හැබෑවට?
    ලස්සනයි නිර්මාණය

    ReplyDelete
  2. සක්කුවෙ තිබුන කිසිවක් අඩු තිබිම සම්බන්දව දෙවියන්ට ස්තුති වෙවා..
    රවින් අයියට වැඩක් නැත්නම් දෙන්න අපිට.. අපි වැඩක් ගන්නම්..
    කවිය ලස්සනයි.

    ReplyDelete
  3. @ Raven,

    කවුරුද යන්න මගේ ප්‍රශ්නයත්. . .

    @ රවා,

    යම්තන් හොයලා හොයලා බස් ටිකට් එක සොයා ගත්තා හැබැයි ලිපිනය තිබුණේ නැහැනේ. . . සමාවෙන්න බලාපොරොත්තු ඇති කළාට!

    ReplyDelete
  4. අපරාදෙ..අත දානකොටම අල්ල ගත්තනම් ගොඩනෙ

    ReplyDelete
  5. කිචි බිචියට රැවටී අවටින් නැ‍‍‍‍‍‍‍ගෙන
    ‍මේ ‍‍ලෝකේ සිහිය ‍‍නො මැතිව නිදා‍ ‍ගෙන
    සිටියදි ‍‍‍නොදැන මම ‍මේ ඉන්නේ කොතැන
    ගියා මදැයි කලිසම ගලවා ‍‍නොගෙන

    ReplyDelete
  6. අනේ අම්මප ඇත්තට කවුද ?

    ReplyDelete
  7. liumak ehema dalama beluwoth narakada ayye......nikamata wage... :D

    ReplyDelete
  8. @ Sri Manjula,

    අකුරු කරවා අනුරපුරේ සිට
    එප්පාවල ගත කර දින අට
    ඇති වැඩ ගැන සිතන විට
    නින්ද නොයයි ද වෙහෙසින් මට

    නැත සාක්කුවට අත දමා
    නැත කිසිවක් ද ගෙන තමා
    නැත කිසි හොඩුවාවකුද ළමා
    නැත මට බියක් කලිසම ගැනා

    @ Hasitha,

    එයයි මගේ ප්‍රශ්නය!

    @ දිනුෂී,

    අදහස නම් හොඳයි! ඒත් දැන් ලිපිනය ලියූ බස් ටිකට් එක සොයා ගන්න එක තමයි ප්‍රශ්න යග

    ReplyDelete