නිවාඩු කැන්සල්, එනිසා නිහඬ යි!

මේ දිනවල ලංකාවට ගොඩ බැහැලා අත මිට පිරෙන්නට වැඩ. හුස්ම ගන්න තරමට වත් වෙලාවක් ලැබුනේ නැහැ. අවුරුදු දෙකක වැඩවල අනුපූරණය කිරීමට ඇති ප්‍රමාණය සිතා ගන්නටවත් බැහැ. කෙසේ වෙතත් විවේකයක් ලැබුණු සැනින් යමක් සටහන් කරන්නන්. මේ සටහන ලීවේ අපේ රවා සහෝදරයාගේ සටහනක් දුටු නිස යි. ඇමරිකාවේ ශිෂ්‍ය දිවිය වගේ ලංකාවේ නම් විවේකයක් සොයා ගන්නට හරිම අමාරු යි. කෙසේ වෙතත් ඉදහිට මා බස් නැවතුවේ සිටිනා විට හෝ බස්රියේ ගමන් කරන විට ඒහේ මෙහේ දුවන හිතේ සිතුවිලි හෝ කඩයකට ගොඩ වී වඩයක් කන ගමන් අවට බලා දකින දෙයින් සතුටු වන්න; ආස්වාදයක් ලබන්න; මිහිරක් විඳින්න නම් අමතක කළේ නැහැ. තණ ‍කොළ බිස්සක් මත ඇවිදින්න, ගසක සිසිල් සෙවනේ හුළං පොදක සිසිල ලබන්න, කුඹුරක නියරක සිට ගොයම් නලවාගෙන එන මදනල සුවඳ බලන්න, සීතල ම සීතල වතුර පොදක් ළිදෙන් ඇද බොන්න, සෑමදාම උදෑසන කුරුළු ගී නාදෙන් නැගිට, ජනේලයෙන් ගෙයි මායිමේ දවට ගසට මුවා වී ඔච්චම් කරන හිරු දිහා බලන්න තරම් වාසනාවක්, ලංකාවේ මිස කොයි රටේ ඇද්ද?

ආදරය යනු...


ආදරය යනු නිදි නැති රැයක

බෝඳ සිහිනයකි


දිය මත වැටී සුදු මල්

රැලි අතර නැලැවෙන සේ

සසල සිත මුකුළු කරවන

ආදරය යනු මෘදු මද පවනකි

ගතේ තැවරී, සිහින් සුව දී

විගසින් ඉ‍ගලී පියඹනා

නැත නතර වන

සදහට ම ළඟ


ආදරය යනු සිත් ගත් සුවඳකි

කුසුම් දස දහසක් ගෙනෙන

ඒ සුවඳින් මත් ව

සිහින ලොවට ඔසවා ගෙන යන

සුවඳ රොදකි සිත්කළු


ආදරය යනු ඉරමුදුන් දින

නිල් පැහැති කදු වළල්ලකි

නෙත් පුරා, සිත් පිනා

නිසල කරන ගත සිත


ආදරය යනු සුළඟින් නැළැවෙන

පස් පියුමෙන් සපිරි - නිල් විල්තෙරකි

ගතට සිතට නෙතට - සහන් සලා නළවන


ආදරය යනු ගල් මතින් පොපියා වැටෙන

දියළුමකි-දුම්හිඳකි පියකරු

දිය ඉහිරී, සිසිල දී කරන

පහන් සිත් සතන්


ආදරය යනු

කියවා නිම කළ නොහැකි

ලස්සන පොතකි


ආදරය යනු පුන් පොහෝ දිනක

බෝ සිසිලිළාල හඬ මැද

බවුන් වඩන පහන් සිතතක

නිවිසැනැහුම් ආවේගයකි


වචනයෙන් කිව නොහැකි මුත්

සිහින් ලෙස දැනෙන

ආදරය යනු

අමුතු ආගන්තුක

සහනයකි හද පතන


ආදරය යනු.... ආදරය යනු... ආදරය යනු...


වෙනකක් නොව,

ආදරය යනු ඔබ ය - මා පෙම්බරි යේ. . .

ලන්ඩන් හිම


පාළු මාවත් වසා වැටුණ හිම
වැතිර අතු මත,
ධවල පළසක විලස

ඝන වායු පටල,
හිම සිසාරා තල්ලු කර පසකට
හිරු රැස සුදු-පබුළු දිදුළුවා
කවුළු කෙළවර සිට තට්ටු කරයි

හිම දහරෙන් සීත වූ නුවර,
පාළු වීදී, ගුලි ගැසුණු විහගුන්
සෙමින් ඇදෙන වාහන
හිමහි මතෙන් වෙරි වී
ඒ මේ අත වැනෙන ජනයා

හුස්ම හිර කරන ශිත වායු කදම්භ
පාද ‍ශීතෙන් මිරිකා
ඇඟිලි හිරිවට්ටා
පපුව හිර කර
මුහුණ රළු කොට
ඇස් බොඳ කරවයි
වැදී මෘදු හිමෙන්

සුළ‍ඟේ පාවෙන්නට තනා
පහළ ට වැටෙන හිම
අතු පුරා, ගස් වසා
පොළොව පිට වැටී,
තණ වතු පිටි සුදෙන් වසාලයි

මරණය...
ජීවතුන්ගේ ලොව වසන ලෙද
ඉතිර පැතිර ධවල සුද

දෙදිනකඳු පවැත
හිරු රැසින් දිය ව
වතුර දී, ගලා ගොස්
වියැකේ. . .

[මෙහි "වසන" යන ක්‍රියා පදය "වැසීම" සහ "වාසය කිරීම" යන අරුත් දෙකින් ම යොදා ඇත]

සුවදෙන කළණ මිතුදම්


එංගලන්තයේ ලන්ඩන් නුවර මේ දවස්වල අධික ශීත කාලයක් පවතින අතර, එදිනෙදා වැඩ කටයුතු හා ශීතල අන්තර්ජාලයේ වැඩි වේලාවක් ගත කිරීමට අවස්ථාවක් නොලැබේ. කෙසේ වෙතත්, ලන්ඩන් නුවර සිරි නරඹන අතරතුර, වසර දෙකක් පුරා මා සමඟ ඇමරිකා ජීවිතය දීප්තිමත් කළ මගේ මිතුරන් හට කෘතගුණවේදී ව තුති පිදීමට කවියක් ඉංගිසියෙන් ලිව්වෙමි. එහි මූලීක පැදි පෙළ සඳහා සැමුවෙල් ටෙලර් කොල්රිජ්ගේ "යූත් ඇන්ඩ් ඒජ්" කවියෙහි බොහෝවිට උදෘතයට ගන්නා වූ පදකොටසක් වටා, මුළු පැදිපෙළ ම ගොඩ නැගී ඇත. මෙහි මූලීක තේමාව මිතු දම වෙහෙස නිවන සුරක්ෂිතාව දෙන වෘක්ෂයකි. පහත දැක්වෙන්නේ මගේ මිතුරන් උදෙසා ලියූ පැදි පෙළ යි:


The trees pose shades on the silent waters

to whom that waits, giving refreshment and grace

in the scorching heat, the sweat, the weary

in an incandescent summer day

under such freshly shade of trees,

cool and breeze, covered with dark mellow ,

takes away that incant hate,

the thrust, the break of rest,

and gives a glimpse of soothing bliss . . .

It is true, which often said,

"Friendship is a sheltering tree"

Yes, that is true,

Surely, I agree

like . . .

you to me!


සමුදීම



දකින්නට පෙර හිටන්
හිතේ වූ අමනාපෙන්
ඇනුම් බැනුම් - රැවුම් ගැරහුම්
තෙපල තෙපලා
දෑ වසරක ඳු පුරා...

දහසකුත් මේ - සිත් පාරන
බැන වැදුම් - රැවුම් ගැරහුම්
ඉවසා දරා
නුඹ හුන්නා නිහඬ ව...

හිත් බිඳි තන්හි මා
පාළුවට ළං ව හිඳ
බෙදා දුක් - අඩක් ගෙන
තූනී කර - හිතේ බර
නුඹ හුන්නා නිහඬ ව...

තවත් දෙ දිනකින්
මෙතුත් දුන් නුඹ මට
හොඳ හිතට තුති පුදා
ඇමරිකන් සුළු මව්ණි
හැරපියා මා නුඹ
යමි උරුම - මගේ තුරුළට
මට පුරුදු උණුහුමට

මගේ මව්... මගේ මව්...
හැරපියා මා නුඹ
මගේ මව් වෙතට යම්!

මගේ කුළුඳුල් ඉංග්‍රීසි කව් පෙළ: "Just follow on?"

මේ දවස්වල මගේ අධ්‍යපන කටයුතු අවසාන කර, නැවත ගම රට බලා පැමිණිමට අවශ්‍ය දෑ සුදානම් කරමින් සිටින්නේ. දිවා රෑ දෙකෙහි සැහෙන පමණ නිදි නැති ව, වැඩ අවසාන කරන්නට අත දිගහැර වැඩ කරනවා. ඒ අතර මට සිතුනා ඉංග්‍රිසියෙන් කවියක් ලියන්න. සිංහලෙන් කවි ලියන්න පහසු වුවත්, ඉංග්‍රීසියෙන් කව් ලීවීමට තරම් ඉංග්‍රීසි දැනුම මදි. එහෙත් පළමු උත්සහය ඉතාමත් සාර්ථක උත්සයක් වුණා. ඔබේ රස වින්ඳනයට මෙන්න එය . . .

Just follow on?
by Ravin Caldera


Where are you?

Now, you mean?

I don't know!


I looked at the winding roads

on a dividing pike

as far as I could see

No end at sight

Then, took the least interested


I felt, it felt, rather,

I am something - I am nothing

I am everything - for a moment!


Just follow on - as far as it takes

Where does it go?

No one knows, I suppose . . .


Just follow on - to the end . . .

as far as I could see,

as far as I could go

as far as it goes

But, is there an end?

No, I suppose not!



whining, whining, whining . . .

Why whines all along?

Just follow on -just follow on . . .

No end at sight!

are we lost?

I don't know!

But, just follow on . . .



ඔබට හිතෙන දෑ සටහනක් තබා යන්න. මා මෙහි අදහස් කරන්නේ කුමක්දැයි ඔබට සිතෙන ලෙස සටහනට ඇතුලත් කළොත් අගනේ ය. ස්තූතියි!

දිය උල්පත්


කඳු මත පිවිතුරු දිය උල්පත්

වටා නැගෙයි වන මංපෙත්

පැමිණි කල මහමං

අත් හැරෙයි ඒ මංපෙත්

මනහර වූ උල බුබුළ

සැඟවීයයි මිනිස් ඇසින්

ගැවසී වල කටු ලැහැබ්


ග්‍රීෂ්මයේ මග යන්නෝ

පිපාසයෙන් පැන

මහමඟින් පිටතට

අතැරුණු උල්පත් සොයා

පාදා වල කටු ලැහැබ


ඒ දෙසට නෙතු යොමා

පැහැදිලි දිය මත වැටි

හිරු, අහස, කඳු අවට සිරිද

ස්ව-ඡායා දෙස බලා


සුනිල දියපොදින් සැනැහී

අනුනු ද ඒ සොදුරු තැන්

නොදැනීම පාපයකයි ඉටා,

සතට කිව යුතුයි සිතන මුත්

අමතක කරයි පසුව එය


ජීවිතයෙත් මෙවන් ය

එහෙත් එය ජීවිතය යි.


-ගුරු ගීතය පොතෙහි මා සිත් ගත් කොටසට පෙරවදනක්.

විරසක නො විරසක


පාළු මාවතේ

අත්වැල් ලා

කිහිරි හිරු රැසේ

දුර කතර ද නොතකා

ඇවිද ගියා

අනන්තයේ මංමුලා වී


නුඹ හා මා

පෙමින් වෙළි

මුළු ලොව ම අමතක කොට

එකට බැඳී නෙතින් යුතු ව

හදවතින් දොඩමළු වී ය


ඝෝෂාකාරී භෝජුන් හලේ

බංකු කොණක ගුලිගැසී

සුරතල් තෙපලු මැද

පාවෙමින් අනාගත නුඹකුස

තනි වුනෙමු අප දෙදෙනා


ආදරවතුන්ගේ දින එදා

මගේ හදවත රනින් තනා

බැන්ඳා මම නුඹ ගෙල වට


එහෙත් එය අද මෙන් මට

මතකය දූරාතීතයේ

සිහිනයක් සේ බොඳ වූ


මාවත් සංදියක

තති කළා නුඹ මා

මගේ මවගේ අකමැත්ත

මගේ පෙමේ උණුහුමට වඩා

රිදිවන්න ඇති නුඹ


එහෙත් නුඹ වෙනුවෙන්

තන්නට නිවෙසක්

අපේ දරු මල්ලන් සමඟ

කරන්නට එය කැඳල්ලක්

සිහින මවමින් උන්නා මම


ඇයි නුඹ නොපැමිණියේ

මගේ පෙම්බරියේ

පළමු දින, දෙවන දින,

තෙවන දින, සිව්වන දින

සතිය පුරා. . .


මා තනිකර හුදකලාවේ

අදුරු මාවත් කොණක සීතලේ

නුඹ එනතුරු

හෝරා ගණනක්

හිතෙන් අඬමින් හුන්නා

අවසන් රෑ බසය තුරා


අවසානයේ මා සිතුවා

නුඹ විරසක බැව් මට

එහෙත් ඇයි නුඹ

විරසක නොවුයේ මා සමඟ

ඇයි කතා නොකර හඬවා මා

සැඟ වූ පෙමෙන් පෙම් කළේ මට


අපේ වෙන් වීම අසා

නුඹේ පියා, මා සහෘර්දයා

බිඳි හිතේ දුකින්

අකාලයේ මියැඳුණේ ය

පවරා දොස නුඹට


උකස


අන්ධානුරාගී චින්තනය
සමාජ මෝහාන්ඳුර
අත්බැඳි අලස ජනයා
දීන දේශපාලුවට හේතුව

පිසදා නුවන් නිදි ගැට බිඳ
කවුළු හැරී මනසින්
අවදි වූ විචාරයකින්
බලනුව වට පිට

සබඳ. . .

මේ උකසට තනනුයේ
රටේ මතු පරපුරෙහි
අනාගතය යි.

-රවින් කල්දේරා (2009) .

අගනා තිළිණයක් වූ විවාහය


මගේ නිර්මාණ පිටුවෙන් කලාවට බාහිර විෂයක් ගැන කතා කිරීමට සිත් විය. අකමැත්තෙන් වුව ද, මෙහි වටිනා කම සලකා මම මේ ඉඩ මෙම ලිපිය සඳහා වෙන් කරමි.


මා ජීවත් වන ඩලස් නුවර ජනග්‍රහණයෙන් 40%-60% පමණ ප්‍රමාණයක් තනිකඩයෝ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් 40%-50% ජනග්‍රහණයට අයත් වන්නේ අවිවාහක ලෙස ජීවත් වන පුද්ගලයන් ය. ඔවුන්ගෙන් 70%වක් ම මෙන් නිවාස ගැනුම් කරුවන් ය. ඇමරිකාවේ අවිවාහක ව තනිව ජීවත් වීමේ සංඛ්‍යව ඉහළ යෑම දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. එයින් ප්‍රබල ලෙස බලපෑමට පත් වන්නේ ජනග්‍රණ වර්ධනය යි. වයසට යන ශ්‍රමබලකාය පිරවීම සඳහා පුරවැසියන් අහිමි වීම නිසා ආර්ථික වශයෙන් ද, මෙය ගැටලු කාරී තත්ත්වයන් ඇති කරයි. යුරොපයේ සහ ජපානය වැනි රටවල, ආණ්ඩුව විසින් දිරිදිමනා දෙමින් පුද්ගලයන් විවාහයට යොමු කරති. ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ යන තනිකඩ සංඛ්‍යාවය එක් හේතුවක් ලෙස ගැනිය හැක්කේ බිඳි පවුල් සංස්ථාවන් ය. දික්කසාදයන් හා ද්වේශ සහගත ලෙස දරුවන් හා විවාහක සහකරු හැරයාම් නිසාත්, ඇතිවන සමාජ ව්‍යසනයන්ගේ ප්‍රතිපලයක් වන්නේ විවාහය තික්ත වීම ය. මෙහි ආසන්න වශයෙන් විවාහ වලින් 50% අවසන් වන්නේ දික්කසාද වීම් මගින් ය. ඒ හෙයින්, බොහෝ යුවල එක්ගෙයි විසීම කරන අතර, නෛතික ලෙස විවහා වීමට අපේක්ෂා නො කරති. අවුරුදු කිහිපයක් මෙසේ වෙසෙමින් අවසානයේ විසිර යති. විශේෂයෙන් පිරිමි පාර්ෂවය හට ලිංගික සංතෘප්තිය ලැබෙනම්, ඉන්න හිටින්නට සහ සලකන්නට කතක් වේ නම්, ඔවුනට විවාහයක් අවැසි නැති. අනෙක් අතට, කාන්තාවන් හට ද, ස්වකීය සුරක්ෂිත බව සැලසේ නම්, ඔව්හූ ද මෙසේ ජීවත් වීමෙන් තෘප්තිමත් වෙති. උසස් අධ්‍යාපනය, රැකීරක්ෂාවන්ගේ ඉහළ තනතුරු සඳහා පොරය, හොඳ සශ්‍රීක දිවිපෙවෙතක් සඳහා වූ අපේක්ෂාව, ආදී බොහෝ සාධක විවාහ ප්‍රමාද කිරීම සඳහා නිදහසට කරුණක් කර ගනු ලැබේ. ඇමරිකාවේ නම් පළමු විවාහය සඳහා කන්තාවගේ වයස අවුරුදු 26-35 දක්වා ඉහළ අගයක් ගනී. බොහෝ විට පළමු විවාහය සඳහා ඇතුලු වන්නන් හට දරුවෙක් සිටීම දැන් සාමාන්‍ය කරුණකි. අනෙක් විවාහය කල් දැමිමට හේතුව තනකඩයකු වශයෙන් ඇති ස්වාධිනත්ව ය යි. ඇමරිකානු ජන සමාජය තනිපුද්ගලවාදී, ආත්මාර්ථකාමි සමාජයකි. සැමවිට ම, පුද්ගලයන් සිතන්නේ තමුන් ගැන පමණකි. ඒ හෙයින් ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් නිර්ණය කරන සාධකය පෞද්ගලික සැප විහරණය යි. එයට දරුවන් භාධාවක් නම්, හෝ විවාහය තුළ “ප්‍රීතිය” තවදුරටත් භුක්ති විඳිය නොහැකි නම්, එසේ ප්‍රීතිය සපයන අය වෙත ඔව්හු හැරෙති. එහෙත් විවාහය, ශාරීරික මානසික හා ආත්මික වෙනස්කම් ඇති කරන සම්බන්ධතාවයකි.

පහත මා විසින් දක්වන්නේ විවාහය තුළ ඇතිවන කායික හෝමොනමය බලපෑම යි:

රූපය: හෝමොන වර්ධනය

හෝමොන පිළිබඳ පර්යේෂණයේ නියැලුනු විද්‍යාඥයන් විවාහ ජීවිතය තුළ ඇති වන විවිධ වූ හෝමොන විපර්යාස පිළිබඳ ප්‍රධාන හෝමොන තුනක වෙනස් වූ ක්‍රියාකාරකම් හඳුනා ගෙන ඇත. සිත් බැදීමේ ‍සිට පළමු අවුරුදු තුනක කාලය දක්වා පෙමින් වෙලී සිටින යුවලගේ අසාමාන්‍ය වර්ධනයක් ලෙස ඇඩ්රනලීන් හෝමොනය පවතින අතර, මෙයින් දෙදෙනා හමූ වූ විට, ඇති වන අධික හෘද ක්‍රියාකාරීත්වය, ආවේගාත්මක හැගීම්, ශාරීරික උත්තේජනය ආදී ශාරීරික උද්වේකර තත්ත්වයන්ට හේතු වේ. ඇඩ්රලනින් ක්‍රියාකාර්ත්වය නිසා අධික කාමාශාව හා රාගීකක බැදීම වැඩි වේ. ඒ හෙයින්, පළමු අවුරුදු 3-5 දක්වා ඇතිවන ලිංගික සම්බන්ධතාවන්, එතැන් පසු මරණය දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ඇති වන කායික සම්බන්ධතාවයන් ප්‍රමාණයට වඩා සංඛ්‍යත්මක ව වැඩි ය. අවුරුදු තුනක පමණ කාලයක දී, ඇඩ්රනලීන් හෝමොනයේ ක්‍රියාකාරීත්වය පහත වැටෙන අතර, එන්ඩොෆින් නම් දෙවන හෝමොනය රුධිරයේ බහුල ලෙස හට ගනී. මෙයින් මානසික වශයෙන් සුවතාවක් හෝ ප්‍රීතිමත් ස්වභාවයක් ස්වකීය විවාහක සහකරු හෝ සහකාරීය සමඟ සිටින විට ඇති වේ. අවුරුදු 7ක් පමණ වන විට තෙවන හෝමොනය වන ඔක්සීටොසීන් හෝමොනයේ ක්‍රියාකාරීත්වය ඇති වේ. මෙම හෝමොන වෙනස් වීමේ දී “සත් අවුරුදු සාය (7 year Itch)” හෙවත් විවාහයේ ඇති එකාකාරීත්ව හැඟීමක් ඇති‍ වේ. එහෙත් තෙවන හෝ‍මොනයේ ක්‍රියාකාරීත්වය සමඟ බැදීම වැඩි වර්ධනය වේ. ඔක්සිටොසින් හෝමොනය මව්කිරීවල අඩංගු සංඝඨකයකි. එයින් ළදරුවා සහ මව් අතර බැදීමට පාදක‍ වේ. අවුරුදු 7 සිට ජීවිතාන්තය දක්වා ඔක්සිටොසින් හෝමොනය ක්‍රියාත්මක වන අතර, එයින් විවාහක යුවල අතර දැඩි බැදීමක් ඇති වේ. මෙසේ අවුරුදු 30-50 පමණ එක්ට ජීවත් වෙමින් සිටින යුවලකගේ එක් සහකරුවකුගේ මරණය සමඟ ‍බොහෝවිට අනෙකා ද, වසරකට ආසන්න කාලයකදී මියයෑම සිඳුවන්නේ මෙවැනි දැඩී ශාරීරික, මානසික හා ආත්මික බැඳීමක් නිසාවෙන් ය.

ඒ හෙයින් විවාහය යනු ඉතා සුවිශේෂි මානව සම්පත ලද තිළිණයකි.