• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

ප්‍රශ්නය


අසරණ ව උන්නෙමි බලා හිස් අහස දෙස

සපැමිණ ඔබ දුක් වැඩි කරනු මිස

හිඳ සුවදුක් විමසනු

කිසිවක් නූන ලෙස

මා හද වේඳනා වෝ ඉපිලි ඉපිලී

උණු කඳුළු උණයි දෑසට

කෙසේ කියම් ද මම්

ඔබයි මා ප්‍රශ්නය බව. . .

7 comments:

  1. සමහරු දන්නෙ නැහැ නේ අයියෙ අපේ හිත් ඒ අය ගැන හිතල දුක් වෙනව කියල. ඉතින් වරද ඒ තැනැත්තිගෙ නෙමියි නේ...

    ReplyDelete
  2. රවින් අයියා අනෙ මන්දා මගෙන් ලියවෙන්න ඔනා කවියක් මෙක.. ලියන්න ලස්සනයි..මට තියන ලොකුම ප්‍රශ්නෙත් ඔක. මිනිස්සුන්ව සතුටු කරවන්න ගිහින් හදවතට ලොකු වංචාවක් කරන්නත් බැහැ. මටත් තියන ලොකුම ප්‍රශ්නය "ඔබ" කියන කෙනා තමයි. ජිවිතෙ ලැබිම් නොලැබිම් දෙකම පොදුයි. නමුත් හැමදාම පාරගන්න තුවලයක්, නැත්තම් ප්‍රොම්තියස් ගෙ හදවතත් එක්ක ජිවත් වෙද්දිත් අමුතු ම දෙයක් තියනවා වචන වලට ගන්න බැරි...

    ReplyDelete
  3. සෑහෙන අසරණ වෙන ප්‍රශ්නයක් තමයි. හිත් වල තියන දේවල් නොදැනීම.
    ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  4. @ වත්, රවා, රේවන්,
    ඔබ සියලුදෙන සටහන් කළ අදහස් වලට ස්තූති යි! මෙම පබැදුමේ නිධාන කතාව ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාා හෝ පළ කරන්නම්. එවිට ඔබට මුළු සිඳුවීම පිළිබඳ උපේක්ෂාවෙන් කල්පනා බැලිය හැකි ය. එතෙක් වනතුරාවට පිළිතුරු දීම නොකර නිහඬ වන්නම්෴

    ReplyDelete
  5. hmmmmmm uththarayak denna amaru prashnayak.... koma unath ayya nirmanaya godak lassanay.... thiyenne peli kipayak unath e peli kipaya jiwitha gananawaka athdakimak .... aththatama lassanay ayye...subapathum!!!!!!!!

    ReplyDelete
  6. @ දිනුෂි,

    ස්තූතියි සටහන් කළ වචන ටිකට. අඟහරුවාදට හවසට රසෝඝයට ඇවිත් කවියේ අතීත කතාවත් කියවලා බලන්න...

    ReplyDelete
  7. හැමටම වඩා දන්නා මුත් හද සිතුමන්
    මොනවට අනගි මේ කව් මුතු එකලු කරන්
    මේ රස ගඟුල ගලනා තෙක් හද පතුලෙන්
    කොහි තිබුණේද ???? මේ කවි සිතුවිලි සඟවන්

    ReplyDelete