
-
අනුර කුමාර දිසානායක විසින් ජනපති වෙත ලියූ ලිපිය - නොවැම්බර් 18 වන දින සවස 5ට ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාර්ෂික රැස්වීමක් පැවත්විණි. මෙහිදී දැනට වත්මනේ පවතින දේශපාලන අර්බුධය විසඳා ගැනීම පිණිස කළ...6 years ago
සසල සිත

දෝණී
ආසයි මං
ඉවසාපන් උඹ: නිධාන කතාව

සමහර කවි මා ලියන්නේ මට ම ය. ඒවායේ විවිධ වූ ඉඟි තබා, මා හදේ වූ විවිධ කල්පනා සඟවා තබයි. සමහර කවියට මතුපිටින් පෙනෙනවාට වඩා, දාර්ශනික ප්‍රස්තුතයක් ඒ තුළ සඟවා ඇත; ඒවන් කවියකි මෙය. පසුගිය දින මා පළ කළ, කවිය ගැඹරේ ගැබ් වූ කතාව මදක් මතු කර ගන්නට “දුකා”ට හැකි වි ය. ඔහු මා ලී දේ පසුබිම නොදත් නිසා වික්ෂිපත් ව, අරුත ගැන අවිනිශ්චිත සටහනක් තැබී ය. ඒ හෙයින් ඔහුගේ වික්ෂිප්ත භාවය සැනසීමට මා කවිය පසුපස වූ ජීවන දෘෂ්ටිය හා දාර්ශනික සංකල්පනාව මෙහි ලියා තබමි:
බඩගිනියි නහුතයට ම
සිතලයි මේ වැසි රාත්‍රිය
අදුර දවා දැල්වෙන පහනක්
මා ඉදිරියේ රතු කමිසකරුවෙක්
බෙදයි තැම්බූ කඩල මුදලට
කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .
කෑගසයි ඔහු අත සීනුව
බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .
හඬයි දුකින් මා කුස
පෙරළෙයි ඒ මේ අත. . .
කුමක් කරන්න ද?
මා අත මුදල් නැත
ඉවසාපන් උඹ
ඉවසාපන් මයේ රත්තරන්
ඉවසාපන් අම්මා
ඉවසාපන් මයේ පණ
ඉවසාපන් බඩ!
මේ කව් සංකල්පනාව ඇති වූයේ දවසේ වැඩ අහවර කොට ගෙදර යාමට රැදී හුන් දෙවන බස් රථයේ දී ය. එදා වැසි දිනකි; බඩ ගින්න ඉහ වහා ගොස් ය. එය තවත් වැඩි කරනු සඳහා කඩල කරත්තයක් දක්කා ගෙන රතු වර්ණ ටී ෂර්ට් ඇද ගත් කොළුවෙක් කඩල විකුණ යි. සීතල රාත්‍රියේ සිසිලෙන් ඝනීභවත කඩල බන්දේසියෙන් නැගී හුමාලය චමත්කාර ලෙස ඉහළ නැගේ. එයින් නැඟෙන තරම්බූ කඩලවල නැවුම් සුවඳ බඩ ගින්දරට තව තවත් පිදුරු දමයි. දන්න හැම උපක්‍රමය ම යොදා, බඩ හිලෑ කරගන්නට උත්සහ කළත්, හිතුවක්කාර බඩ ද, කඩල ඉල්ලා අඬයි; කුරු කුරු ගි යි; අවිටිලි කරයි. ඉහළට පහළට හරහට පැත්තට ඒ මේ අත පෙරළේ. මා ද චිත්ත ධෛරය ගෙන බඩට තට්ටු කරමින් බඩ නළවන්නට උත්සහ කළෙමි; වරක දෙවරක තරවටු කොට බඩ මට්ටු කළේ ය.
ඉවසාපන් උඹ!

බඩගිනියි නහුතයට ම
සිතලයි මේ වැසි රාත්‍රිය
අඳුර දවා දැල්වෙන පහනක්
මා ඉදිරියේ රතු කමිසකරුවෙක්
බෙදයි තැම්බූ කඩල මුදලට
කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .
කෑගසයි ඔහු අත සීනුව
බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .
හඬයි දුකින් මා කුස
පෙරළෙයි ඒ මේ අත. . .
කුමක් කරන්න ද?
මා අත මුදල් නැත
ඉවසාපන් උඹ
ඉවසාපන් මයේ රත්තරන්
ඉවසාපන් අම්මා
ඉවසාපන් මයේ පණ
ඉවසාපන් බඩ!
වෙනස
මගේ කවි ලියීම ගැන. . .

“මළ දළු ලියලා
හරිත කොට අතු අග
දසත තෙත් වී
ගිම්හානය නිම කොට
වස්සානය පැමිණේ!”
__
෴මගේ කව් ලීයීම ගැන වදනක්෴
මා ලියන කව් කෙටි ය. සමහරු ඒ ගැන මගෙන් විමසා තිබේ. ඒ හෙයින් මා කව් ලියනා ආර ගැන යමක් පැවසිය යුතුය යි හඟිමි. කලින් දැක් වූ පරිදි මගේ කවි ලිවීම ආරම්භ වූයේ සිත් ගත් ලියකට ආදරය කිරීමට පටන් ගත්ඳා පටන් ය. එහෙත් මාගේ කෘති ප්‍රේමයට හෝ විරහවට පමණක් ලඝු නොවේ; මාගේ නිර්මාණයන් ජනිත වන්නේ සංකීර්ණ චිත්ත සංකල්පනාවන් රාශියකගේ ගේ ඝට්ටනයන් සහ දර්ශනීය දැක්මක් හේතු කොට ය. එය මෙසේ ය:
යුවතියක් නිසා ලියූ කව්: හමුවීම

ඉළ ඇට ශරීරයේ වැදගත් සහ ජීවිය පවත්වා ගැනීම සඳහා වටිනා වූ අවයව ආරක්ෂා කරමින් පවති. ඒ ඉළ ඇට මනුෂ්‍ය ප්‍රාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය හුස්ම ගැනීම සඳහා අවකාශ සැලසීමට තරම් ඒ ඇට නම්‍යශිලී ය. බයිබලයේ සඳහන් වන පරිදි ස්ත්‍රිය දෙවියන් වහන්සේ මවන ලද්දේ පළමු මනුෂ්‍යයාගේ ඉළ ඇටයක් රැගෙන ය. එනයින් එදා මැදපෙරදිග සංස්කෘතික දැක්මට අනුව කාන්තාව භාණ්ඩක් හෝ තමුන්ට අයිති තවත් වහලෙකු මට්ටමේ ලා නොතබා, මනුෂ්‍යයාගේ ම කොටසක් සහ පිරිමියා හා සමාන, සම ස්ථානයෙන් මවන ලදිදක් බව දක්වන ලදී. පහත කවි සිතු විල්ල ලියැවුණේ දෙවියන් වහන්සේ විසින් සෑම අයෙකු සඳහා ම නිර්මිත සහකාරියක් හෝ සහකරුවෙකු ඇතයි යන සංකල්පයෙන් ය. ප්‍රේමයෙන් වෙලෙන දෙදෙනෙකු ඔවුන් ගේ හමු වීම දක්න්නේ දෙවියන් එකතු කළ දෙයක් ලෙසින් ය:
නගේ කිම පමා හද මයේ දෙස නැතුවා දෝ
රගේ ඇති බැල්ම සැමදාමත් පවතී දෝ
වගේ පෙම් කුසුම මා හද මඬලේ පිපිලා දෝ
මගේ ඉළ ඇටය අද දින මට හමු වී දෝ
යුවතියක් නිසා ලියූ කව්: අනන්තය
යුවතියක් නිසා ලියූ කව්: ඈ නිසාවෙන්
යුවතියක් නිසා ලියූ කව්: ඒ රුව

සිතමුසපත් වී, අපේක්ෂා බිඳ වැටේ
අහස වැහි වළාවෙන් වැසි යයි. . .
එවිට දී, අන්න එවිට දී,
මා නෙතු සහන් සැනසූ රුව
ඈතින් දිටිම්. . .
ඝන අදුරු බිඳ නැඟුණු හිරු සේ. . .
මන්ද’යයි අසමි මම
දින පොතෙන් ගත් කුරුටු සටහන්

ජුදෙව් සම්ප්‍රදායට අනුව දරුවෙකු ආගමික මුල පිරීම සිඳු කරන්නේ වයස අවුරුදු දාසය දී ටොරාව (ජුදෙව් ශුද්ධ ලියවිල්ලේ ව්‍යවස්ථාව) ප්‍රසිද්ධියේ සජ්ඣායනා කිරීමෙන් ය. එම අවසථාවට එළැඹි දරුවන් ව්‍යවස්ථාවේ ප්‍රත්‍රයා හෙවත් “බේන් මිෂ්ෆට්” ලෙසින් හඳුන්වයි. එහෙත් ජුදෙව් සමාජ සම්ප්‍රදායට අනුව, දරුවෙකු පූර්ණ මිනිසෙකු වන්නේ වයස තිසිවිය සපිරුණ විට දී ය. එවිට ජුදෙව් තරුණයකු සමාජයේ වැඩිහිටියකු වශයෙන් ක්‍රියා කිරීමටත්, පිළි ගැනීමටත් ලක් වෙයි. වයස තිස්වියට එළඹිම සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයට එළඹීම මා ජීවිතයේ කැපිපෙනෙන මං ලකුණක් සටහන් කරන්නක් විණ. එය ළදරු වියෙන් තරුණ වියට, තරුණ වියෙන් පරිනත දිවියට නැං වූ උපනයනය යි. පහත උපුටා දක්වා ඇත්තේ මා තිස් විය සපිරීම සමඟ ජීවිතය දෙස කළ අවධානාත්මක දැක්ම යි. දිනපොත විනාශ වී අදහස් බොඳ වී ගියත් එය සයිබර් අවකාශයේ සදා රැදෙනු පිණිස මෙසේ මා ඒ අදහස් සටහන් කොට තබන්නෙමි෴