
වැරහැලි ගැසුණු රෙදිකඩින්
යන්තමට විලි වසා
බැගෑපත් වී සැමට
හිඟිමන් පුරුදු වුණු උඹ
අයැද සිටින්නේ පිනට මුදලක්
සිත පිරුණු අයුරින් මගේ
මා සුසුම් හෙළුවෙම්
ඇත්තට ම හදවතින්
උඹේ අතපෑමට ප්‍රතිචාර දක්වා
වැඩිය නොව රුපියලක්වත්
දෙන්නට බැරි වීම ගැන
උඹ දන්නේ නෑ
ජැන්ඩියට කලිසමක් ඇදගෙන
මා හැඩට සිටියාට
මේ ගමන් කරන්නේ
අතේ සතයක්වත් නොමැති ව
මාසේ පඩි පත ලැබෙන තුරු
නිදහස් බස් ගමන් බලපතින් බව. . .
නොදුන් එක හොඳයි..ඕවයින් ඔය සමහර උන් කුඩු ගහනව....
ReplyDeleteඔව්. හුගාක් වෙලාවට. මාස් පඩි කාරයෙක් කියන්නෙ හිගන්නෙකුටත් අන්ත හිගන්නෙක් ...අපූරුයි රවීන්
ReplyDelete@ indi,දිල්,
ReplyDeleteස්තූතියි තැබූ සටහනට. :)