මා වැඩට යන විට
දිප්තිමත් නෙත් අයා
නුඹ කෑ ගසයි
දොරකඩ ළඟ සිට
මගේ දියණියේ
ගේ පහන
ජීවන සිරිය
මා අතේ එල්ලී අද
සුදු මලෙන් ගැවසුනු
දෙව් මැදුරු අසුන් මැදින්
සුදෙන් සුද තබා
වෙනතෙකුට අත දී
ඔහු හා යන ශුද්ධ සරණේ
මා හද කෑගසයි අද
කවදා හරි අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවන සිදුවීමක් ලස්සනට පද ගලපා තියෙනවා.
අයියා දැන් දැන් ලියන ඒව කලින් ලීව දේවල් වලට වඩා හරිම හරිම හරිම අගෙයි...
මෙච්චර ලොකු දුවෙක් Ravin ට ඉන්නවද ? ;)දුවක් ඉන්න ඕනෙම පියෙකුට මේ හැගීම දවසක විඳින්න වෙනවා රවීන්.නේක නේද යාථාර්තය...ඔයා ඒක අපූරුවට අකුරු කරලා
දුවා දරුවන් නිතින්අපේ ඇස් මයිමෙන්නොයා නිරතුරු නිතින්රැදෙනුයේ කෙලසකින්ලොවකි ඇය දිනිය යුතුදැයකි ඇය සැදිය යුතුදුකකි,මුත් තුටු සිතින්කෑ ගසා හැඬිය යුතු
@ RanDil, wath, විහඟ ගීතය,මෙය ටිකක් වෙනස් ආකාරයේ පබැඳුමක්...මා හැමදාම ආස කළේ දුවෙකුට සහ පුතෙකුට. මට දුවෙක් හිටියා නම් මා හට අත් විඳිමට හැකි අනුවේදනීය අවස්ථාවක් වන්න තිබුණා. ස්තූති සටහනට...@ දිල්,තව ම මා විවාහ වී නැහැ. ඉදිරියේ දී බලමු. මේ කවි සිතුවිල්ල පහළ වුණේ මගේ ගේ ළඟින් යන බස් රථය නැඟි පියා දෙස දීප්තිමත් දෑසින් නෙත් අයා, අමාරුවෙන් සෙනෙඟ අතරන් පියා සොයා පියා වෙත, කෑ ගැසූ චූටි දියණියක් දැකිමෙන් ය. ස්තූතියි පැමිණියා ට!
@ වත්,ඔබ මගේ ද, මා ඔබේ ද, බොලොග්වල ආරම්භයේ දී පටන් කියවා ඇත්තෙමු. මගේ පළමු "දූම්පානය" පිළිබඳ කවේ සිට අද දක්වා ඒ! ඔබ මා ශෛලියේ සුන්දරත්වයක් දකිනවා නම්, එය අපුරු බව පවසනවා නම් එයට වඩා හොඳ විවේචකයකු තවත් නැත. ස්තූතියි ඔබේ පැසසීම ට!!! හැබැයි පරණ කව් රාශියක් තිබෙනවා තවමත් පළ නොකළ, ඒ නිසා ඉදිරියේ මේ සුන්දරත්වය වෙනස් වෙන්නට පුළුවන්... ඒ බැවින් උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් ඒ දෙසත් බලන්න෴
සිත රිදවුනා පදවැල් හද පතුල ඇනිමගෙනුත් ලියැවේවි මතු කව් පද මෙවැනිමගෙ දුව මා දමා යනු සිහිනයෙන් පෙනීමට ඇහැරුණේ කඳුලක ලුණු රසය දැනීනිතරම නිවන මා දරු සෙනෙහේ පවසපොඩි දුව නැති කළා කලුවර මා නිවසසැමදා කවි බලා නැංවුනි මුවග හසමේ ඔබ මාව අඬවපු පළවෙනි දවස(කවි පෙළ අනර්ඝයි රවින්.....)
කවදා හරි අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවන සිදුවීමක් ලස්සනට පද ගලපා තියෙනවා.
ReplyDeleteඅයියා දැන් දැන් ලියන ඒව කලින් ලීව දේවල් වලට වඩා හරිම හරිම හරිම අගෙයි...
ReplyDeleteමෙච්චර ලොකු දුවෙක් Ravin ට ඉන්නවද ? ;)
ReplyDeleteදුවක් ඉන්න ඕනෙම පියෙකුට මේ හැගීම දවසක විඳින්න වෙනවා රවීන්.නේක නේද යාථාර්තය...ඔයා ඒක අපූරුවට අකුරු කරලා
දුවා දරුවන් නිතින්
ReplyDeleteඅපේ ඇස් මයිමෙන්
නොයා නිරතුරු නිතින්
රැදෙනුයේ කෙලසකින්
ලොවකි ඇය දිනිය යුතු
දැයකි ඇය සැදිය යුතු
දුකකි,මුත් තුටු සිතින්
කෑ ගසා හැඬිය යුතු
@ RanDil, wath, විහඟ ගීතය,
ReplyDeleteමෙය ටිකක් වෙනස් ආකාරයේ පබැඳුමක්...මා හැමදාම ආස කළේ දුවෙකුට සහ පුතෙකුට. මට දුවෙක් හිටියා නම් මා හට අත් විඳිමට හැකි අනුවේදනීය අවස්ථාවක් වන්න තිබුණා. ස්තූති සටහනට...
@ දිල්,
තව ම මා විවාහ වී නැහැ. ඉදිරියේ දී බලමු. මේ කවි සිතුවිල්ල පහළ වුණේ මගේ ගේ ළඟින් යන බස් රථය නැඟි පියා දෙස දීප්තිමත් දෑසින් නෙත් අයා, අමාරුවෙන් සෙනෙඟ අතරන් පියා සොයා පියා වෙත, කෑ ගැසූ චූටි දියණියක් දැකිමෙන් ය. ස්තූතියි පැමිණියා ට!
@ වත්,
ReplyDeleteඔබ මගේ ද, මා ඔබේ ද, බොලොග්වල ආරම්භයේ දී පටන් කියවා ඇත්තෙමු. මගේ පළමු "දූම්පානය" පිළිබඳ කවේ සිට අද දක්වා ඒ! ඔබ මා ශෛලියේ සුන්දරත්වයක් දකිනවා නම්, එය අපුරු බව පවසනවා නම් එයට වඩා හොඳ විවේචකයකු තවත් නැත. ස්තූතියි ඔබේ පැසසීම ට!!! හැබැයි පරණ කව් රාශියක් තිබෙනවා තවමත් පළ නොකළ, ඒ නිසා ඉදිරියේ මේ සුන්දරත්වය වෙනස් වෙන්නට පුළුවන්... ඒ බැවින් උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් ඒ දෙසත් බලන්න෴
සිත රිදවුනා පදවැල් හද පතුල ඇනි
ReplyDeleteමගෙනුත් ලියැවේවි මතු කව් පද මෙවැනි
මගෙ දුව මා දමා යනු සිහිනයෙන් පෙනී
මට ඇහැරුණේ කඳුලක ලුණු රසය දැනී
නිතරම නිවන මා දරු සෙනෙහේ පවස
පොඩි දුව නැති කළා කලුවර මා නිවස
සැමදා කවි බලා නැංවුනි මුවග හස
මේ ඔබ මාව අඬවපු පළවෙනි දවස
(කවි පෙළ අනර්ඝයි රවින්.....)