• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

දෝණී


මා වැඩට යන විට

දිප්තිමත් නෙත් අයා

නුඹ කෑ ගසයි

දොරකඩ ළඟ සිට


මගේ දියණියේ

ගේ පහන

ජීවන සිරිය


මා අතේ එල්ලී අද

සුදු මලෙන් ගැවසුනු

දෙව් මැදුරු අසුන් මැදින්


සුදෙන් සුද තබා

වෙනතෙකුට අත දී

ඔහු හා යන ශුද්ධ සරණේ

මා හද කෑගසයි අද

දොරකඩ ළඟ සිට

7 comments:

  1. කවදා හරි අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවන සිදුවීමක් ලස්සනට පද ගලපා තියෙනවා.

    ReplyDelete
  2. අයියා දැන් දැන් ලියන ඒව කලින් ලීව දේවල් වලට වඩා හරිම හරිම හරිම අගෙයි...

    ReplyDelete
  3. මෙච්චර ලොකු දුවෙක් Ravin ට ඉන්නවද ? ;)

    දුවක් ඉන්න ඕනෙම පියෙකුට මේ හැගීම දවසක විඳින්න වෙනවා රවීන්.නේක නේද යාථාර්තය...ඔයා ඒක අපූරුවට අකුරු කරලා

    ReplyDelete
  4. දුවා දරුවන් නිතින්
    අපේ ඇස් මයිමෙන්
    නොයා නිරතුරු නිතින්
    ‍රැදෙනුයේ කෙලසකින්

    ලොවකි ඇය දිනිය යුතු
    දැයකි ඇය සැදිය යුතු
    දුකකි,මුත් තු‍ටු සිතින්
    කෑ ගසා හැඬිය යුතු

    ReplyDelete
  5. @ RanDil, wath, විහඟ ගීතය,

    මෙය ටිකක් වෙනස් ආකාරයේ පබැඳුමක්...මා හැමදාම ආස කළේ දුවෙකුට සහ පුතෙකුට. මට දුවෙක් හිටියා නම් මා හට අත් විඳිමට හැකි අනුවේදනීය අවස්ථාවක් වන්න තිබුණා. ස්තූති සටහනට...

    @ දිල්,

    තව ම මා විවාහ වී නැහැ. ඉදිරියේ දී බලමු. මේ කවි සිතුවිල්ල පහළ වුණේ මගේ ගේ ළඟින් යන බස් රථය නැඟි පියා දෙස දීප්තිමත් දෑසින් නෙත් අයා, අමාරුවෙන් සෙනෙඟ අතරන් පියා සොයා පියා වෙත, කෑ ගැසූ චූටි දියණියක් දැකිමෙන් ය. ස්තූතියි පැමිණියා ට!

    ReplyDelete
  6. @ වත්,

    ඔබ මගේ ද, මා ඔබේ ද, බොලොග්වල ආරම්භයේ දී පටන් කියවා ඇත්තෙමු. මගේ පළමු "දූම්පානය" පිළිබඳ කවේ සිට අද දක්වා ඒ! ඔබ මා ශෛලියේ සුන්දරත්වයක් දකිනවා නම්, එය අපුරු බව පවසනවා නම් එයට වඩා හොඳ ‍විවේචකයකු තවත් නැත. ස්තූතියි ඔබේ පැසසීම ට!!! හැබැයි පරණ කව් රාශියක් තිබෙනවා තවමත් පළ නොකළ, ඒ නිසා ඉදිරියේ මේ සුන්දරත්වය වෙනස් වෙන්නට පුළුවන්... ඒ බැවින් උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් ඒ දෙසත් බලන්න෴

    ReplyDelete
  7. සිත රිදවුනා පදවැල් හද පතුල ඇනි
    මගෙනුත් ලියැවේවි මතු කව් පද මෙවැනි
    මගෙ දුව මා දමා යනු සිහිනයෙන් පෙනී
    මට ඇහැරුණේ කඳුලක ලුණු රසය දැනී

    නිතරම නිවන මා දරු සෙනෙහේ පවස
    පොඩි දුව නැති කළා කලුවර මා නිවස
    සැමදා කවි බලා නැංවුනි මුවග හස
    මේ ඔබ මාව අඬවපු පළවෙනි දවස

    (කවි පෙළ අනර්ඝයි රවින්.....)

    ReplyDelete