• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

සසල සිත


වැරහැලි ගැසුණු රෙදිකඩින්
යන්තමට විලි වසා
බැගෑපත් වී සැමට
හිඟිමන් පුරුදු වුණු උඹ
අයැද සිටින්නේ පිනට මුදලක්
සිත පිරුණු අයුරින් මගේ

මා සුසුම් හෙළුවෙම්
ඇත්තට ම හදවතින්
උඹේ අතපෑමට ප්‍රතිචාර දක්වා
වැඩිය නොව රුපියලක්වත්
දෙන්නට බැරි වීම ගැන

උඹ දන්නේ නෑ
ජැන්ඩියට කලිසමක් ඇදගෙන
මා හැඩට සිටියාට
මේ ගමන් කරන්නේ
අතේ සතයක්වත් නොමැති ව
මාසේ පඩි පත ලැබෙන තුරු
නිදහස් බස් ගමන් බලපතින් බව. . .

3 comments:

  1. නොදුන් එක හොඳයි..ඕවයින් ඔය සමහර උන් කුඩු ගහනව....

    ReplyDelete
  2. ඔව්. හුගාක් වෙලාවට. මාස් පඩි කාරයෙක් කියන්නෙ හිගන්නෙකුටත් අන්ත හිගන්නෙක් ...අපූරුයි රවීන්

    ReplyDelete
  3. @ indi,දිල්,

    ස්තූතියි තැබූ සටහනට. :)

    ReplyDelete