• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    3 years ago

“9/8”


මූසල දිනකි අද

ඉරණම තීණ්දු කරනා අපේ

ජනතා අයිතීන්

තබා දංගෙඩිය මත

වදකයෝ වටේ කැරකෙති


අප පත් කළ හැත්ත

ද්‍රෝහි වී අපට ම,

ගෙල සිඳ ලන්නේ අපේ

ගෙන කඩුව සියතට


ඉතිං ආයුබෝවන්

ජීවිත නිදහසට

නිදහස් හුස්ම පොදට


අද සිට රජූට අතවැසි

නොවන අය හට

උතුරා යන රාජ උදහසින්

පෙගෙ වී, රතු ලෙයින් ගත


හෙට දින අපේ ඡන්දය

ගසා, මරා, තලා

වපුරා මුසා

උදුරා ගනී වී

පෙර ඳා කළ සේ. . .


අපට වන්නේ මිතුරේ

බකන් නිලා ඉන්නටයි

ඉතිං ආයුබෝවන්

අවසන් නිවහල් හුස්ම පොදට


ලීවේ: 08.09.2010

3 comments:

  1. ඔයා හැත්තෑ අටේ ඉන්න තිබුනෙ......

    අයි ඩොන්ට් නෝ වයි..........

    ReplyDelete
  2. කවුද බං අපි.
    එතකොට අර පාර්ලිමේන්ට් වටරවුමෙ මේකට පක්ෂව උද්ඝෝෂණය කරන්නෙ 'අපි' ගොඩට අයිති නැති එවුන්ද?

    ReplyDelete
  3. රසෝඝය කතුවරයා සසල කළ ආදරය කව්රුන්ද?

    ReplyDelete