
මූසල දිනකි අද
ඉරණම තීණ්දු කරනා අපේ
ජනතා අයිතීන්
තබා දංගෙඩිය මත
වදකයෝ වටේ කැරකෙති
අප පත් කළ හැත්ත
ද්‍රෝහි වී අපට ම,
ගෙල සිඳ ලන්නේ අපේ
ගෙන කඩුව සියතට
ඉතිං ආයුබෝවන්
ජීවිත නිදහසට
නිදහස් හුස්ම පොදට
අද සිට රජූට අතවැසි
නොවන අය හට
උතුරා යන රාජ උදහසින්
පෙගෙ වී, රතු ලෙයින් ගත
හෙට දින අපේ ඡන්දය
ගසා, මරා, තලා
වපුරා මුසා
උදුරා ගනී වී
පෙර ඳා කළ සේ. . .
අපට වන්නේ මිතුරේ
බකන් නිලා ඉන්නටයි
ඉතිං ආයුබෝවන්
අවසන් නිවහල් හුස්ම පොදට
ලීවේ: 08.09.2010

ඔයා හැත්තෑ අටේ ඉන්න තිබුනෙ......
ReplyDeleteඅයි ඩොන්ට් නෝ වයි..........
කවුද බං අපි.
ReplyDeleteඑතකොට අර පාර්ලිමේන්ට් වටරවුමෙ මේකට පක්ෂව උද්ඝෝෂණය කරන්නෙ 'අපි' ගොඩට අයිති නැති එවුන්ද?
රසෝඝය කතුවරයා සසල කළ ආදරය කව්රුන්ද?
ReplyDelete