• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

“උණු දියර ඉර”


මා හිරු මඩළ

කොයි ද අද?

අමාවක යි

අහස පුරා - සිව් දිගට


සඳ සොමි අදුරු ය - උණුහුම සීතල ය

මෙළෙක රළු ය - විහගුන් ගොළු ය


සඳ සකී කොයි ද? හුන් අරා අහස පුරා

බස් දොඩ දොඩා - රෑ පහන් වන තුරා


තරු නෙත් කොයි ද? රෑ තුරා ඉඟි බිඟි පා

කොමළෙන් බලා, ම’දෙස

අවුස්සා ලූ මා හද


ඒ පිනා ගිය

මයේ හඳ

කොයි ද අද?


හ්ම්. . . .


දියකර හදේ දුක්

ගංගා නිම්න දිගේ

ගලා බසී

උණු දියර ඉරක්!

1 comment: