• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

මගේ ලීවීම!


මා ලියන්නේ මට හිතෙන දේ ය. මට හිතෙන දේ ලියා
නොහිතන දේට පැටල වේ. හිතා හෝ නොහිතා කරන දෙයින්
අවසානයේ සිඳු වන්නේ සිත් වේඳනාව ඇතිවීම පමණි.
"ඒ හෙයින් මා තවත් ලිවිය යුතු ද?" මම මගෙන් අසමි.

සියුම් වත මියුරු විත හඬින් නිබඳ සැනහෙනා
ගැයුම් නැත වැයුම් ඇත බැලුම් සකිසඳ නැහැවෙනා
බිඟුම් විත රැඟුම් සිත දී සරසරින් හැඬවෙනා
තරම් සිත පියුම් ලෙද සසලිත වී නැළවෙනා

6 comments:

  1. රිදුම් දෙන මුත් බමර තුඩ, මල් එතුඩ පහසින් සැනහෙනා
    රිදුම් නොම දුන් පෙමක් ලොව නැත සුවය එතුලෙහි සැඟවෙනා
    ඇදුම් කන හද කියයි දුක් ගී , සෙයකි ප්‍රේමය අයදිනා
    බැඳුම් බිඳ දැන් හරින් පෙම් සිත ලොවට රසු දැල් සෙලවෙනා

    ReplyDelete
  2. ලස්සනයි!!!!!!!!! හිතෙන හැමදේම වචන වලට පබැදෙන එක කොයිතරම් අපූරුද . :D

    ReplyDelete
  3. හිතෙන දේ ලියා නොහිතන දේවලට පැටලී හිත රිදෝ නොගෙන ඉන්න ඇහැකි නම් වඩාත් අගේයි . .

    සියුම් වත මියුරු විත හඬින් නිබඳ සැනහෙනා
    ගැයුම් නැත වැයුම් ඇත බැලුම් සකිසඳ නැහැවෙනා
    බිඟුම් විත රැඟුම් සිත දී සරසරින් හැඬවෙනා
    තරම් සිත පියුම් ලෙද සසලිත වීමෙන් නැළවෙනා

    අපූරුයි හරිම අපූරුයි

    ReplyDelete
  4. අයියෝ,, ලියන්න..
    හිතේ තියෙන දේ ලිව්වාම ඒක එතනින් ඉවරයි..
    නොලිව්වාම අවුල් ජාලයයිනේ..

    ReplyDelete
  5. මමත් පිස්ස කියන දේ සමඟ එකඟයි. ලියන්න ලියන්න අපේ හිත් නිදහස් වෙනව. හිතේ තද කරගෙන ඉදන් අඩනවට ​, වේදනා විදිනවට වඩා ලියල ඒ දේ පිට කරාම හිතට සැහැල්ලුවක් දැනෙනව.
    අනික හැකියාවන් දියුණු වෙනව..
    මමම හිතුවෙ මට ඉස්සර ලියන්න බැහැ කියල.ඒත් හිතේ දුක පිට කරන්න තියෙන ක්‍රමයක් විදිහට දැකල තමයි blog ලිවීම පටන් ගත්තේ. අන්තිමට දැන් පේනව නේද මට වෙලා තියෙන දේ.( මට ලියන්න පූලවන් කියල කට්ටිය කියනව)
    ඒකම අැතිනේ...

    අයිය .. ඉදල හිටල හරි ඉඩ ලද විටක blog එකට ගොඩ වෙලා හිතේ තියෙන පුංචි හැඟීමක් ලියල යන්න කියල ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනව........

    ReplyDelete
  6. ඔබ සැමගේ අදහස්වලට ස්තූති යි! විවේක ඇති වේලාවක ඔබලාගේ අඩවි වෙත ඇවිත් යන්නම්.

    ReplyDelete