• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

දින පොතෙන් ගත් කුරුටු සටහන්

ජුදෙව් සම්ප්‍රදායට අනුව දරුවෙකු ආගමික මුල පිරීම සිඳු කරන්නේ වයස අවුරුදු දාසය දී ටොරාව (ජුදෙව් ශුද්ධ ලියවිල්ලේ ව්‍යවස්ථාව) ප්‍රසිද්ධියේ සජ්ඣායනා කිරීමෙන් ය. එම අවසථාවට එළැඹි දරුවන් ව්‍යවස්ථාවේ ප්‍රත්‍රයා හෙවත් “බේන් මිෂ්ෆට්” ලෙසින් හඳුන්වයි. එහෙත් ජුදෙව් සමාජ සම්ප්‍රදායට අනුව, දරුවෙකු පූර්ණ මිනිසෙකු වන්නේ වයස තිසිවිය සපිරුණ විට දී ය. එවිට ජුදෙව් තරුණයකු සමාජයේ වැඩිහිටියකු වශයෙන් ක්‍රියා කිරීමටත්, පිළි ගැනීමටත් ලක් වෙයි. වයස තිස්වියට එළඹිම සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයට එළඹීම මා ජීවිතයේ කැපිපෙනෙන මං ලකුණක් සටහන් කරන්නක් විණ. එය ළදරු වියෙන් තරුණ වියට, තරුණ වියෙන් පරිනත දිවියට නැං වූ උපනයනය යි. පහත උපුටා දක්වා ඇත්තේ මා තිස් විය සපිරීම සමඟ ජීවිතය දෙස කළ අවධානාත්මක දැක්ම යි. දිනපොත විනාශ වී අදහස් බොඳ වී ගියත් එය සයිබර් අවකාශයේ සදා රැදෙනු පිණිස මෙසේ මා ඒ අදහස් සටහන් කොට තබන්නෙමි෴

“ජීවිතයේ ඇති මහත් ම ප්‍රේහෙලිකාව මරණය යි. විවාහ වී දරුවන් හදා, පිටරට ගොස් මුදල් එකතු කොට, නිවෙස් තනා දරුවන් උස් මහත් කොට, විභාග සමත් කරවා, රැකියාවන් ට මුහුණ දී, විවාහ දක්වා රැක බලා, කටයුතු කොට අවසානයේ දී මරණය භූක්ති විඳි යි.”

“ජීවත් වීම හා ජීවිතය වනාහි දේව වරප්‍රසාදයකි. එය කෙතරම් කෙටි ද යන්න වටහා ගැනීම සඳහා දරුණු මාරාන්තික රෝගයක් වැළදිය යුතු ය. කිතුනුවන්ට ඇති එකම වටිනාකම වන්නේ අපගේ බලාපොරොත්තුව පාරම්මරණිය වන බැවිනි.”

“ආගම වූ කලි ජීවිතය හා ක්‍රියාකාරී ලෙස සම්පර්කනය වන්නේ මරණය සමඟින් ය. එයත් මරණයේ අවසාන කටයුතු අළලා සිඳුවන අභිචාර චාරිත්‍රයන්ට පමණක් සීමා වෙයි. එහෙත් කිතු දහම උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථාවන්හි දී ජීවිතයට, ජීවිත ගමනට සමීප වෙයි. එනයින් කිතු දහම සමාජීය ආගමකි.”

“යමෙකුගේ ක්‍රියාවේ ප්‍රතිපලය ව්‍යසනයක් නම් එකී ක්‍රියාව දෙස නොව, එය කළ හා එය සඳහා තුඩුදුන් ආකල්පය මත බලන්න. බොහෝ විට එය ප්‍රේමයේ සෙනහසේ හෝ සද්භාවයේ ආකල්පයක් විය හැකි ය. එනයින් ක්‍රියාවට වඩා ආකල්පය විමසා බලනු මැනවි.”

“අදහන්නන්ට පමණක් කීකරු විය හැකි ය; එසේ ම කීකරු විය හැක්කේ ද අදහන්නන්ට ම පමණි.”

“අසල්වාසියකු වීම ක්‍රියාවක් නොව, සංකලපයකි. එම සංකල්පයේ අඩංගු වන්නේ චර්යාත්මක, මනෝමූලාත්මක පදනමකි. එබැවින් අසල්වාසියකු වීම හෝ නොවීම කෙනෙකුට සිඳු කළ හැකි ය.”

“සෑම සත්ත්වයෙක් ම ප්‍රේමයන් වෙළුණු විට අතිශයින් ම අලංකාර වෙයි. එය ලොවේ සොඳුරු ම මිනිසුන්ගේ පවතින නිත්‍ය ආලංකාරකය යි. ප්‍රේමය වනාහි පරිපූර්ණ හදවතිකින්, කොන්දෙසි විරහිත ලෙස, අනවශේෂ ව, පරාර්ථයෙන්, සම්පූර්ණ ලෙස දානය කළ යුත්තකි.”

“ඇය සවිමත් ය; මට ශක්තිය දීමට පුළුවන. ඇය බලවත් ය; මට රැදෙනු පුළුවන ය. ඇය උණුසුම් ය; දිවි පහන් කරනු පුළුවන් ය. ස්ථිර වචනයක් ලදමි. අද අලංකාර ය; අපුර්ව ය; අචලිත ය; ස්ථිර ය!”

“ප්‍රේමය වනාහි සුව නොවන හිත් අමාරුවකි.”

“මිනිසෙකු තවකෙකුගෙන් වෙනස් වන්නේ ඔහු තුළ ඇති බලාපොරොත්තුව සහ ඇදහීම මත ය. එනයින්, ජීවිත එල්ල කරන අභියෝග හා පරාජයන් අභිමුව, ආපසු සටන් කොට, වෙහෙසින් හෙම්බත් නොවී, ජීවිතය ද අත් නොහැර සිටිමට ඒවා ඔහුට අත්වැල සපයයි.”

“ජීවියේ වේඳනාවක් නොවී නම්, ප්‍රීතියේ සන්තෝෂයක් නැත. ජීවිතයේ විරහවක්, වෙන් වීමක් නොමැති නම් සමීප ඇසුරෙහි සෙනෙහස් පහසක් ද නැත.”

ඇය සිනා සී මා දෙස බලා, නළළේ අත හොවා “කාලය ඔබ මොලොක් ලෙස ස්පර්ෂ කොට ඇතැ”යි පැවසී ය.

“මං මැරිලා හද කියයි!”

“සෑම දෙයක් මත ම මිළක් ලකුණු කොට ඇත. සෑම තීරණයකට ම, ඒ සා ප්‍රාමණ්‍ය වියදමක් ඇත්තේ ය.”

“ද්වන්ත සටනක මා නියැලෙම්! එය දේව කැමැත්ත නම් එසේ ම වේවා!! එසේ නොවේ නම්, සිත් සදා ගැනීමට අවශ්‍ය ශක්තිය දානය කරන සෙක් වා!!!”

“සියල්ල මම සමිඳුන්ට කැප කොට පුද කළෙමි. මට ම කියා දැන් දෙයක් ඉතිරී වී නැත. මයේ ජීවිත් වීම සමිඳුන් උදෙසා ය; මා අභිලාශය සමිඳුන් ගේ කැමැත්ත පමණක් ය.”

2 comments:

  1. ඇය සිනා සී මා දෙස බලා, නළළේ අත යවා “කාලය ඔබ මොලොක් ලෙස ස්පර්ෂ කොට ඇතැ”යි පැවසී ය.

    ලඟදී හිට වැඩියි පෙම ගැන කියන බණ
    කවුදෝ අරන් වාගෙයි හද නවාතැන
    සඟවා ඇතත් නොකියා තතු එයා ගැන
    දිනයක් ඒවි කෝළම එළිපිට නටන

    කැප කළ මුලු දිවිය හිමි ගේ සේවයට
    අගනා ඔවා පුදමින් සිසු කැළ වෙතට
    සැමදා සෙවන අප වෙත දුන් පිය කමට
    වරදක් වෙද??? දෙවිඳු ගෙන් කිසිදා ඔබට

    ReplyDelete
  2. දෙවු සමිඳු අබියස
    දිවිය සසුනට කැප කර
    ඔබ කරන සේවය
    මිලක් කරනට කාට හැකි වෙද...

    ReplyDelete