• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

යුවතියක් නිසා ලියූ කව්: ඒ රුව


මේ සපැමිණෙන්නේ නව අධ්‍යයන වාරය යි. වැඩ ගොඩ වී ටික කලකට රසෝඝයේ මිහිර අඩපන වන්නට පුළුවන. ඒ කෙසේ වෙතත්, මාගේ දින පොතෙහි වසර ගණනාවකට පෙර සටහන් කළ කවි කිහිපයක් මේ තේමාව යටතේ දක්වන්නට කැමැත්තෙමි. මගේ මිතුරෙක් දවසක් මා කළ චෝදනාවකට දුන් පිළිතුරකින් මේ කවි උපත ලැබී ය. දිනක් මා ඒ මිතුරාට පැවසුවේ, අසාර්ථක නිර්මානයන් ගෙන් හෙම්බත් ව සිටි මට කවි ලියන්නට ක්‍රමයක් කියා දෙන ලෙස ය. ඔහු දුන් පිළිතුර වූයේ, "ආදරය කරන්න පටන් ගන්න එවිට කවි ලියවේවි" යන්න යි. මම ඔහුගේ උපදෙස් පරිදි ආදරය කරන්නට පටන් ගත්තෙමි. මා මවිත කරමින්, වැසී තිවූ දොර කවුළු විවෘති වී කවි ලිවිමේ හැකියාවක් ඇති විය. ඒ මගේ සොදුරු කව් ලිවීමේ ආරම්භය යි. මා ආදරය කළ කන්තාව දැන් විවාහ වී ඇති බැවින් ඈ ගැන සඳහන් නොකරමි; සමහර විට ඈද මා මෙ කවි ලියූ බව නොදන්නවා විය හැකි ය. ඈට මා කව් කිහිපයක් පෙන්නුවා යම්තම් මතක ය. එහෙත් ඇගේ සුන්දර ප්‍රේමය මගේ ජීවිතයේ මා විසින් අතැර තිබූ සොදුරු තැනක් විවර කර ලී ය. මේ රසෝඝයේ පළ වෙන්නේ ඈ නිසා ලියවූණු කවි රාශියකි. එතැන් පසු ජීවිතයේ හමු වූ විවිධ අයෝ ද තවතවත් ඒ ගුණය තිව්‍ර කළ හ. වසර ගණනාවකට පෙර ඔබ දුන් අගනා උපදේසට ස්තූතියි මා මිතුරු "විහසිත" සහෘදයාණනි෴


එයිදෝ නොඑයි දෝ සරතැසින්

සිතමුසපත් වී, අපේක්ෂා බිඳ වැටේ

අහස වැහි වළාවෙන් වැසි යයි. . .

එවිට දී, අන්න එවිට දී,

මා නෙතු සහන් සැනසූ රුව

ඈතින් දිටිම්. . .

ඝන අදුරු බිඳ නැඟුණු හිරු සේ. . .

4 comments:

  1. ඇත්ත අයියා. අපි දන්නෙ නැති හැකියාවන් බොහෝමයක් අපට පේන්න ගන්නේ ආදරේ නිසා තමයි. අයියා ආදරේ කරල කවි ලියන්න පටන් ගත්ත. මම ආදරේ පැරදුනාම ලියන්න පටන් ගත්ත.විහසිත අයියගේ යාලුවෙක්ද... විහසිත නම් කවි ලියන්න රුසියා...

    ReplyDelete
  2. සරතැසින් මුසපත්ව
    වරු ගණන් බලා හිඳ
    කලු වලා පෙල මැදින්
    පැමිණියේ මුත් එරුව
    පතා සිටි හදවතේ
    රිදී රේඛා නොදැක
    නොපෙනි ගිය සියලු රූ
    ගියාවේ යන අතක........

    ReplyDelete
  3. Dear Ravin
    We can see HIDDEN SIDES of your heart via RASOGHAYA. So Attractive.

    ReplyDelete
  4. @වත්,
    ස්තූති වත් ඔබගේ සටහනට. විහසිත බොහොම පරණ යහළුවෙක් ඒ වගේ ම දක්ෂයෙක්. . .

    @විහසිත,

    කන්න බැරි විට මිදි ඇඹුල් කියලා හිත සනසා ගමු නේ ද!

    "නැගී හිරු ඇත්තේ දහවල් වරුවක් පමණක් නොවේ ද?
    තවත් දවසක හිමිදිරි උදයේ, නව හිරු පයා දිලේ
    ජීවිතය ආලෝකමත් කරමින්"

    ReplyDelete