• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

යුවතියක් නිසා ලියූ කව්: හමුවීම


ඉළ ඇට ශරීරයේ වැදගත් සහ ජීවිය පවත්වා ගැනීම සඳහා වටිනා වූ අවයව ආරක්ෂා කරමින් පවති. ඒ ඉළ ඇට මනුෂ්‍ය ප්‍රාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය හුස්ම ගැනීම සඳහා අවකාශ සැලසීමට තරම් ඒ ඇට නම්‍යශිලී ය. බයිබලයේ සඳහන් වන පරිදි ස්ත්‍රිය දෙවියන් වහන්සේ මවන ලද්දේ පළමු මනුෂ්‍යයාගේ ඉළ ඇටයක් රැගෙන ය. එනයින් එදා මැදපෙරදිග සංස්කෘතික දැක්මට අනුව කාන්තාව භාණ්ඩක් හෝ තමුන්ට අයිති තවත් වහලෙකු මට්ටමේ ලා නොතබා, මනුෂ්‍යයාගේ ම කොටසක් සහ පිරිමියා හා සමාන, සම ස්ථානයෙන් මවන ලදිදක් බව දක්වන ලදී. පහත කවි සිතු විල්ල ලියැවුණේ දෙවියන් වහන්සේ විසින් සෑම අයෙකු සඳහා ම නිර්මිත සහකාරියක් හෝ සහකරුවෙකු ඇතයි යන සංකල්පයෙන් ය. ‍ප්‍රේමයෙන් වෙලෙන දෙදෙනෙකු ඔවුන් ගේ හමු වීම දක්න්නේ දෙවියන් එකතු කළ දෙයක් ලෙසින් ය:

නගේ කිම පමා හද මයේ දෙස නැතුවා දෝ

රගේ ඇති බැල්ම සැමදාමත් පවතී දෝ

වගේ පෙම් කුසුම මා හද මඬලේ පිපිලා දෝ

මගේ ඉළ ඇටය අද දින මට හමු වී දෝ

3 comments:

  1. ඉල ඇටයක් ලැබිණි අවුරුදු ගණන් අඬා
    ඇයි ඒ ඉල ඇටය ගත්තේ නැත්තෙ වඩා ???
    ගිය දේ ගියා කුමටද ඒ ගැනම දොඩා
    මොකටද????? ගන්නෙ ඉල ඇට කූඩුවම කඩා??

    ReplyDelete
  2. අතීතයේ සැමරුමක්ය මා රසෝඝයේ රදවන්නේ
    වෙනෙකුගේ ඉළ ඇටයකක් බව දැන් දන්නේ
    තවමත් මගේ නැති වූ අඩ සොයමින් යන්නේ
    නුදුරක දී මංගල සිනූ මෙපෙදෙසින් හැඬවෙන්නේ

    ReplyDelete
  3. හැඬුවා උතුරු දෙස කපුටෙක් කාක් කාක්
    හුවමාරු වී වාගෙයි සුභ කතා බහක්
    වෙනවා නම් අගෙයි ඉක්මන් විවාහයක්
    ඉනුවා කටට කෙල සිහි වී මගුල් කේක්

    ReplyDelete