• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

මගේ කවි ලියීම ගැන. . .


“මළ දළු ලියලා

හරිත කොට අතු අග

දසත තෙත් වී

ගිම්හානය නිම කොට

වස්සානය පැමිණේ!”

__

෴මගේ කව් ලීයීම ගැන වදනක්෴

මා ලියන කව් කෙටි ය. සමහරු ඒ ගැන මගෙන් විමසා තිබේ. ඒ හෙයින් මා කව් ලියනා ආර ගැන යමක් පැවසිය යුතුය යි හඟිමි. කලින් දැක් වූ පරිදි මගේ කවි ලිවීම ආරම්භ වූයේ සිත් ගත් ලියකට ආදරය කිරීමට පටන් ගත්ඳා පටන් ය. එහෙත් මාගේ කෘති ප්‍රේමයට හෝ විරහවට පමණක් ලඝු නොවේ; මාගේ නිර්මාණයන් ජනිත වන්නේ සංකීර්ණ චිත්ත සංකල්පනාවන් රාශියකගේ ගේ ඝට්ටනයන් සහ දර්ශනීය දැක්මක් හේතු කොට ය. එය මෙසේ ය:

මගේ කාව්‍ය සඳහා පාදක වන්නේ මගේ ම ජීවන දෘෂ්ටිය යි. ඒ ජීවන දෘෂ්ටියට අන්තර්ග්‍රහණය වන්නේ එදිනෙදා ජීවිතයේ සොඳුරු ඇස ගිය තැන්ය. මගේ කවි මුලික වශයෙන් සංශිප්ත ජපන් “හයිකු” කව් ආරක් ගත්ත ද, ඒ කව්‍යයන් මෙන් විෂ්පොඨ නැත; ස්වභාව ධර්මයේ හෝ වචනවල ඇති උභතෝකොටිකයන් එයින් මතු කොට නැත.

මගේ කවිවල ඇත්තේ ජීවිත යයි. ජීවිතය දුක් කම්කටොලුවලින්, දුක්කදෝමනස්සයන්ගෙන් ගහන ය. එලෙස දුකෙහි පැවතිම පිළිබඳ ආගමික වශයෙන් හේතුන්ගේ වෙනසක් වෙයි. කවර හේතු ප්‍රත්‍යක් අරා දුක් හට ගත්ත ද, අපට ජීවත් වන්න ඇත්තේ ලැබී ඇති ලුහුඩු දින ගණනක් ය. ඒ උපතත් මරණයත් අතර ය. එනයින් මගේ කව් සංශිපත ය, ඒ ජීවිතයකෙටි මෙන් කවි ද කෙටි ය. සමහරක පෙළ දිග ය; සමහර පෙළ කෙටි ය. ජීවිතයත් එකඳු සමාන නැත; උස් ය; මිටි ය; අවිනිශ්චිත ය; අසම්භාවි ය. ජීවිතයේ සිඳුවීම් විටක දිගු ය; විටක කෙටි ය.

මගේ බොහෝ කව්වල එළිවැටත් හෙවත් සදැස් නැත; මගේ කවිවල ඇත්තේ නිසදැස් ය. එයින් ජීවිතයේ කවර පිළිවෙලක් වත් නැති බව විද්‍යමාන කර යි. අපට පෙනෙන ජීවිතය සඳහා පැහැදිලි අරුතක් නැත. ඉතිහාසයට අරුතක් දෙන්නෙකු සිටිය යුතු නමුදු ඉතිහාසට අපේ මනුෂ්‍ය දැක්මෙන් අරුතක් නැත. අරුතක් නැති ඉතිහාසයක පිළිවෙලක් ද නොහේ. ඒ හෙයින් ජීවිතය අස්තිරය: අවිනිශ්‍ය ය; නිත්‍ය නැති. එනයින් ජීවිතය ජීවත් වීමට සහ තුටු වීමට නොසැලීම හා උපේක්ෂාව අවශ්‍යය. නොසැලෙන දැක්මකින් සමබරතාව ඇති ව ජීවිත ලෙස බැලිය යුතුය. අරුත් නැති ලොවක අරුතක් ඇති ව ජීවත් වීම උගහට ය. ඒ සඳහා සංයමයක් අවශ්‍ය ය; සියුම් දැක්මක් අවශ්‍ය වෙයි.

ජීවිතය ඇත්‍තේ රිසි සේ සොම්නසින් ජීවත් වීමට මිස, ජීවිතය විසි කරන අභියෝගයන්ගෙන් වික්ෂිප්ත වන්නට නොවේ. අප කැමති වුවද, නැති ද, නියමිත දින ගණන ජීවත්විය යුතු ය. නැතහොත් ස්වඝාතනයෙන් මැරිය යුතු ය. මෙවැනි දැක්මක් නිශේධනීය හෙවත් ඍණාත්මක ය. එවැන් ජීවිතයක් ජීවත් වන්නේ කුමකට ද? ජීවත්වනවා නම් ජීවිතය දෙස සාධනීය දැක්මක් හෙලීය යුතු වෙයි. මැරුණු ජීවත් විමක් හෙවත් මළ ජීවත් වීමක් පතන්නේ කවරෙක් ද? එයට වඩා දිවි තොර කර ගැනීම යහපති. ඒ හෙයින් දුක් සහිත මේ කෙටි ජීවිතය දෙස සර්වසුබවාදී ලෙස බැලීමට ගත් ප්‍රයත්නයකි මගේ රචනය සහ කාව්‍ය නිර්මාණ ය. මෙනයින් මගේ පැතුම ද, තිර අධිෂ්ඨානය ද නම් කුමකින්, කවරකින් පැරදුණත් ජීවිතයෙන් නොපැරදිය යුතු බව ය. පුර්ණ ජීවිතයක් ගත කොට, මනා සේ තෘප්තිමත් මරණයක අපේක්ෂාව මගේ හද ගැඹරේ වූ පැතුම යි. මේ කවි ප්‍රතිධ්වනීය කරන්නේ ඒ අභිලාශය ම ය. මා දකිනා ලෙස ජීවිතය දෙස සොදුරු ලෙස බලා, තුටු සිතින් වින්දනය ලබන්නට ඔබට මේ කවි හේතු භූත වේවායි මා පැති ම෴

3 comments:

  1. බොහෝ කෙටි කවි වල මහා දිග කතාවක් ඇත . . . කවි රසවිඳින්න හුරුවක් ඇති අය ඒවා ඔවුන්ට හුරු වූ අයුරින් රසවිඳීවී.

    ඔබේ ශෛලිය වෙනස් කල යුතු නැතැයි මට සිතේ . .

    ReplyDelete
  2. කවියක් කියන්නෙ අයියෙ විඳින්න පුලුවන් දෙයක් මිසක් දිග පලල බලල පද ගාන බලල හොඳ නරක කියන්න පුලුවන් දෙයක් නෙවෙයි නේද???? අපි දන්න කොච්චර කවි තියනවද වචන 5කින් 6කින් සමස්ත මුලු ලෝකෙම ගැන කියන..... හැම කවියම ලස්සනයි අයියේ.... දිගටම ලියන්න....

    ReplyDelete
  3. ඔබලාගේ ධෛර්ය කිරීමට ස්තූතියි!

    ReplyDelete