• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

වෙනස

ඡයාරූපයක් මගින් ලියූ කවියකට අරුත සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මා කලින් ලියූ කවියකට මේ ඡයාරූපය ඇතුලු කළ විට එහි අදහස සම්පූර්ණයෙන් වෙනස් වේ. දැන් නැවත පහත දක්වා ඇති කවිය කියවා ඡයාරූපය හා සසඳා බලන්න:


ඔය ලෙන්ගතු මුහුණ

ලයාන්විත, අහිංසක බැල්ම

මා සුසුමෙන් පුරවයි. . .

5 comments:

  1. හැබෑටම...
    එකම වචන විවිධ තේරුම්...
    රූපයකට ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒකනේ මම කියන්නේ කතා කරන රූප කියල...
    අයියා කලින් ලීව පද ටික ලීවේ මේ පින්තූරය ගැන හිතලද...

    ඇත්තටම හරිම අනර්ඝයි...
    හිතේ සංවෙිදීම තැනකට නතා කරා කියල හිතෙනව...

    ReplyDelete
  2. මගේ ලියීම් විවෘතයි. එ කියන්නේ දකින අය, කියවන අයයි එයට තේරුම් එකතු කරන්නේ. කවිය ලිවීමේ පරමාර්ථය හා හේතුව මා දක්වන්නේ නැත්තේ එයින් ඔබ විඳි සංවේද අවිනිශ්චිත විය යුතු නිසයි. ස්තූතියි සටහනට!

    ReplyDelete
  3. හැගීමක් නැත්තම් අදහසක් පද වලට පෙරලද්දී ඡායාරූපයකට කල හැකි දේ බොහෝමයි...ඔබේ නිර්මානයෙනුත් එයමයි සිද්ඳ වී තිබෙන්නේ...

    සංවේදී වචන් තුලින් හදවතට කතා කරල කියලා දැනෙනවා

    ReplyDelete
  4. Ravin , word verification අයින් කලොත් අදහස් දක්වන අයට පහසුවක් වේවි. setting - comments setting වලින් ඔබට එය ඉවත් කල හැකියි

    ReplyDelete
  5. බාහිරින් ලැබෙන දත්තයන් වැඩි වෙන තරමට මනසෙ පැතිරිම අඩු වෙනවා රවින් අයියා.. එ කියන්නෙ වචන වලින් හදන දෙ රුපයෙන් වෙනස් වෙනවා. නිර්මාණයක් සාධාරනව රස විදීමෙදි අපි මුලින්ම විය හැකි සියල්ල හිතෙ මවා ගන්නවා, නමුත් තව ඉදිරියට යද්දි එකින් එක අයින් කරනවා.. එකම වචන කිපය ඇතුලෙ වෙනස් රුපයන්ට වෙනස් ආකාරයන් ඇති වෙන්නෙ එහෙම තමයි, නමුත් මෙතනට පසුබිම් සංගීතයක් වැනි එකතු වුනොත් තවත් එ සීමාව කුඩා කර ගැඹුරු කර හැකියි.... මම හොදට දැකලා තියන දෙයක් කෙනෙකුගෙ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න එ කෙනාගෙ නිර්මාණශීලිත්වය අඩු වෙනවා.. එ සංසිද්ධියයි, මෙ සංසිද්ධියයි අතර සමාන කමක් තියනවා යන්න.. දැනුනත් වචන වලට නගා ගන්න බැහැ.

    ReplyDelete