• ලොව පැරණිතම මත්කාරකය: බලකාමය - බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ...
    5 years ago

ඉවසාපන් උඹ!


බඩගිනියි නහුතයට ම

සිතලයි මේ වැසි රාත්‍රිය

අඳුර දවා දැල්වෙන පහනක්

මා ඉදිරියේ රතු කමිසකරුවෙක්

බෙදයි තැම්බූ කඩල මුදලට


කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .

කෑගසයි ඔහු අත සීනුව

බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .

හඬයි දුකින් මා කුස

පෙරළෙයි ඒ මේ අත. . .


කුමක් කරන්න ද?

මා අත මුදල් නැත


ඉවසාපන් උඹ

ඉවසාපන් මයේ රත්තරන්

ඉවසාපන් අම්මා

ඉවසාපන් මයේ පණ

ඉවසාපන් බඩ!

7 comments:

  1. ලස්සනයි පද ටික. ඒත් බඩ ගින්න ඉවසන්න එපා.

    ReplyDelete
  2. ඉවසන්න අමාරුමදෙ.. නමුත් පුරුද්දට ගියහම එක සාමාන්‍ය දෙයක් වෙනවා. හැබැයි තාම කිසි ලෙඩක් නැහැ.. සමහර වෙලාවට කොච්චර කැම තිබුනත් කන්න බැහැ.. හෙතු ගොඩයි, අතෙ සල්ලි නැහැ, හිතෙ පිරියක් නැහැ.., සගය ලඟ නැහැ .. එකම දෙවල්... කොහොම උනත් බඩ හරිම පුදුම දෙයක්

    ReplyDelete
  3. අයියා........ඈඳුම වෙනස් කරල ... ලස්සනයි...
    පද ටික නම් හරිම අගෙයි...
    ඔය ගින්න නිසයි අයිය ඔක්කම
    මම
    ෴වත්෴

    ReplyDelete
  4. අනේ දෙයියනේ........

    දන්නවද Ravin, ඔය "ඉවසන්න" කියන දේනෙ කරන්නම බැරි...
    ඊටත් වඩා බඩගින්න .......

    ඇත්තමයි...මේ කඩල පිගාන දැක්කම මට කඩල කන්නම හිතුනා :)

    ReplyDelete
  5. ආ....කියන්න බැරි උනා...අලුත් layout එක ලස්සනයි

    ReplyDelete
  6. කඩල විකුනන රතු කමිස කරුවාගේ බඩ ගින්න . . සමාජ අසාධාරණයට එරෙහිව කෑ ගහන ඔහුගේ හිත . . . ඇති එකාට වැඩි වෙන තරමටත් නැති එකාට බඩේ ගින්දර නිවා ගන්න තරම් වත් නැති එකටත් එහෙහි ඔහුගේ කේන්තිය . . චේ . . විජේවීර . . . කස්ත්‍රෝ . . . අනේ මන්දා මට නම් ගොඩක් දේවල් හිතෙනවා වගේ . . ..

    ReplyDelete
  7. @ ඉසිම්බුවා, රවා, වත්, දිල්,

    ස්තූතියි ඔබලාගේ සටහන්වලට. . . මා දින දෙකකට තුනකට කලින් අත් දැක්ක ශරීරික ව්‍යසනය ගැන කියවා දක්වා තිබූ අදහස්වලට.

    @දූකා,

    ඔබ මගේ හිත යට පිළිසිඳ ගත් දාර්ශනික අදහස පිළිබඳ හෝඩුවාවක් ලියා තිබුණා. අගේයි ඔබගේ දැක්ම. ඇත්තට ම කඩල කරුවා ඇදගෙන හිටියේ "රතු ටී ෂර්ට්" එකක්. එය "රතු කමිසකරුවෙකු" යනුවෙන් දැක් වූයේ මගේ හදේ හ‍ට ගත් දේශපාලන-සමාජවාදී ප්‍රවනතාවක් මතු කරන්නට කළ අදහසක් මත සිට. මෙයින් එක්තරා අතකට ගම්‍ය කරන්න උත්සහ කළේ තායිලන්තයේ සිඳුවීම් මාලාව. මා පැහැදිලි කිරීමක් ළඟදීම ලියන්නම්! ඔබගේ මනසේ සුසුරණය වන ආකාරය මාගේ අදහස්වලට සමගාමියි! ස්තූතියි සටහනට!!!

    ReplyDelete